Skip to main content

SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව


SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතර, මෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීත, ජායාරූප, විඩියෝ, කුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි. මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීම, මුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කර, ඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාවන් සමගම iOS සහ Windows Phone 7 සදහා SkyDrive Apps නිකුත් කර තිබීම නිසා ඔබගේ ජංගම දුරකථනය හරහා උනත් මෙම ගිණුම හැසිරවීම සිදු කල හැකියි.


මෙම සේවාව ඔබ ලබාගැනීමට නම් ඔබ විසින් Hotmail ලිපිනයක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් SkyDrive සේවාම ලබාගත හැකියි. එසේති නැතිනම් අළුතෙන් Windows Live ID එකක් තනා ගැනීම ඉතා පහසු ක්‍රියාවකි. පසුව https://skydrive.live.com සබැඳිය ඔස්සේ මෙයට පිවිසිය හැකියි. එහිදී ඔබේ Windows Live ලිපියන සහ රහස්‍ය අංකය ලබාදී ඔබගේ ගිණුමට පිවිසෙන්න. 



ඔබ Google Chrome හෝ Mozilla Firefox Web Browser හි නවතම සංස්කරණයන් භාවිත කරනවානම් මෙයට ඔබගේ පරිගණකයේ තිබෙන File එකක් Drag කර මෙය තුලට Drop කිරීමෙන් එම File එක Online  Storage එකට Upload කිරීමට පුළුවන. එසේත් නැතිනම් ඔබට මෙහි තිබෙන Upload Button එක Click කර, සාමාන්‍ය පරිදි පරිගණකයේ File එක තිබෙන Path එක තෝරා දීමෙන් අනතුරුව Upload කිරීමටද පුළුවන. එසේත් නැතිනම් මෙහිදී අපට ලබාදෙන SkyDrive මෘදකාංගය හරහා උවද පරිගණකයේ සිටම මෙම ගිණුම ප්‍රෙයෝජනයට ගත හැකියි. මෙයට ඔබ පරිගණකයේ තිබෙන පිංතූරයක් Upload කරන විටදී එය ස්වංක්‍රීයව පික්සල 2048 ප්‍රමාණයට Convert කරලීම සිදුවන අතර, මෙහි සැකසුම්ද ඔබට අවශ්‍ය පරිස සකස් කරගැනීම් පහසුකම් සලසාදී තිබේ.


මෙයට අප පරිගණකයේ තිබෙන ලිපි ගොනු, ජායාරූප Upload කරලීම පමනක් නොව, මෙහිදීම Word, Excel, Power Point, One Note වැනි Document සැකසා ගැනීමටද පුළුවන. ඒ සදහා මෙහි ඉහලින් තිබෙන Create බට්න් එක ක්ලික් කර අවශ්‍ය Document වර්ගය තොරගෙන එය සකස්කරගැනීමට පුළුවන. ඔබ විසින් සකස් කරගන්නා Document සදහා Folder සකස් කරමින් පිලිවලට ගබඩා කරලීමටද පුළුවන.

ඔබට SkyDrive මගින් විවිද වෙබ් අඩවි තුලට විහිදී යන Sharing පහසුකමක් හිමිකරදී තිබෙනවා. මෙහිදී ඔබට අවශ්‍ය File එක් Folder එකකට දමා, එම Folder එක Share කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී තවත් පුද්ගලයෙකුට මෙම File බලාගැනීමට හෝ Edit කර නැවත Save කිරීමට අවස්ථාව ලබාදේ. මෙම පහුසුකම කාර්යාල වල සේවය කරන අයට සහ අධ්‍යාපන කටයුතු සදහා සිසුන්ට ප්‍රයෝජනවත් පහසුකමකි. මෙහිදී ඔබ විසින් එක එක් Folder එක සම්පූර්ණයෙන් Share කරලීම සේම, අවශ්‍ය නම් ඒවායෙහි ඇති තනි තනි File තොරාගෙන Save කරලීමටද පුළුවන.

SkyDrive සදහා අපිට ලබාදෙන සේවාවක් අතර Social Network Sharing පහසුකම බොහෙවින්ම උපකාරී වේ. මෙහිදී ඔබ සතුව තිබෙන පිංතූරයක්, SkyDrive තුළට Upload කිරීමෙන් අනතුරුව එය ඔබගේ Social Network තුලට Share කරලීමේ පහසුකම හිමිවේ. එහිදී Share කල පිංතූරයට Comment කිරීමේ හැකියාව සේම, එම පිංතූර වල Privacy Setting ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරලීමේ පහසුකමද හිමිකර දී තිබේ.

