Skip to main content

Facebook, Twitter, WordPress, OpenID, IntenseDebate සියල්ලගෙන්ම ඔබේ Blog එකට Comment කල හැකි පහසු ක්‍රමයක්


අපි අතර සිටින Blog ලියන යාළුවන්ට සහා Blog එකක් අලුතින් පටන්ගන්න හිතාගෙන ඉන්න යාළුවන්ට වැදගත් වෙන අලුත් විදිහෙ Comment Box එකක් ගැන ඔයාලට කියන්න අදත් ආවා අලුත් පොස්ට් එකක් අරගෙන. ඔබ දන්නවා ඇති, Blog එකකට වැඩිම Traffic එකක් ගන්න පුළුවන් හොදම තැන Facebook Social Networking Web Site එක බව. එහෙත් අප බ්ලොග් එක ක්‍රියාත්මක වන්නේ Google යටතේ බැහින්, අප බ්ලොග් එකහි Comment කිරීම සදහා අවම වශයෙන් Google + Account එකක්වත් අවශ්‍ය වනවා. එහෙත් අප අතර සිටින බෝහෝ පිරිසක් Google සේවා අඩු වශයෙන් භාවිතයට ගැනෙනවා කියුවොත් මම හරියි කියලා සිතනවා. සාමාන්‍ය පුද්ගලයෙන් බ්ලොග් එකක් කියවන්න ආවාම, අපේ බ්ලොග් එකේ Comment කරන්න එහුට හෝ ඇයට Google සේවාවක් නොතිබීමට පුලුවන්. එහෙත් ඔඉ දනිනවා මිලියන 900 ක් සිටින Facebook ගිණුමක් නොතිබෙනවා කියතොත්, අය අදහගන්නටත් අමාරු වෙන තරම් ලංකාව තුලත් වර්ථමානයේ Facebook බෙහෙවින්ම ජනප්‍රියයි. Facebook හැරුනුකොට Twitter Social Network එකෙහි හෝ ගිනුමක් තිබෙන්නට පුලුවන. එසේති නැතිනම් Open ID හෝ Wordpress ගිණුමක් තිබිය හැකියි. මේ Account කිහිපයෙන් එකක් හෝ ඔබට ඇති නම් ඔබේ බ්ලොග් එකට එන Visitor ට Post එකට Comment එකක් ඇතුලත් කරන්න පුළුවන් දැන් පහසුවෙන්වෙන්ම. ඒ සේවාව අපට ලබාදෙන්නේ Intensedebate හරහාය. ඔබට මේ වන විටත්  Intensedebate ගිණුමක් හිමි නම් ඔහුටද ඒ ගිණුම හරහා උවත් Comment කරන්නට පුළුවන. ඔබේ බ්ලොග් එකට ගොඩක් Visitors එනවා ඇති. මට වගේ :D එහෙත් Blog එකේ ඔයා ලියන Post වලට Comment අඩුයි  නම්, මෙය ඔබට රුකුලක් වේවී යැයි මා සිතමි. 

IntenseDebate යනු බොහොමක් ජනප්‍රිය අංලකාරවත් Comment System එකකි. මෙය සහය දක්වන්නේ අපගේ Blog වලට පමණක් නොවේ. WordPress, Tumblr සහ බොහොමයක් Blogging/CMS Platforms සදහා මෙය සහය දක්වහි. මෙම සේවාවට සමාන තවත් සේවාවන් තිබෙනවා. ඒ පිලිබදව මීට පසු පල කෙරෙන ලිපි වලින් ඔබව දැනුවත් කරන්නම්. මෙම සේවාව ලබාගැනීමෙන් අනතුරුව ප්‍රධාන පහසුකම් යටතේ ඔබට බොහොමයක් පහසුකම් ලැබෙන අතර, තවත් අමතර සේවා ඔබකේ කැමැත්ත අනුව තොරාගෙන IntenseDebate වෙතට ඇතුලත් කරගැනීමටද පුළුවන. මෙහි තිබෙන ප්‍රධාන පහසුකම්...

