QR Code මුලින්ම භාවිතයට ගන්නේ රථවාහන කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසටයි. ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. අප ලබාගන්නා පාරිභෝගික භාණ්ඩයක, ඉලොක්ට්‍රොණික උපාංගයක් හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැදි ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් තත්වයේ ක්‍රමයක් ලෙස QR Code හදුන්වා හිය හැකිය. ඇහි ඇතුලත් කේත ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබාගත හැකි නිසා Quick Response Code - QR Code ලෙස මේවා නම් කර තිබේ. බාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක මාන ලෙසය. එහෙත් QR Code එකක තොරතුරු ගබඩා වන්නේ ද්විමාන ලෙසටයි. ඒ සමචතුරස්‍රාකාර හැඩයක් තුල කුඩා කොටු ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේ. මෙහි තිබෙන ප්‍රධාන වාසිය නම් බාර් කෝඩ් එකක තැම්පත් කල හැකි තොරතුරු ප්‍රමාණය 2cm තරම් කුඩා ඉඩකින් QR Code එකක් තුල අඩංගු කල හැකි වීමයි.
මෙම QR Code ජපානය, ඇමරිකාව සහ යුරෝපා රටවල ද බොහෙවින්ම ප්‍රචලිත වී තිබේ. මෙහි තිබෙන ප්‍රධාන ලක්ශණයක් වන්නේ භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එකතු කිරීමේ මාධ්‍යක් ලෙස OR Code ක්‍රියාකරලීමයි. අපි විසින් QR Code ක්‍රියාත්මක කරවා ගැනීමට නම් අවශ්‍යතා දෙකක් සපුරාගත යුතුයි. පළමු වන්න QR Code Reader මෘදුකාංගයක්, දෙවනුව මෙම මෘදුකාංගය Install කල හැකි පුද්ගල පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යතාවය වේ. ලෝකයේ වැඩියෙන්ම QR Code භාවිතයට ගැනෙන්නේ ස්මාට් ජංගම දුරකථන ආශ්‍රිතවයි.
අපි විසින් සකස් කරගන්නා QR Code එකක් තුලට අක්ෂර 4296 ක් සහ අංක පමණක් නම් 7089ක් උපරිම වශයෙන් සමචතුරස්‍රාකාර QR Code එක තුලට ඇතුලත් කර තැබිය හැක. මෙයට ඔබේ වෙබ් ලිපිනය, නිෂ්පාදිත හෝ වෙළදනාමයන්, පෞද්ලික ලිපිනය, දුරකථන අංකය හා තමාගේ නම්පත් උවත් ඇතුලත් කර තබාගත හැකිය. මෙහි භාවිතය වඩාත් පහසුවන්නේ ස්මාට් ජංගම දුරකථනයක් හෝ පුදරගල පරිගණකයක් ආදාරයෙන් කැමරාව යොමු කර QR Code Reader එක විවෘත කර මේ කේතය ස්කෑන් කල විට ස්වංක්‍රීයවම අදාලා වෙබ් අඩවියට පිවිසීමයි. මෙම QR Code එකක් කියවීමට ගත වන්නේ තප්පර 05ක තරම් කුඩා කාලයක් නිසා වඩාත් කාරයක්ෂම වේ. මෙහි කියවීමෙන් අනතුරුව එහි ඇතුලත් වන නම්පත් ඔබගේ දුරකථනයේ Contact List එක තුලටද ඇතුලත් කර ගැනීමට පුළුවන. ඇමරිකාව, ජපානය වැනි දියුණු රටවල දුම්රිය කලාසටහන් මේ ආකාරයටද මුද්‍රණය කර තිබේ. කුඩා ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබා ගත හැකි නිමා මෙය ඉතා වාසිදායක ප්‍රචාරක ක්රමයකි. ඔබ සතු QR Code එක පලුදු වී ඇත්නම් එහි ඇති දෝෂ සහිත තැන් නිවැරදි කර කියවීමට (Error Correction) මේ යාන්ත්‍රනයට හැකියාවක් ඇත.
QR Code එකක් සකස්කර ගැනීම
QR Code එකක් සකස් කර ගැනීමට ඔනෑම කෙනෙකුට පුළුවන. තමන්ට අවශ්‍ය තොරතුරු ඇතුලත් කර QR Code එක සකස් කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිස ඔබේම QR Code එකක් සකස් කරගන්න. http://www.i-nigma.com/createBarcodes.html
QR Code එකක් සකස් කර ගැනීමට ඔනෑම කෙනෙකුට පුළුවන. තමන්ට අවශ්‍ය තොරතුරු ඇතුලත් කර QR Code එක සකස් කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිස ඔබේම QR Code එකක් සකස් කරගන්න. http://www.i-nigma.com/createBarcodes.html
QR Code එකක්
කියවීම (ස්මාර්ට් ජංගම දුරකථන ආදාරයෙන්)
QR Code එකක ඇති දත්ත කියවීම සදහා නිර්මාණ කෙරුනු මෘදුකාංගයක් (Apps) එකක් ස්ථාපනය කරගත යුතුය. මෙම QR Code තාක්ෂණය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ජංගම දුරකථන අතර නිසා මේ සදහා නිර්මාණය කෙරුනු විශේෂිත ඇප්ස් ඔබගේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතින අනුව තොරාගත යුතුයි. එසේති නැතිනම් ටැබ්ලට් පරිගණකයටකට උවත් මෙම Apps Install කරගත හැකිය.
Led Laser (iOS සහ Android සදහා)
iOS - http://goo.gl/glW84
Blackberry - http://goo.gl/NgWfb
මෙම QR Code Reader මෘදුකාංගයක් සියල්ල ඔබට නොමිලේ Download කරගත හැකියි. Download කරගැනීමෙන් අනතුරුව ඔබේ ස්මාර්ට් දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට Install කරන්න. පසුව එය මෘදුකාංගය විවෘත කරන්න. එවිට ඔබේ කැමරාවට පිවිස එහි දර්ශ්‍න එමගින් ඔබට පෙනේවී. පසුව QR Code එක වෙතට කැමරාව නිවැරදිව අල්ලාගෙන සිටින්න තප්පර 05ක් පමණ, එහිදී එය කියවීමෙන් අනතුරුව තිරයේ ඇයි වූ දත්ත ඔබට දිස්වනු ඇත. මෙහිදී කැමරාව නොසෙල්වන පරිදී ස්තීරවව අල්ලාගත යුතුයි. මෙහි දැක්වෙන QR Droid මෘදුකාංග මගින් QR Code Read කිරීමට වෙන්ම අලුතින් QR Code එකක් Create කරගැනීමට පහසුකම් ලබාදී තිබේ.
මේ ලිපියෙන් ඔබ නොදත් කරුණු කිහිපයක් හෝ දැනගන්න ඇති. අපට පොඩි සහයෝගයක් හැටියට අපේ බ්ලොග් එකට Follow පාරක්, Post එකට Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න. හැමෝටම සුභ දවසක් ! අලුත් ලිපියකින් හමුවෙමු...
නියමයි ගොඩක් වැදගත් ලිපියක් ජය වේවා..!
ReplyDeleteමේක නියම වැඩක්. ගොඩක් වැදගත් ලිපියක් ජය වේවා .....................
ReplyDeletegood
ReplyDeleteNIYAMAI YALUWA MEKA GODAK WATINAWA.THANKS........
ReplyDelete