මෙහි ඔබ විසින් Upload කර, Folder සකස් කර පිළිවෙකද සාදාගන්නා ලද ගොණු තුල Right Click කිරීමෙන් එයට අදාලා Action මෙනු එකක් දැක ගැනීමට පුළුවන. මෙහිදී එය Share කිරීමට, Download කිරීමට, Move කිරීමට, Delete කිරීමට, Folder එක Rename කරලීමට හෝ Print කර ගැනීමට ලබාදීම වැනි පහසුකම් ගනනාවක් ක්‍රියාත්මක කරවා ගත හැකියි. ඒ වගේම මෙහි තිබෙන Embed විධානය භාවිත කර, ඔයගේ වෙබ් පිටුවකට හෝ බ්ලොග් පිටුවකට මෙය Link කරගැනීමේ හැකියාව තිබේ.

මෙහිදී අපට Microsoft සමාගම විසින් මෙම SkyDrive සේවාන ලබාදෙනවා සේම, මෙය අපගේ පරිගණකයට සෘජුවම සම්බන්ධ කරලීමේ පහසුකම් ලෙසට SkyDrive Apps Windows Operating System තුලට ලබාදී තිබෙනවා. එහිදී ඔබට වඩාත් පහසුවෙන් මෙම SkyDrive ගිණුම හැසිරවීමට පුළුවන ඔබගේ පරිගණයේ තිබෙන Hard Drive එකක් ආකාරයටම. මුන්ම ඔබ මේ සදහා SkyDrive Apps එක Download කර Install කරගත යුතු වනවා. ඒ සදහා මෙතනින් පිවිසෙන්න. එහි ඇති උපදෙස් පිළිපැද මෙය Download කර Install කරගන්න.


මෙය ඔබේ පරිගණකයට Install කරගැනීමෙන් අනතුරුව ඔබගේ තිබෙන Windows Live ගිණුමට Log වන්න, මෙම Apps එක හරහා. එසේති නැතිනම් අලුතෙන් Live Account එකක් සකස් කරගැනීමටද පුළුවන.


ඉන්පසුව ඔබට මේ ආකරයට ඔබගේ SkyDrive ගිණුම පරිගණකයේ හිද පාලණය කිරීමට පුළුවන. මෙය වඩාත් පහසුයි. Browser එක හරහා Account එක වෙල Log වීමට අවශ්‍ය නැහැ. මෙහිම සිට සියළු කටයුතු කර ගත හැකිය.


මේ ආකාරයට, ඔබටත් අන්තර්ජාලය තුල 25GB Online Storage එකක් නොමිලේ ලබාගැනීමට පුළුවන. ඔබගේ ලිපි ලේකන තැම්පත් කර තැබීමට මෙය වඩාත් උචිතයි. ඔබට මේ ලිපි වැදගත් නම් අපේ බ්ලොග් එකට සහයෝගයක් එකතු කරන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් ඔබට සුභ දවසක් !

Comments

  1. පරිගණක පිළිබඳ ඔබේ දැනුම අන් අයට ලබාදෙමින් ඔබ කරනා මෙහෙවරට අපගේ ස්තුතිය.

    ReplyDelete
  2. මම හොයපු දෙයක්. බොහොම ස්තූතියි හසිත............

    ReplyDelete
  3. mm.. thawa liyanna.. man book mark akak tiyagatha blog akata

    ReplyDelete
  4. මචන් මේකම තමයි ගූගල් ඩ්‍රයිව් කියන්නෙත්. මයික්‍රොසොෆ්ට් එක පුරුදු පරිදි කොපි කරල.

    ReplyDelete
  5. බොහොම වැදගත් ලිපි මාලාවක්. ගොඩක් ස්තුති ඔයාට. මට දැනගන්න පුලුවන්ද එකපාර folder ekak uploard කරගන්න විදියක්

    ReplyDelete
  6. බොහොම වැදගත් ලිපි මාලාවක්. ගොඩක් ස්තුති ඔයාට. මට දැනගන්න පුලුවන්ද එකපාර කරගන්න විදියක්

    ReplyDelete
  7. පට්ට මචන් උබේ බොලොගිය.... එළ පිට් එකේ වැඩ ටික කරගෙන් පලයන්.. (y)

    ReplyDelete
  8. මේකනම් නියම වැඩකාරයෙක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.