  • Comment Threading.
  • Reply-By-Email.
  • Email Notifications.
  • Commenter Profiles.
  • Moderation/Blacklisting.
  • Reputation Points & Comment Voting.
  • Plugins API.
  • OpenID.
  • Widgets.
  • Twitter Connect.
  • Facebook Connect.
  • RSS Readers & Tracking.
IntenseDebate සේවාව යටතේ ඔබේ බ්ලොග් එකට ඇතුලත් කරන Comment එකකට Image එකක් එහෙම නැතිනම් Chat Smiles එකක් උවත් යෙදීමට පුළුවන. ඔබ Profile එකකින් Comment කරන විට එහි පැහැදිලි පිංතූරයක්ද බ්ලොග් එකෙහි දිස්වන ආකාරයෙන් සකසාගත හැකියි. මීට අමතරව තවත් බොහොමක් සේවා මෙම IntenseDebate හරහා ඔබට හිමිවනු ඇත. ඒ ගැන ලිපියෙහි පහලින් බලමු. මුලින්ම අපි බලමු මෙම සේවාව සක්‍රීය කරගන්නා ආකාරය.

01) ඔබගේ Blog එකෙහි දැනට තිබෙන Template එකෙහි Backup එකක් HardDisk එකට හෝ වෙනත් Storage Device එකකට ලබාගන්න.


02) Backup එක ලබාගැනීමෙන් අනතුරුව IntenseDebate.com වෙතට පිවිස එහි Register වන්න. (I want to install IntenseDebate on my blog or website) - දෙවන Option එක Select කරගන්න. 


03) IntenseDebate හි Account එක Create කරගැනීමෙන් අනතුරුව ඔබගේ Email එකට IntenseDebate අඩවියෙන් Email පිණිවුඩයක් ලැබෙනවා. එය ඔබගේ ගිණුම Verify කරගැනීම සදහාය. එහි ඇති Link එක Click කර Account එක Verify කරගැනීමෙන් අනතුරුව, මෙම http://intensedebate.com/install ලිපිනයට පිවිසෙන්න. (නැතහොත් එහි දැක්වෙන Install IntenseDebate හි ක්ලික් කර ඉදිරි පියවරට යොමුවන්න)

04) ඉහත රූපයේ ආකරයට ඔබට මෙම පියවරේදී ඔබලේ Blog අඩවියේ URL එක ඇතුලත් කරන Next Step එකට පිවිසෙන්න. 


05) මෙම පියවරේදී ඔබට  Display IntenseDebate Comments on: යටතේ Option එකක් දක්නට ලැබේවී. එහින්,
  • අලුතෙන් පල කරන ලිපි සදහා පමණක් මෙය ඇතුලත් කර ගැනීමට අවශ්‍ය නම්, පලමු Option එක Select කරන්න.
  • මීට පෙර පල කෙරුනු Post සදහාද මෙම Comment Box එක ඇතුලක් කර ගැනීමට නම් දෙවන Option එක භාවිත කරන්න
ඔබගේ කැමැත්ත අලුව Option එක තොරා ගැනීමෙන් අනතුරුව. Choose File බට්න් එක ඔබා, ඔබ විසින් ප්‍රථමයෙන් Download කරගත් Blog Template එකෙහි Backup එක තිබෙන Path එකෙන් එය තොරා දෙන්න. පසුව Upload file and Continue බට්න් එක ක්ලික් කරන්න.



06) මෙම පියවරේදී ඔබට විසින් Upload කරනු ලැබූ XML File එකට IntenseDebate Comment Box එක අතුලත් කරමින් සකස් කෙරුනු HTML Code එක ඔබට දැකගැනීමට පුළුවන. මෙම Code එක Copy කරගන්න ඒ සදහා (Ctrl + C) භාවිත කරන්න. පසුව ඔබේ බ්ලොග් එකෙහි HTML Editor එකට පිවිසෙන්න.


07) HTML Editor එකට පිවිසීමෙන් අනතුරුව ඔබගේ දැනට තිබෙන HTML එක All Select කර ගන්න. ඒ සදහා (Ctrl + A) යතුරු එකවර තද කරන්න. Select වීමෙන් අනතුරුව ඉහත පියවරෙන් ඔබ විසින් Copy කරගත්, IntenseDebate Comment Box එක ඇතුලත් HTML Code එක මෙයට Paste කරන්න. ඒ සදහා (Ctrl + V) යතුරු එකවර තද කරන්න. HTML Code එක Paste කර අවසානයේ මෙහි තිබෙන Save Template Button කරන ඔබන්න. එහිදී  IntenseDebate Comment Box එක සහිත Template එක ඔබේ බ්ලොග් අඩවියෙහි Save වනු ඇත. පසුව ඔබ අලුත් Post එකක් (Testing) එකක් විදිහට ඇතුලත් කර බලන්න (පෙර පැවති Post වලටත් මෙය ඇතුලත් කිරීමේ Option එක භාවිත කලා නම්, කලින් ලියූ පොස්ට් එකක් Open කර බලන්න, ඔබට මෙම  IntenseDebate Comment Box එක පහත ආකාරයෙන් දකනට ලැබේවී. 


