Skip to main content

Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට



වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා.



Adobe Photoshop, Illustrator, InDesign, Premiere Pro, Dreamviewer, Flash Pro, Audition වැනි මෘදුකාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංග කට්ටලය, ඡායාරූප සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණකරනය, වෙබ් සංවර්ධණය හා බහුමාධ්‍ය සංස්කරණය සදහාම වැදගත් මෘදුකාංග රාශියක එකතුවකි. මෙය ලොව පුරා සිටින බොහොමයක් පරිගණක භාවිත කරන පිරිසක් භාවිත කරන මෘදුකාංග එකතුවකි. ඒ අතරින් Adobe Photoshop යනු, මෙම මෘදුකාංගයන් අතුරෙන් වැඩිම පිරිසක් භාවිත මෘදුකාංගයද ලෙස හදුන්වාදිය හැකිය. එදි නෙදා භාවිතයේදී අපට අවශ්‍ය වන ඡයාරූප සංස්කරණයන සදහා අවශ්‍ය දැනුම විවිද මූලාශ ඔස්සේ මෝ පාඨමාලා ඔස්සේ ලබාගැනීම සිදු කරනවා. එහෙත් නිර්මාණ කරනයට අත්දැගීම් සහ නිර්මාණාත්මක චින්තනය යන ද්ත්වයෙහිම අඩුපාඩුවක් නැතුව ඔබ සතු නම් ඔබ ඉතා දක්ශ ගනයේ නිර්මාණ කරුවෙකි. මෙම නව Adobe Creative Suite 6 නිකුත් කරනු ලැබුයේ Adobe Creative Suite CS 5.5 නිකුත් කිරීමෙන් වසර දෙදකට පමණ පසුවය.


මෙම Adobe Creative Suite 6 නිකුත් කිරීමේදී Adobe මෘදුකාංග එකතුවට අමතරව නව පහසුකමක් හදුන්වා දීම වීශේෂයි. එය නම් කර තිබෙන්නේ Adobe Cloud ලෙසටයි. එහෙත් මෙම සේවාව මෘදුකාංගය සේම අපිට නොමිලේ ලබාගත නොහැක්කකි. මෙම සේවාව ලබාගන්නේ නම් ඔබට Adobe සමාගමට ඇමරිකාණු ඩොලර් 75 ක මුදලක් ගෙවීමට සිදු වනවා. ඔය විසින් මුදල් ගෙවා මෙම සේවාව ලබාගන්නේ නම් ඔබට මෙමගින් 20GB ක ධාරිතාවයක් සමග Adobe Creative Suite හි Desktop සංස්කරණයට ඔබගේ පරිගණකයට Download කරගැනීමටද, Tablet ආදී ජංගම උපාංග සදහා සදහා විශේෂිත Adobe Touch මෘදුකාංග එකතුව සේම ඔබේ Adobe ලිපි ගොණු වෙන පහසුවෙන් පිවිසීමේ හැකියාවද මේ හරහා ඔබට ලබාදෙනවා. ඒ වමේ ඔබ භාවිත කරන Google Chrome, Firefox, Opera, Safari ආදී ඔනෑම වෙබ් පරික්ශනයකින් Creative Cloud වෙත පිවිසීමේ හැකියාවද විශේෂ පහසුකමකි.

මෙම වසරේ එලිදැක්වනු ලැබූ Adobe Creative Suite CS 6 හි තිබෙන ප්‍රධාන වෙනස්කමක් වන්නේ මෙම මෙම මෘදුකාංග එකතුවෙහි අතුරු මුහුණත් වන සිදු කර තිබෙන වෙනස්කමයි. මෙහිදී ඒවායෙහි අදුරු පැහැයට හුරු Team එකක් යොදාගෙන තිබෙනවා. පෙර පැවති සංස්කරණ වලට සාපේක්ෂව Tools සහ Dialog Box භාවිතයට පහසු ආකාරයෙන් සකස්කර තිබෙනවා. මෙහි ඇතුලත් කර තිබෙන Illustrator මෘදුකාංගය සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය කරමින් 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ. Adobe Photoshop මෘදුකාංගය GPU Acceleration සදහා වඩාත් හොදින් සහය දක්වන ආකාරයෙන්ද නිර්මාණය කර තිබීම වඩා විශේෂයි.




මෙම Adobe Creative Suite CS 6 නිකුත් කිරීමේදී Adobe මෘදුකාංග එකතුවෙහි අලුත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දී තිබෙනවා. එය නම් කර තිබෙන්නේ Adobe Edge මෘදුකාංගය ලෙසටයි. මෙම මෘදුකාංගය Adobe Flash වෙනුවට භාවිත කර හැකි HTML 5 පාධක කරගත් වෙබ් සංවර්ධක මෘදුකාංගයකි. එහෙත් මෙම මෘදුකාංගයද භාවිත කර හැක්කේ ඇමරිකාණු ඩොලර් 75 කට ලබාගත් Adobe Cloud සාමාජිකයෙකුට පමණි. මීට පෙර Adobe Flash භාවිත කරමින් සිදු කරණු ලැබූ කාර්යයන් සදහා HTML5 සයාහ ලබාදීම සදහා Adobe සමාගම මෙම මෘදුකාංග නිෂ්පාධනය කරමින් කටයුතු සම්පාධනය කර තිබේ.

Adobe Creative Suite CS 6  Download කර අත්හදා බැලීමට ඔබත් කැමැත්තෙන් ඇති, දැනට භෘවිත  කරන පැරණි සංස්කරණයට සමු දෙමින් වන සංස්කරණය Download කරගැනීමට ඔබත් කැමති නම් පහතින් Download කරගන්න.


මෙම Adobe Creative Suite CS 6 හි පවතින මෘදුකාංග පෙළ හා, ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඉගෙනීම සදහා අප සහෝදර අඩවිය වෙත පිවිසෙන්න. Adobe Creative Sute පිලිබදව සරළ සිංහලෙන් ඉගෙන ගැනීමට ඉහත බ්ලොග් අඩවියෙන් අවස්ථාවක් හිමිවේ. මෙවන් අලුත් තොරතුරු ඔබ වෙත ගෙන එනු බලන්නෙ පරිගණක ලිපි ඔස්සේ පමණි. ඔබට මෙම තොරතුරු වැදගත් නම්, අපගේ බ්ලොග් අඩවියට පුංචි සහයෝගයක් විදිහට Fan Page එකට Like එකක්, Post එකට Comment එකක්, Blog එකට Follow පාරක් එහෙම එකතු කරලා යන්න. ස්තූතියි ලිපිය කියෙව්වට, සුබ දවසක් ඔබට, ජය වේවා !

Comments

  1. good work.photo shop eka witharak ganna widiyak nadda.meka සම්බන්ධ ක්‍රියාකාරකම් ඉගෙනීම සදහා අප සහෝදර අඩවිය වෙත පිවිසෙන්න kiyala thiyenawane.mokadda sahodara adawiya

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...