Skip to main content

Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil]


ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ලදි. Sergey Mikhaylovich Brin මොහු රැසියානු ජාතිකයෙකි. 1973 අගෝස්තු මස 21 වැනි දින උපත ලැබු අයෙකි. Lawrence Page යන තැනැත්තද 1973 මාර්තු 26 දින Michigan හි උපත ලැබූවෙකි. මොවුන් දෙදෙනා සමවයසේ මිතුරන් දෙදෙනෙකි. දැනට තිස්අටවැනි විය පසුකමින් සිටින මොවුන් දෙදෙනා ඇමරිකානු ඩොලර් බිලියන 18.7 හිමිකම් සහිතය. 


දිනකට ලෝකයේ නන් දෙසින් ගූගල් වෙත පැමැනෙන පිරිස අති විශාලය. ගූගල් සර්ජ් එන්ජිම හරහා තප්පරයකට සෙවුම් 34,000 සිදු කරයි. (විනාඩියකට සෙවුම් මිලියන 2කි. පැයකට මිලියන 121කි. දිනකට බිලියන 3කි. මසකට බිලියන 88කි) මේ අනුව බැලූ කල ගූගල් සෙවුන් යන්ත්‍රය කොච්චර ප්‍රසිද්ධද? කොතරම් කාර්යය බහුලද? 1990 දශකයේදී පරිගණක ආචාර්ය උපාධිය ලබාගැනීම සදහා ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් දෙදෙනා ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පිවිසුණේය. එහිදී මොවුන් දෙදෙනා මුණ ගැසුණේය. 

පරිගණක විද්‍යා හා කෘත්‍රීම බිද්ධිය පිළිබද ඇමරිකාවේ සිටින කීර්තිමත්ම විද්‍යාඥයෙකු වන මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාල් ජේජ් ලැරී හෙවත් ලෝරන්ස් ගේ පියාය. මොහුගේ මව පරිගණක ක්‍රමලේඛන ශිල්පිනියකි. ලැරීට මුලින්ම පරිගණකයක් ලැබුණේ වයස අවුරුදු හයේදීය. ඉන් මුලික පරිගණක ආභාසය ලැබූ ඔහු ලෝහෝ ක්‍රීඩා කොටස්වලින් හොදින් ක්‍රියාකරන ඉන්ජෙක්ට් ප්‍රින්ටර්යක් පාසල් විද්‍යා ප්‍රදර්ශනයක් සදහා නිර්මාණය කළේය.



සර්ජි බ්‍රින් රැසියාවේ මොස්කව් නුවර උපන් යුදෙව් ජාතිකයෙකි. සෝවියට් සමාජ ප්‍රතිසංස්කරණවලට මුහුණ දෙන්නට බැරිව එක්දහස් නවසිය හැත්දෑ නවයේදී සර්ජි පවුල ඇමෙරිකාවට පැන ආවේය. බ්‍රින්ගේ පියා වන මයිකල් බ්‍රින් දැන් මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ සම්භාවිතාව හා සංඛ්‍යානය පිළිබද කථිකාචාර්යවරයෙකි. සර්ජි බ්‍රින්ගේ මව ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ (NASA) සේවය කරන්නීය. සර්ජිට ගෙදරින් ලැබුණ මුල්නම පරිගණකය කොමඩෝර් 64 (Commadore64) වර්ගයේ එකකි. ඒ වන විට ඔහුට වයස අවුරුදු නවයකි.



පරිගණක විද්‍යා උපාධිය ලබාගැනීමට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පැමිණි සර්ජී බ්‍රින් සහ ලැරී ජේජ් දෙදෙනා මිතුරුව මෙම ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී අලුත් සර්ජ් එන්ජිමක් නිර්මාණය කළේය. එය නම් කරනු ලැබුවේ (BackRub) නමිනි. බැක්රබ් සර්ජ් එන්ජිම යටතේ යමක් සොයන්නේ එහි ජනප්‍රියතාවය අනුවයි. වැඩි දෙනෙක් බලන වෙබ් පිටු ශ්වයං ක්‍රීයව මුලට එන සේ මේ සර්ජ් එන්ජිම සකස් කර තිබුණි. මොවුන් මෙය දියුණු කළේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී නිසාවෙන් මෙහි අයිතිය තිබෙන්නේ එය විශ්වවිද්‍යාලයටයි. එහෙත් සර්ජි බ්‍රින් සහ ලැරී ජේජ් එක්ව මේ තාක්ෂණය දියුණු කරලමින් 2011 වර්ෂය දක්වා පේටන්ට් බලපත්‍රය ලබාලත්තේය.

අලුත් තාක්ෂණයක් සහිතව වර්ෂ 1998 සැත්තැම්බර් 27 වැනිදා ගූගල් සර්ච් එන්ජිම ලෝකයට හදුන්වාදුන්නේ ඉන්පසුවයි.



එකේ ඉලක්කමට බිංදු සියයක් ලියූ විට ලැබෙන ඉලක්කම ගණිතයේදී හදුන්වන්නේ ගූගොල් (Googol) කියාය. තම සර්ච් එන්ජිමෙන් ඉන්ටර්නෙට්හි තිබෙන වෙබ් පිටු අති විශාල ගණනක් පීරා බලාන්නේය යන තේරුමින් මේ නම සිය සර්ච් එන්ජිමට යොදන්නට ලැරී ජේජ් සමග සර්ජි බ්‍රින් කල්පනා කළහ. පසුව එය කටහුරු වචනයක් වන ගූගල් (Google) ලෙස වෙනස් කොට ගත්හ. මේ ආකාරයේ අද නිතර භාවිත කරන ගූගල් හට නම් තීරණය කර තිබේ.

මුලින්ම Google Inc සමාගම ආරම්භ කිරීමට මොවුන් සතුව මුදල් නොපැවතුණි. ඒ නිසාවෙන් තම මිතුරන්ගෙන් හා පවුලේ අයගෙන් ඉල්ලාගත් ඩොලර් දශලක්ෂයකින් ඔවුහු ගූගල් ඉන්කෝපරේශන් (Google Inc) සමාගම ආරම්භ කළේය. ඒ කැලිෆෝනියාවේ මෙන්ලෝපාක් හි කුලියට ගත් ගරාජයක ප්‍රධාන සර්වරය පිහිටුවමිනි.



යාහු සර්ච් එන්ජිමටත් වඩා, මයික්‍රොසොෆ්ට්හි එම්එස්එන් සර්ජ් එන්ජිමටත් වඩා ගූගල් හි තාක්ෂණය වේගවත් හා පහසු බව ඉන්ටර්නෙට් සරන්නන්ට තේරුම් ගන්නට වැඩි කලක් ගියේ නැත. මුල් මාස කීපයේදී ලෝකයා ගූගල්හි සේවය ලබන වාර ගන්න දිනකට දස දහස දක්වා ඉහළ ගියේය. වරස 2000 පමණ වනවිට එය දෙලක්ෂය පැන්නීය. අද වන විට දිනකට බිලියන 3ක් දක්වා ගූගල් සර්ච් එන්ජිම භාවිත කරන්නන් සිටිති.

එහෙත් ප්‍රශ්නක් තිබුණි. ඒ ගූගල් සමාගමට ප්‍රධාන ආදායම් මාර්ගයක් නොතිබුණි. ගූගල් සර්ච් එන්ජිම හරහා කෙළින්ම දැන්වීම කළ කිරීමෙන් ලබන ආදායමට වඩා ආදායමක් උපයා ගන්න පුළුවන උපක්‍රමක් ගැන ඔවුන් උපදෙස් ගත්තේ ගෝටූ ඩොට් කොම් (GoTo.com) ආයතනයෙනි.

මේ අනුව දැණුවීම් පළ කරන්නේ වෙබ් පිටිවෙහි කියවෙන දෙයට අනුවය. ගූගල් හරහා යමෙක් බලන්නේ මොබයිල් ෆෝන් ගැන නම් දැන් ඒ පිටුවෙහි පළ කෙරෙන්නේ මොබයිල් ෆෝන් සම්බන්ධ දැන්වීම් පමණි. යම් කෙනෙක් ගූගල් සර්ච් එන්ජිම හරහා මේ දැන්වීම් ඇති පිටුවටකට පිවිසෙන වාරයක් වාරයක් පාසා දැන්වීම්කරු ගූගල් සමාගම වෙන මුදල් ගෙවිය යුතුයි.

මේ ක්‍රමයෙන් වෙබ් පිටුවලට ගැලපෙන දේ දැන්වීම් යෙදීමේ සැලසුම පහසු උවත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීම පහසු කටයුත්තක් නොවේ. ගූගල් සමාගම ස් සදහා අලුත් තාක්ෂණයක් සොයා ගත්තේය.

ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් (AdSence) තාක්ෂණය නිසා යම් දැන්වීමක් යා යුත්තේ කවර වෙබ් පිටුවේදැයි යන්න ස්වයංක්‍රීයව තීරණය කෙරේ. මේ තාක්ෂණයත් සමඟ වෙළඳ දැන්වීම් හරිම තැන්වන පළවී ඒවාට ප්‍රතිචාර වැඩිවී ගූගල් හි ආදායම ඉහළ ගියේ අනෙක් තරගරුවන්ට කිසිවක් සිතාගන්නටත් කාලයක් ඉතිරි නොකරමිනි.


වෙබ් පිටුවලට දැන්වීම් එකතු කරන්නාක් මෙන් ඊ-මේල් සදහාද දැන්වීම් එකතු කරන්නේ කෙසේද යන්න ගැන 2001 දී ගූගල් ආයතනය කල්නා කරමින් සියියේය. මේ නොමිලේ දෙන්නට පුළුවන් ඉ-මේල් සේවයක් ඔවුන් විසින් එවකට දියුණු කරමින් සිටිති. 2001 වසරේ එක් දවසක රාත්‍රියෙහි ගූගල් හි ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වන පෝල් බුඩෙයිට් නව සොයාගැනීම් පිළිබද කළමනාකාරිනිය වන මැරිස්සා මේයර් සමග අලුත් අදහසක් ගැන කතා කරමින් සිටියේය. යම් කෙනෙකු එන ඊමේල් ලිපියක ඔවුන්ගේ ඕනෑ එපාකම් කියා තිබෙන අවස්ථාවලදී ඊට ගැලපෙන වෙළද දැන්වීම් එහි පළ කරනන්ට පුළුවන් නොවේද කියා ඔවුහු කතා කළේය. අන්තිමේදී ඉ-මේල් පීරා බලන සෙවුම් වැඩසටහනක් මගින් ඉ-මේල් වලට ගැලපෙන වෙළද දැන්වීම සොයා ගන්නා තාක්ෂණයක් ගූගල් සමාගම දියුණු කළේය. ජීමේල් නමින් එළියට ආවේ මෙම වෙළඳ දැන්වීම් සහිත නොමිලේ ලැබෙන ඉ-මේල් සේවයයි. මෙතැනදී ඉ-මේල් ලිපිය කියවීමට එය විවිර කරන වාරක් පාසා ගුගල් සමාගමට වෙළඳ දැන්වීම් ගාස්තු ආදායම් ලෙසින් ගූගල් සමාගමට එකතු වේ.

මේ ක්‍රමයෙන් ගූගර් අර්ත්, යූටියුට්, බ්ලොගර්, පිකාසා, වැනි නොමිලේ දෙන ගූගල් සේවාවන් හරහා වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධ කරමින් ඔවුන් විසින් අදායම් උපයා ගැනීම සිදු කරනු ලබයි. වරෙක (ABC News) පවත්පත් සේවයට ලැරී ජේජ් අදහස් දක්වා තිබේනේ ඔවුන්ගේ ආදර්ශ පාඨය ගැනයි. (Don't Be Evil) - වදයක් වෙන්න එපා. මෙය මොවුන් විසින් වරින් වර සේවයන් අතර මතක් කර සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.



ලිනක්ස් කර්නල් කේත සටහන් උපයෝගී කරගනිමින් ඕපන් සොස් මාදිලියෙන් නිර්මාණය වූ ඇඩ්ඩ්‍රොයිඩ් මොබයිලි මෙහෙයුම් පද්ධතියට ළැපෙන විවිධ ඇප්ස්, ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක යටතේ නොමිලේ සහ මුදල් ගෙවා ඇප්ල් ලබා ගැනීමේ හැකියාව ඔබට සලසා දෙනවා. මෙහි තිබෙන බොහොමයක් ඇප්ස් අලෙවි වනුයේ ඩොලර් තුනක් වගේ සුළු මුදුලකටය. මෙම ඇප්ස් විකිණීමෙන් ලැබෙන ලාභය අද ගූගල් සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙනවා.

(Don't Be Evil)මෙම ආදර්ශ පාඨය කියමින් ගූගල් සමාගමෙහි සේවය කරන සේවයන් 32,467 කි. ගූගල් සමාගම දියුණු කිරීමේ පටන් අලෙවි අංශයේ රැකියාවෙහි නියැදෙන්නන් දක්වා පිරිසට ගූගල් සමාගම සලකන්නේ අනෙකුත් එක් සමාගමක්වත් සලකන්නේ නැති පිළිවෙළකටය.