Template එක Save කිරීමෙන් අනතුරුව ඔබේ Comment Box එකත් මේ ආකරයෙන් අලුත් වී තිබෙයි. එහෙත් ඔබට මෙහි අඩුවක් පෙන්න තියෙනවා නේද? කෝ මේ කියපු Facebook Login එක. හ්ම්...මේ සදහා අප විසින් Facebook Apps එකක් Create කරගැනීමට අවශ්‍ය වෙනවා. Facebook Apps එක හා සම්බන්ධව තමයි මෙයි Facebook Login එක යටතේ Visitor කෙනෙකුට Comment කිරීමේ හැකියාව හිමිවන්න. අපි බලමු Facebook Apps එක Create කරගන්නා ආකරයට.

01) මේ සදහා පලමුවෙන්ම මෙම ලිපියට පිවිසෙන්න  http://www.facebook.com/developers/createapp.php පසුව එහි Create New Apps බට්න් එක ක්ලික් කරන්න.


02) අනතුරුව Create New Apps ලෙස දැක්වෙන කවුළුවෙහි, App Name සහ App Namespace යොදාගන්න (මෙය ඔබගේ බ්ලොග් අඩවියට අදාල නමක් භාවිත කිරීම වඩාත් සුදුරු වේවී) පසුව Continue බට්න් එක ක්ලික් කරන්න.


03) මින් අනතුරුව ඔබට විසින් Create කරගත්තා වූ App එක දක්නට ලැබේවි. එහි දක්නට ලැබෙන Website with Facebook Login යටතට ඔබගේ Blog එකෙහි URL එප පහත ආකාරයට ලබාදෙන්න. පසුව පහල තිබෙන Save Change බට්න් එක ක්ලික් කරන්න.

04) එය සකස් කර ගැනීමෙන් අනතුරුව App එකෙහි App ID එක Copy කරගන්න.


IntenseDebate සදහා අවශ්‍ය Facebook App එක මේ වන විට සකස් කර අවසන්, දැන් අපට තිබෙන්නේ මෙය  IntenseDebate යටතට App ID එක ලබාදීමටයි. මේ සදහා ඔබ මුලින්ම ඔබේ  IntenseDebate ගිණුමට ලොග් වී. එහි Setting වෙතට පිවිසෙන්න. තැතහොත් මෙම ලිපිනයෙන් එතනට පිවිසෙන්න  http://intensedebate.com/edit-site-comments එහිදී පහත ආකාරයෙන් ඔබට දැකගන්නට ලැබේවී. 


මෙහි ඔබ ඉහතින් Copy කරගත්තා වූ App ID එක ලබාදෙන්න. පසුව අවශ්‍ය නම් Twitter Login එකත් Approve කරන්න Tick එකක් හොදන්න පහති තිබෙන Twitter Option එකට. බලන් පහත Option ටිකත්, මෙයින් ඔබට අවශ්‍ය Option සියල්ල Select කරගන්න.


අවශ්‍ය Option Select කරගැනීමෙන් අනතුරුව පහල තිබෙන Save Setting බට්න් එක ක්ලික් කරන්න. මෙහි තව Layout එය යටතේද ඔබට වැදගත් Option කිහිපයක් දක්නට ලැබෙනවා. එයට පිවිස අවශ්‍ය ආකාරයට එයද සකස් කර Setting Save කරගන්න.


මෙහි Comment Per Page සංඛ්‍යාව ඔබට හිතැති ආකාරයටකට ලබාදෙන්න උපරිමය 100ක් වුවත් ලබාදිය හැකියි. එසේම Comment Box එකට ඉහලින් Visitor ව ඔබේ පණිවුඩයකින් දැනුවත් කරන්න Text එකක් යොදාගන්නත් පුළුවනි. පසුව Save Setting Button එක Click කරන්න.

මෙහිදී අපට ගොඩක් වැදගත් වන දෙයක් යන්නේ මෙහි දක්කනට ලැබෙන Plugins එකතුව. මෙමගින් ඔබේ Comment Box එක තව තවත් අලංකාරවත් කරගන්න පුළුවන. ඔබට අවශ්‍ය Plugin එක ඉදිරියෙන් තිබෙන Activate ලින්ක් එක ක්ලික් කර විට Comment Box එකට Plugins එක ක්ෂණිකව ඇතුලත් කර ගැනීමට සහ එය ඉවත් කරගැනීමට අවශ්‍ය නම් Deactivate කල හැකියි.




මමත් මෙම Comment Box එක යොදාගත්තා. අත්හදා බැලීමක් විදිහට, මේ තියෙන්නේ මා සැකසුම් සකස් කරගැනීමෙන් අනතුරුව ලබාගත් Comment Box එක.


මේ ආකාරයට ඔබේ Blog එකටත්, Visitor කෙනෙකුට පහසුවෙන් Comment කරන්න පුළුවන් Comment Box එකක් අතුලත් කරගැනීමට පුලුවන. මෙය ඇතුලත් කරගැනීමෙන් Comment අඩු Blog වලට Comment එකතු වීම සිදු වේවි. ලිපිය ඔයාලට වැදගත් නම් අපේ බ්ලොග් එකට පුංචි සහයොගයක් විදිහට Follow පාරක්, Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න, තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ඔබ සැමට සුභ දවසක්. ස්තූතියි !

Comments

  1. වැඩේ නන් එල ඇ.. ඒ උනාට ආයේ HTML Editer එක වෙනස් කරන්න බෑ.. අච්චාරු වෙලා.. :/

    ReplyDelete
  2. එච්චර වෙනසක් වෙන්නෙ නැහැ. අලුත් Script එකක් Add වෙච්ච නිසා ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. backup එක අතේ තියෙන නිසා අවුලක් නැහැ (Y)

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. වැඩේ හොඳයි. ඒත් මේක දාපුවාම කමෙන්ට්ස් ගණන කියද කියල පෙන්නන්නේ නෑනේ මලයා.ඒ එක්කම fb page එකේ දාන කමෙන්ට් blog එකට ගෙන්න ගන්න හැකිද කියලත් කියන්න. ඔබගේ මේ සේවාව විශිෂ්ඨයි.

    ReplyDelete
  9. සමාවෙන්න මෙන්න මගේ ලින්කුව මෙතෙන්ට ගොඩවෙලා මගේ අඩුපාඩුව පෙන්නල දෙන්න මලේ.http://samakayawate.blogspot.com

    ReplyDelete
  10. @Naleen Dilruksha හ්ම්...ඒත් එහෙම ප්‍රශ්ණයක් නැහැනෙ...Comment Count වෙනවා...Fan Page එකේ Comment Blog එකට Import කරන්නවත් Link කරන්නවත් බැහැ... User Account එකෙන් Log වෙලා, Blog එකේ Comment දාන්නම ඕනේ..එහෙම නැත්තම් Facebook Developer API Use කරලා Comment Box එකක් Post එකේ පහලින් දාගන්න පුළුවන්...Import කරන්න නම් බැහැ දන්න තරමින්...

    ReplyDelete
  11. @Naleen Dilruksha හ්ම්...මම කලින් දවසක ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදිලි තියෙනවා...හ්ම් වරදක් නැහැ හොදයි...ස්තූතියි !

    ReplyDelete
  12. ස්තුතියි මිත්‍රයා. මගේ හෝම් පේජ් එකට ගියාම කමෙන්ට ගනන කීයද කියලා පෙන්නන්නේ නෑ

    ReplyDelete
  13. පට්ට පට පට .මේක මාත් දාගන්නවා මගේ බ්ලොග් එකටමෙන්න මගේ blog එක

    ReplyDelete
  14. @Naleen Dilruksha....හ්ම්..සහෝ අය පාරක් HTML එක ඇඩ් කරලා Script එක Replace කරලා බලන්න...

    ReplyDelete
  15. @ඇස් වගේ...හ්ම් එලකිරි...මාත් එන්නම් ඒ පැත්තෙ (Y)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව