Skip to main content

Facebook SmartPhone - මුහුණු පොතෙහි ස්මාට් දුරකථනය "Buffy"


අන්තර්ජාලය තුල තම ආධිපත්‍ය පතුරා සිටිම සමාගමක් වන Facebook සමාජ ජාලය සම්බන්ධයෙන් නොදන්නා පුද්ගලයෙකු මෙලොව නොසිටිනා තරම් ජනප්‍රියත්වයක් උසුලා සිටින ආයතනයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම සමාජ ජාල වෙබ් අඩවියෙහි අද වන විට සාමාජිකයන් මිලියන 800 ක තරම් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් ක්‍රියාකාරී සාමාජිකයටන් වන අතර, මුහුණු පොතෙහි සාමාජිකය මිලියන 800 අතුරෙන්, ජංගම දුරකථන හරහා මුහුණු පොත පරිශීලනය කරන පිරිස මිලියන 250 කට වැඩිය. මෙම දැවැත්ත සමාජ ජාල වෙඩ් අඩවිය දිනෙන් දින වැඩි දියුණු කරන අතර, සාමාජික සංඛයාවද ශ්‍රීග්‍රයෙන් ඉහල යමින් පවතී. අන්තර්ජාලයෙහි ගූගල් සමාගමට පසුපසින් සිටින්නෙ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියයි. මුහුණු පොතෙහි සාමාජික සංඛ්‍යාව වැඩි වත්ව, අනෙකුත් සමාම් විසින් තම සමාජ ජාල වෙබ් අඩවි ලෝකයා අතර ප්‍රසිද්ධ කිරීමට කටයුතු සම්පාධනය කරමින් සිටී. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට අභියෝග කල හැකි සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ගූගල් සමාගමෙන් ගූගල් + ලෙ නවතම සේවාවක් ආරම්භ කර කෙටි කලක් ගත වෙමින් පවතී. මේ නිසාවෙන් මුහුණු පොතට ලැබෙන අභීයෝගය දිනෙන් දින වැඩි වේ. මුහුණු පොතෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ දැන්වීම් හරහා උපයාගන්නා මුදලයි. එය සුළුපටු මුදලක් නොවේ. විශාල ආදායමක් ඔවුන් ඒ හරහා අත් කරගමින් සීටි. මෙහි දැන්වීම්ක් පල කරන විට එහි වටිනාකම තීරණය වන්නේ එය දර්ශණය වන සාමාජික සංඛ්‍යාව අනුවය. සාමාන්‍ය ලංකාව තුල දැන්වීමක් පල කරන්නේ නම් ඔබට ඇමරිකාණු ඩොලර් 350 ක තරම් මුදලක් වැය කිරීමට සිදුවනවා.



ඔබ මේ වන විටත් විවිද මූලාශ්‍ර මගින් මුහුණු පොතෙහි මෙම නවතම නිපැයුම සම්බන්ධයෙන් තොරතුරු දැනහිදීමට පුළුවන. එහෙත් පලමුව මතක් කල යුතු කාරණය වන්නේ මෙය මෑතකදී ඉදිරිපත් කර සංකල්පයක් නොවන බවයි. වර්ශ 2010 දී පමණ මෙම සංකල්පය ඉදිරිපත් කරන ලදි. ඉනුපසුව මෙහි වැඩකටයුතු ඉතා සෙමින් සිදු වෙමින් පවතුනි. පසවු වර්ථමානයේ මෙය ජනමාධ්‍ය ඔස්සේ හිටිහැටියේම ප්‍රකාශ කරමින් ලෝකයා අතර ප්‍රචලිත කිරීම ඇරබුනි. ඒ තමයි මුහුණු පොත මගින් ස්මාට් ෆෝන් එකක් නිර්මාණය කරමින් පවතින බවත්ය. මුහුණු පොතෙහි මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් විවිද මත ඉදිරිපත් වෙමින් පවතිනවා. එහිදී බොහෝ පිරිසක් මෙය ලබාගැනීමට කැමැත්තෙන් සිටියත්, ඇතැමි පිරිස් මෙය මුහුණු පොත විසින් නොකල යුතු ක්‍රියාවලික් ලෙසටද අදහස් පල කර තිබෙනවා. 


මෙම ෆේස්බුක් ස්මාට් ෆෝන් එහෙහි නිර්මාණ කරනයෙහි අදහස Yanko Design වන අතර නිර්මාණ කරු වන්නේ Michal Bonikowski වේ. මෙම දුරකථණයත් Facebook Main Team Colour එක වන Blue (නිල්) පැහැයට නැඹුරු තාවයක් දක්වමින් නිර්මාණ කරනය සිදු කරයි. මෙම දුකරකථනය බල ගන්වන්නේ HTC තාක්ෂණයෙනි. එහිදී දුරකථනයෙහි 4.2-inch(අගල්) Screen එකක් සහිතව නිර්මාණය කරමින් පවති. ඒ වගේම මෙහි ඉදිරිපස කැමරාව නිර්මාණය කර තිබෙන්නේ අතිශයින්ම Video Call සදහාමයි. එහිදී ඉදිරිපස කැමරාව 5 Megapixel එකක් වන අතර, පසුපස ඡායාරූප සදහා විශේෂිත කැමරාව 8 Megapixel එකක් වේ. මෙම නවතම දුකරකථය නිපාධණය කිරීම සදහා ලෝහ මාධ්‍යක් භාවිතා කරයි. ඉන් හැරුණුකොට මෙහි බැටරි ආරෝපණය කිරීම සදහා හදුන්වා දීමට බලාපොරොත්තු වන්නේ Dock Adapters එකකි. එමගින් බැටරි ආරෝපණය සදහා වඩාත් පහසුවේවි. මෙම පහසුකම් සහිත ස්මාට් ෆෝන් එකෙහි දෘඩාංග ස මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැන්වීම සදහා යොදාගැනීමට අපේක්ෂිත මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙහි වෙනස්කම් කරන ලද සංස්කරණයක් බවත්, එය HTML5 ඇසුරෙන් නිර්මාණිත මෙහෙයුම් පද්ධතියක් ලෙසත් තොරතුරු වාර්ථා කර තිබෙනවා. මෙය තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කල නොහැක. එහෙත් ඔබ දන්නවා මෙම ඊලඟ වසරේදී එලිදැක්වීමට නියමිත HTML5 Base Operation System එකක් වන Android විශේෂතා ඇතුලත් කරමින් නිර්මාණය කරන Open Source OS එකක් වන මොසිල්ලා සමාගමේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධිතය ගැන. HTML5 Base OS එකක් උවහොත් මෙය වීමේ සම්භාවිතාවයක්ද පවතී. මෙම ස්මාට් ෆෝන් එකෙහි සංකේත නාමය ලෙස නම් කර තිබෙන්නේ Buffy ලෙසටයි. මෙම මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරුනි විවිද වූ ඇප්ස්, ෆේස්බුක් ඇප්ස් ස්ටෝර් එකක් හරහා ලබාදීමට ඔවුන් සැරසෙයි. 
මෙහිදී මොවුන් විසින් ඇපල් සමාගමෙහි සහ වෙනත් ස්මාට් ෆෝන් නිෂ්පාධනාගාර වල සේවය කරන  දෘඩාංග සහ මෘදුකාංග ශිල්පීන් තම සමාගමට කුලියට ගැනීම හොර රහසේම සිදු වූවකි. ඒ අනුව ඔවුන්ව යොදවාගෙන මෙම නවතම දුරකථනය කිරිමාණය කිරීමේ කටයුතු සැලසුම් සහගතව ඉදිරියට යමින් පවතී. මෙම දුරකථනයෙහි මෙහෙයුම් පද්ධතිය කුමක් උනත් ඒ සදහා විවිද වූ ඇප්ලිකේෂණ් එක්තැන් කරන ස්ථෘනයක් ලෙස Facebook Store එකක් හදුන්වා දීමටත් ඔවුන් සූදානමින් සිටිති. HTC සමාගම Taiwan සමාගමක් වන අතර, මෙහි තාක්ෂණික වටපිටාවෙන් මෙය නිර්මාණය කරයි. 

අතීතහෙහි ඇපල් අයි-ෆෝන් ඇසුරෙන් ආරම්භ කරන ලද ස්මාට් ෆෝන් විප්ලවයට එකතු වන අලුත්ම අනාගත සාමාජිකයා අන්තර්ජාලයෙහි දැවැන්ත සමාගමක් වන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය විසින් හදුන්වා දීමෙන්, වර්ථමාන ලෝකයෙහි ස්මාට් ෆෝන් විපිලවහෙයි අධිපපත්‍ය හිමි කරතෙන සිටින සමාගම් සදහා දැඩි අභියෝගයක් එල්ල වේවි යැයි විශ්වාෂ කිරීමට පුළුවන. කෙසේ වෙතත්, දශකයක වෙලද ආධිපත්‍ය පැතිරූ නොකියා සමාගමට අභියෝග කරමින් පැමැනි සැම්සුන් සමාගමට අභියෝග කරන්නට හැකි වේවිද. මෙම නවතම දුකරකථනය වෙලද පොලට හදුනා දීමට නියමිතව පවතින්නේ 2013 වර්ෂයේදීය. මේ වන විටත් මෙම දුරකථනය වෙලද පොලට පැමිනියහෝත් තමන් භාවිතා කරන ජංගම දරකථනය පසෙකලා මුහුණු පොත විසින් හදුන්වා දීමට අපේක්ෂිත ස්මාට් ෆෝන් එක ලබාගැනීම පිලිබදව අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද සමීක්ෂණයකින් 32% ක කැමැත්තක් ඇති බව සනාත කරගෙන තිබේ. මේ අනුව අනාගතය කේසේ වේවීද? ඔබ වටිනා අදහස් සදහා විවෘතයි. ස්තූතියි මේ ලිපිය කියවීම සම්බන්ධයෙන්, සුබ දවසක් ඔබට, ජය වේවා !


Comments

  1. අනිවා මොබයිල් ලෝකේ පෙරලියක් ඇති කරන දෙයක්...!
    අපි බලමු මොකද වෙන්නේ කියල :)

    ReplyDelete
  2. අහ්, එල එල, බලමු මාක් කාරයා මොන වගේ ගේමක් ගහයිද කියලා :P

    ReplyDelete
  3. බ්ලොග් එකේ තියෙන විදිහ බලන්න, ඔයාට HTML එකත් එක්ක වැඩ කරනන් නම් වේවී, ඔය Widget එක දාගන්න...

    ReplyDelete
  4. ai meke akuru eheta meheta ynne?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...