Skip to main content

ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam



ජංගම දුරකථන ක්ෂේත්‍රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර  තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ක්ෂේත්‍රයකටම විහිදුණු දෙයකි. වර්ථමානයේ ජංගම දුරකථන කේෂ්‍රතයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ සමාගම් අතර තිබෙන තරගකාරීත්වය නිසාවෙනි. 


ප්‍රක්ෂේපණ යන්ත්‍රය, නැත්නම් ප්‍රෙජෙක්ටරය යනු පිරිසක් ඉදිරියේ සිදුකරනු ලබද ඉදිරිපත් කිරීමකදී නැතිවම බැරි උපාංගයක්, රේඩියෝව, කැමරාව, රූපවාහිනිය ආදී වෙනත් බහුමාධ්‍ය උපරකණ මගින් සපයනු ලබන සේවාව සාක්කුවේ දමා ගෙන යා හැකි ආකරයට සරන කර දුන් ජංගම දුරකථනයට පිං සිදු වන්නට දැන් මේ ප්‍රොජෙක්ටරයත් ජංගම දුරකථනය සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන්.

මෙයත් විප්ලවීය ජංගම දුකරථන නිපැයුම්කරුවා සැම්සුන් සමාගමේ විස්මිත නිර්මාණයකි. Samsung I8520 Galaxy Beam නම් මේ ස්මාට් දුරකථනයේ විශේෂත්වය වන්නේ එය සතුව ඇති ප්‍රක්ෂේපන උපාංගයයි. ලුමින 15 ක (15 lumens) දීප්ත අගයක් සහිත මේ ප්‍රොෙජක්ටරය අඟල් 50ක් පළලැති අධි-විභේදන රූප රාමු තිරයක් හෝ බිත්තියක් මතට ප්‍රක්ෂේපනය කරනන්ට පුළුවන්.



Samsung Galaxy Beam දුරකථනයේ විශේෂාංගයන් -:
  • 15-lumen nHD වර්ගයේ ප්‍රොජෙක්ටරය.
  • සිව් පරාස GSM සහාය (GSM 850/900/1800/1900Mhz)
  • 3G සහාය (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps)
  • පික්සල 480 x 800 ක විභේදයක් සහිත වර්ණ මිලියන 16 ක් සහිත අඟල් 4 ක. TFT Capacitive වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය.
  • 1Ghz වේගයක් සහිත ARM Cortex-A9 වර්ගයේ Dual-Core ප්‍රොසෙසරය හා Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය.
  • 768 MB RAM මතකය.
  • 8GB අභ්‍යත්තර මතකය / MicroSD කාඩ් මගින් වැඩිදියුණු කල හැකි.
  • Android v2.3.6 Gingerbread මෙහෙයුම් පද්ධතිය
  • LED Flash සහිත මෙගාපික්සල 05 ක Auto-Focus කැමරාව සහ 720 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.


අලුත් තාක්ෂණයෙන් යුතු විවිද වර්ගයේ දුරකථන ලෝකයට හදුන්වාදීම සමාගම් අතර තරඟකාරීත්වය නිසා බෙහෙවින්ම වැඩි වී තිබෙනවා. මමද පෞද්ගලිකව මෙම දුරකථනයට බෙහෙවින් කැමතියි. ඔයාලත් කැමති ඇති. ඔයාලගෙ අදහස් බ්ලොග් එකේ පල කරලා යන්න. ෆේස්බුක් එකෙන් එන අයටක් Disqus එකෙන් Login වෙලා Comment කරන්න පුළුවන්. ස්තූතියි ලිපිය කියෙව්වට. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක් !

Comments

  1. නියමයි මචං

    ReplyDelete
  2. නියම පොස්ට් එක මචං

    ReplyDelete
  3. එල මචන් හසී ...සුපිරි :D

    ReplyDelete
  4. නියම වැඩක් හසිත එල කිරි ...............

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නියමයි! ජය!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...