Skip to main content

ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension


අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන කිහිපයක් තිබෙනවා. Gmail, Yahoo, Hotmail මගින් ලබාදෙන ඊ-මේල් සේවා අප අතර ගොඩක් ජනප්‍රියයි. මෙහිදී වැඩි අවධානයක් යොමුවන්නේ Gmail දෙසටයි.  Google සමාගම තම ආධිපත්‍ය අන්තර්ජාලය තුප පතුරුවා තිබෙන නිසාවෙන් ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කර ගැනීමට නම් ඔවුන් විසින් නොමිලේ සපයන Gmail සේවාවෙහි අප ලියාපදිංචි වී සිටින යුතුයි. ඔබ අප ලියන බ්ලොග් එකේ පටන්, තවත් බොහොමයක් දේවල් සිදු කරන්නේ මෙම ඊ-මේල් එක පාදක කරගෙනය. ඔබ දන්නවා නිතර අපේ ඊ-මේල් ලිපිණයට විවිද පුද්ගලයන් හෝ සේවා ඔස්සේ මේල් ලැබෙනවා. එහෙත් අප මෙය නිතර නිතර ඊ-මේල්යට පිවිස ඒ ගැන පරික්ෂා කිරීමට ගොඩක් අයෙක් මැලි වන දෙයකි. මෙයට සාර්ථක විසදුමක් ලෙස ඉදිරිපත් කල හැක්කේ. අප භාවිත කරන Web Browser එක තුලට එනම් Google Chrome/Mozilla Firefox තුලට Extension එකක් Install කරගනිමින් මෙම සේවාව ලබාගැනීමයි. මෙහිදි අප එක්වරක් අපගේ Email එකට Login වීමෙන් අනතුරුව අපට පැමිනෙන අලුත් මේල් මෙහි දැක්වීම මගින් අපට ඊමේල් එකක් පැමිණි විගස එක මොකක්ද, කාගෙන්ද යනාදී තොරතුරු සොයාබැලීමට පුළුවන. ඔබ දැනට Email කිහිපයක් භාවිත කරනවා විය හැකියි. එහෙත් මේ සියල්ලටම ලොග් වී බලන්න ගියොත් ඔබගේ කාලය අපතේ යාමක් විය හැකියි. එය අපට පහසු කරන්නෙ Multi Email Checker පහසුකමයි. මෙහිදී අප සතුව තිබෙන Email කිහිපයක් උනත් මෙමගින් Check කරගැනීමට පුළුවන. අලුතෙන් ඊමේල් එකක් ලැබුණු විට, එය මෙම Extension එක මගින් ඔබට දර්ශනය කරනු ලබයි. ඒ අනුව ඔබට ඒ පිළිබදව සොයාබැලීමට පුලුවන.

මෙහිදී අපට වැදගත්වන Extension කිහිපයක් තිබෙනවා මෙම Email Checker පහසුකම සපයාදෙන. මෙහි බොහොමයක් Extension තිබෙන්නේ Gmail සේවාවටයි. ඒ එය ලොව ජනප්‍රියම ඊ-මේල් සේවාව නිසාවෙනි. මෙහිදී අප සතු තිබෙන එක් Gmail එකක් Check කිරීමට විශේෂිත වූ Extension එකක් තිබෙනවා. එය හදුන්වන්නේ Google Mail Checker ලෙසටයි. මෙය ඔබේ Web Browser එක එනම් Google Chrome තුලට Web Store එක හරහා Install කරගැනීමට පුළුවන. එය Install කරගැනීමට මෙතනින් පිවිසෙන්න.


මෙය ක්‍රියාත්මක කිරීමට පුළුවන් Google Chrome Web Browser එක සදහා පමණි. ඔබ භාවිත කරන්නේ Mozilla Firefox Web Browser එක නම්, ඔබට ඔබගේ Gmail එක පරික්ෂා කිරීම සදහා Firefox සදහා නිර්මාණය කරනු ලැබූ Add-on එකක් Install කරගත යුතුයි. මෙය ඔබේ Web Browser එකට Install කරගැනීමට පුළුවන. මෙහි වැදගත් Extension කිහිපයක් තිබෙනවා. ඔබ කැමති Mail Check එකක් Install කරගන්න. Gmail Notifier Gmail Manager GMail Checker (මෙහි තිබෙන Gmail Manager Extension එක හරහා Gmail කිහිපයක් එකවර Check කරගැනීමට පුළුවන.)



ඔබ විසින් Google Chrome Web Browser එක භාවිත කරන පුද්ගලයෙක්, ඔබට Gmail කිහිපයක් Check කරගැනීමට අවශ්‍ය නම් ඉහත ලබාදුන් Google Mail Checker එකෙන් එය සිදුකර ගත නොහැක. එයට ඔබ Google Multi-Account Checker Extension එක ලබාගැත යුතුයි. මෙය Install කරගැනීමෙන් අනතුරුව ඔබගේ Gmail කිහිපයක් මෙය මගින් ස්වයංක්‍රීයව Check කරගැනීමට පුළුවන. මෙය Install කරගැනීමට මෙතනින් පිවිසෙන්න. මෙය මගින් අලුතෙන් ලැබෙන Email ගනන පෙන්වනවා සේම, ඒයා Gmail තුලට පිවිසීමෙන් තොරව Extension එක හරහාම කියවීමට, Mail Delete කිරීමට පුළුවන.



ඔබ විසින් සේවා කිහිපයට Email කිහිපයක් භාවිත කරනවානම් (Gmail, Hotmail, Yahoo, AOL, Daum, Naver, Nate, Paran) මේවාට Log වී එකිනෙක පරික්ෂා කිරීම අපහසු වන්නට පුළුවන. මෙම අපහසුතාවය මගහැර දීමට X-notifier Extension එක සමත්ය. මේ හරහා ඔබ සතුව තිබෙන Email සියල්ල මෙය මගින් Check කරගැනීමට පුළුවන. ඒවාට අලුතෙන් Email පැමිණි විට එය Extension එක හරහා ඔබට දර්ශණය කර පෙන්වයි. ඔබගේ Google Chrome Web Browser එක තුලට මෙය Install කරගැනීමට නම් මෙතනින් පිවිසෙන්න. Mozilla Firefox තුලට Install කරගැනීමට නම් මෙතනින් පිවිසෙන්න.

මේ විදිහට ඔයාලට Email Check කර ගන්න වඩාත් පහසුවේවි. මෙම Extension වලින් ඔබට අවශ්‍ය Extension එකක් ඔබේ Browser එක අනුව Install කරගන්න. ඔයාලට බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට, Follow පාරක්, Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් එබට සුභ දවසක් !

Comments

  1. ෆයර්ෆොක්ස් වලට මෙයින් එකක් හොයා හොයා අප්පා හිටියේ.. දාල තියෙන එක මගේ අළුත් වර්ෂන් එකට වැඩ නැති නිසා... මේක නම් මරු ඈ.. ස්තුතියි!!!
    ජය වේවා!!!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! පණුච්චි ! සිනා බො වේවා!!!

      Delete
  2. ඇත්තටම මලයා උඔනම් අදහන්න වටින කොල්ලෙක් මේව අපට කියලදෙන එකට පිං බං පි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ ඔයාටත් බ්ලොග් එක කියවනවට....

      Delete
  3. මෙයා ඉතින් කොම්පියුටර් ගිලලනේ ඉන්නේ,,අපි නම් තාම ආධුනිකයි..වැරදුනොත් කියල දියන් හොඳේ..
    ජය වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  4. ජය වේවා!!!!!
    ස්තූතියි

    ReplyDelete
  5. ada maru aaaaaaaa...wadi wadiyen labewa..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව