Skip to main content

පරිගණක තිරයෙන් ක්‍රිකට් මැච් විස්තර බලන්න - LiveCricket 2.0



ලංකාවේ අපි හැමෝම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ක්‍රිකට් මැච් එකක් බලන්නෙ ගොඩක් ආසාවෙන්. මොකද අපේ ලාංකීය සිංහයෝ ක්‍රිකට් ලෝකෙ ලොකු නමක් දිනාගෙන සිටින නිසා. ඇත්තටම අපි ගැන කිව්වොත් ටිකක් කාර්යයබහුලයි කිව්වොත් හරි. විවිද වැඩ රාජකාරී අස්සෙ මැච් එකකුත් බලන්න උනොත් එක වැඩක් තොරගන්න වෙනවා. ඔයාලා පරිගණකයත් එක්ක වැඩ කර ඉද්දි ඔයාලට ටී.වී එක බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මැච් එකේ විස්ථර දැනගන්න බැරි වෙනවා කියන එකනෙ. අද ඉදන් එහෙම වෙන්නෙ නැහැ. මම අද කියන්නේ ක්‍රිකට් ලෝලීන්ට ගොඩක් නැදගත් ක්‍රීඩා මෘදුකාංගයක් ගැනයි. මෙමගින් ක්‍රිට් මැච් එකක් පවතින අවස්ථාවේදී තරගයේ ලකුණු/විකට්/ඕවර්ස්/ක්‍රීඩයන්ගේ ලකුණු පුවරුව වැනි ගොඩක් දේවල් එකම තැනකින් බලාගන්න පුළුවන්. මෙය අපේ Desktop එකෙහි ක්‍රියාත්මක වන අතර. ස්වංක්‍රීයව අන්තර්ජාලය හරහා ලකුණු පුවරුව සහ තරගයේ විස්ථර අප්ඩේට් කර අපට පෙන්වනු ලබයි. ඔය පරිගණකයේ වැඩ කටයුතුවල නිරතවී සිටියත් අපහසුවකින් තොරව ක්‍රිකට් මැච් එකේ තොරතුරු දැනගැනීමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවී. මෙමගින් සියළුම ක්‍රිකච් මැච් අවරණය කරලීම සිදු කරයි. One Day Match, T20 Match or Test Match or ICC, IPL, ICL සහ වෙනත් ඕනේම අන්තර්ජාතික තරග විස්තර Update කරලීම නිසා මෙහි වටිනාකම තව තවත් වැඩි වේවි.

මෙහි ක්‍රිකට් ක්‍රීඩාවෙහි විස්තර ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ ඉහත දැක්වෙන කවුළුව මගිනි. එය ඔබගේ Desktop එක තුල කුඩා ඉඩක් ගන්නා අකාරයට සගවා තැබීමටද පුළුවන. මෙහිදී ක්‍රීඩකයන්නේ ක්‍රීඩා කිරීමේ තොරතුරු සහ, පන්දු යවන්නන්ගේ ඕවර්ස් ගනන සහ එයට ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණ ක්‍රීඩා කණ්ඩායම් දෙකේම ලබාගන්න පුළුවන්. එය Scorecard එක යටතේ ඔබට ලබාගැනීමට පුළුවනි. පහතින් දැක්වෙන්නේ එය ඇතුලත් පිංතූරයකි. එ වගේම මෙහි ක්‍රීඩාව අතර තුර සිදු වෙන විශේෂ සිදුවීම් එනම්, Four, Six, Wide, NoBall, Out හෝ Runs මතු කර පෙන්වීම තව තවත් මෘදුකංගයෙහි අගය වැඩි කිරීමට සමත් වේ.



මෙහි ක්‍රීඩකයන්ගේ විස්තර සේම බොහෝ විස්තර දැකගන්නට පුළුවන්. ඉතින් ඔයාලටත් මේය වැදගත් වේවි.  පහලින් මෙය Download කරගෙන Install කරගන්න. මෙය ක්‍රඩා මෘදුකාංගකයකි. Install කර Open කිරීමෙන් අනතුරුව පහත ආකාරයෙන් එය දැකන්නට පුළුවන් වේවි.




ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරන අයට ගොඩක් වැදගත් වේවි. පෞද්ගලිකව මට නම් ගොඩක් වැදගත්. අලුත් ලිපියකින් හමුවෙමු..මෙම ලිපිය කියවපු ඔයාලගෙ අදහස් අපට ඉදිරිපත් කරන්න. එය බ්ලොග් එකේ ඉදිරි වැඩ කටයුතු වලට බෙහෙවින් වැදගත්. ස්තූතියි ! සුභ දවසක්...

Comments

  1. නියමයි මචං...Thanks...

    ReplyDelete
  2. පට්ට සුපිරි මචං...

    ReplyDelete
  3. වටිනවා ඈ...........

    ReplyDelete
  4. ස්තුතියි හසී..

    ReplyDelete
  5. ඩවුන්ලෝඩ් නම් කොලා..දැන් ඉතින් පරිගණක තිරයෙන් කන කපන්න තමා වෙන්නේ :)
    ජය වේවා හසියා!!!!!!!!!!

    ReplyDelete
  6. atthamai godak hodae meka ...bohoma pin me waga dawal apetha kiya danawatha ..budu saranayi...!!!

    ReplyDelete
  7. නියමයි බං උඹ තමයි පොර ඔහොම යං.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...