ගූගල්ප්ලොක්ස් (Googleplex) කියා හදුන්වන මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් වෙනුවෙන් ක්‍රිඩාගාර තිබේ. නාන තටාක තිබේ, අඩු මිලට කොණ්ඩය රැවුල කපන රූපලාවන්‍යාගාර තිබේ. එසේම සියලු සේවකයින්ට දිනකට සම්පූර්ණ ආහාර වේල් තුනම නොමිලේ සැපයේ. ආයතනය තුළ කමකට නැති නීති රීති නොමැත. සියලු දෙනා තම තමන්ට කැමති අයුරින් ඇද පැළද වැඩ කරති.




ගූගල් සමාගමේ තාක්ෂණ අංශයේ සභාපති සර්ජ් බ්‍රින් සහ නිෂ්පාදන අංශයේ සභාපති ලැරී ජේජ් තම සමාගමේ වැඩට එන්නේ කළු ටී ෂර්ට් හා ජීන්ස් කලිසම ඇදගෙනය. විද්‍යාගාරයට යන විට ඊට උඩින් සුදු කබායක් අදින්නේය. "අපේ කොම්පැණියට නිල ඇදුමක් නැහැ ඕනෑ කෙනෙකුට ඕනෑ ඇඳුමක් අඳින්න පුළුවන්" ගූගල් සමාගමේ ප්‍රධාන විධායක එරික් සෙමිජ් කියයි. මේ පිලීවෙළට සේවයට පැමිණෙන සර්ජි බ්‍රින් සහ ලැජී ජේජ් අලුත් අදහස් හා ව්‍යාපෘති ගැන දිනපතා සාකාච්ඡා කරයි.

එක් දවසක් තවත් අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණේය. එහිදී ඉංජිනේරුවන් හා අලෙවිකරුවන් කීවේ, ගූගල් ඉමේජ් සමගත් වෙළෙද දැන්වීම් පළ කරමු කියාය. "මේ නිසා අපේ අවුරුද්දක ආදායම ඩොලර් කෝටි අටකින් වැඩි කරන්න පුළුවන්" ඔවුහු කීහ.

එහෙත් ලැරී ජේජ්ගේත් සර්ජි බ්‍රින්ගේත් අදහස වුණේ ගූගල් ඉමේජ් සර්ච් හි පිංතූර සොයාන්නන්ට එය වදයක් විය හැකි බවයි. "අපේ මන්තරය මතක නැතිද? වදයක් වෙන්න එපා. එර් නිසා මේක අපි අතහැරලා දාමු." දෙදෙනා එක්ව අවුරුද්දක් ගානේ උපයන්නට තිබූ ඩොලර් කෝටි අට පැත්තට කළේය.



"වදයක් වෙන්න එපා" යන ගූගල් ආදර්ශ පාඨයම ගූගල් බලධාරීන්ට පෙන්වමින් ටිබෙටයේදී උද්ඝෝෂකයින් පිරිසක් කීවේ. මේ මොනවා කීවත් ගූගල් චීන්නුන්ට වදයක් වී ඇති බවයි. ඒ ගූගල්හි චීන සෙවුම් යන්ත්‍රය චීන නිථීයට අනුව වාරණය කොට ඉදිරිපත් කරන්නට ගූගල් සමාගම ක්‍රියකළ නිසාවෙනි.

තමන් එසේ කළේ ලෝකය පුරාම ගූගල් සේවය දියත් කිරීමේ අලුත් වැඩසටහනකට අනුව බව ගූගල් ආයතනය කීවේය. ඒ වැඩසටහන යටතේ එවකට නව සේවකයින් බදවා ගැනීම වැඩි කරන ලදි. සර්වර්ස් දස දහසකට වඩා වැඩි ගණනක් නඩත්තු කරමින්, පැය 24 පුරාම ඉන්ටර්නෙට් වෙත ඇස ගසා ගෙන ගූගල්හි ඉංජිනේරු කටයුතු කරගෙන යන්නට අලුත් ක්‍රමයක් ඔවුන් භාවිත කළේය.

ගූගල් වෙත සේවකයින් බදවා ගන්නා බව කියවෙන බිල්බොඩ් දැන්වීමක් ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරේ. එහි තිබෙන්නේ මේ ගණිත ගැටලුවයි.

{first 10-digit prime found in consecutive digits of e}.com

ගූගල් හි වෙළඳ ලකුනවත් අන් කිසි සටහනක් එහි නැත. මේ ගැටලුව විසදු විට ලැබෙන ඉලක්කම ඇති වෙබ් අඩවියට (එහි උත්තරය 7427466391.com ය) ගිය විට තවත් ගැටලුවක් ඉදිරිපත් කෙරේ. ඉන් සමත් වෙන්නට ගූගල් ලැබ්ස් අභියෝගතා පරීක්ෂණය (Google Labs Aptitude Test) නම් පරීක්ෂණය පවත්වයි. ඉන් සමත්වන්නන්ට ගූගල්හි රැකියාව ලැබේ ( මෙය දැන් ක්‍රියාත්මක නොවේ)



මුලින්ම ගූගල්හි රැකියාවට එන්නෙකුට නිශ්චිත වැඩක් පැවරෙන්නේ නැත. ඔවුන්ට කියන්නේ තමන්ට ඕනෑ මාතෘකාවක් තෝරාගෙන මෘදුකාංග සංවර්ධනය කරන ලෙසය. මේ ගැන සොයා බලන්නේ ගූගල් අර්ත් (Google Earth) වැඩසටහන මෙහෙයවන චිකායි ඔහසාමා ය.


කලින් කීහෝල් (Keyhole) නම් ආයතනය පිහිටුවා ගෙන ගුගල් අර්ත් නිර්මාණය කළේ ඔහුය. ගූගල් සමාගම කීහෝල් සමග චිකායි ඔහසාමාත් තම සමාගමට මිලදී ගත්තේය.

මෙසේ ලොකයේ සිටින නිර්මාණාත්මක චරිත සියල්ල කෙළින්ම තම සමාගමට බදවා ගැනීම ගූගල් කරයි. වෝල් ස්ට්‍රීට් වෙළෙදපොළේ සිටි හොදම විදායකයෙකු වන එරික් සෙමිජ්, ඩොලර් පන්ලක්ෂයක වැටුපක් ගෙවා ගූගල් හි ප්‍රධාන විධායක ලෙස කෙළින්ම බදවා ගත්තේය.

ගූගල් හි ප්‍රධාන ඉංජිනේරුවා ලෙස වින්ටි සර්ෆ් බදවා ගත්තේ එසේමය. අන්තර්ජාලයේ පියා සේ සැලකෙන්නේ අද ගූගල් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවා වන වින්ටි සර්ෆ් මහතාය.



කුලියට ගත් ගරාජයක, ප්‍රථම සර්වරය ස්ථාපනය කරමින් ගොඩ නැන්වුණු ගූගල් සමාගම අද ලෝකයේ තිබෙන ප්‍රබල සමාගමක් බවට පත්වී තිබෙනවා. ගූගල්හි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ කැලිෆෝනියාවේය. ඇමරිකානු ඩොලර් දශලක්ෂයකින් ආරම්භ කරවූ ගූගල් සමාගය අද වන වීට ඔවුන්ගේ මුළු වත්මක ඇමරිකානු ඩොලර් බිලියන 72.5 බවට පත්කරගෙන තිබෙනවා. ඒ ඉතා කෙටි කාලයකදීය. 1998 දී ආරම්භ කරවූ ගූගල් ආ ගමන අනෙකුත් සමාගම් අභිබවා යමින් ලෝකය මවිත කරන තාක්ෂණය ලොවට දායාදකරමින් ඉදිරියත් මෙවන් සේවයක් අපට ලබාදේවි. වාර්ෂීක ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් ඔවුන් සතු කරගනී. ගූගල් සමාගම ගැන වදයක් නොවී කියවූ ඔයාලා හැමෝටම ස්තූතියි. ගිහින් එන්නම්. සුබ දවසක්


Comments

  1. ගොඩක් වටිනා විස්තර තියෙන ලිපියක්... වදයක් නොවී කියෙව්වා...

    ReplyDelete
  2. @ashan ස්තූතියි සහෝ,

    ReplyDelete
  3. යාළුවා ඔයාගේ මේ ලිපිය මා ඉතා අගය කරනවා..

    ReplyDelete
  4. ගැජට් බොස්August 18, 2012 at 3:23 PM

    අඩේ සිරා. මං අදයි ගුගල් එක ගැන ඉතිහාසේ හරියටම දැන ගත්තේ තැන්ක්ස් ඇ..

    ReplyDelete
  5. හ්ම්...ස්තුතියි ගැජට් මල්ලෝ....

    ReplyDelete
  6. පට්ටයි ඈ...!

    ReplyDelete
  7. google ගැන දන්න නොදන්න ගොඩක් විස්තර ඇතුලත් ලිපියක්, ගොඩක් දේවල් දැනගත්තා
    ස්තූතියි!.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව