Skip to main content

Posts

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 
Recent posts

Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු

අ පි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්‍රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් මෙය සිදු කරලීම වඩාත් පහසුයි. මුලින්ම ඔබගේ Dongle එක Computer එකට Plug කර, Restart කරන්න. ඉන් පසුව පහත පියවර අනුගමනය කරන්න. 

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

පරිගණකයට Ubuntu Install කරගැනීම !

අප අතර සිටින බොහෝ පිරිසකට Linux Operating System එකක් නිවැරදි ආකාරයෙන් අප පරිගණයෙහි Install කර ගැනීම සම්බන්ධ දැනුමක් නොමැති නිසාවෙන් විවිද ගැටලු කාරී තත්ව වලට ඇද වැටී අවස්ථා එමටයි. එහෙයින් ඔවුන් විසින් බොහෝ අවස්ථා වල පවසන්නේ තමන්ගේ පරිගණකයේ තිබූ Data සියල්ල මැකී ගිය බවටයි. එම නිසාවෙන් Ubuntu මෙහෙයුම් පද්ධතිය පරිගණකයට Install කරගැනීමට ඇතැමෙක් බිය වන්නටත් පුළුවන.  උබුන්ටු ඔබගේ පරිගණකයේ සථාපනය කිරීමට නම්, උබුන්ටු CD එකක් හෝ උබුන්ටු bootable USB Drive එකක් සකසා ගත යුතුය. ඒ සඳහා www.ubuntu.com වෙබ් අඩවියෙන් ubuntu desktop ISO ෆයිල් එකක් Download කළ යුතු ය. ඉන්පසු එය nero වැනි මෘදුකාංගයකින් CD තැටියකට burn කළ යුතු ය. එසේ නැතිනම් Unebootin වැන මෘදුකාංගයක් භාවිතයෙන් USB Drive එකකට ස්ථාපනය කළ යුතු ය. ඉන් පසු එය මඟින් පරිගණකය Boot කළ යුතු ය.

GNU/Linux හඳුනාගනිමු !

Free and Open Source මෘදුකාංග ක්ෂේත්‍රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ කෘතීම බුද්ධිය පිලිබදව තිබූ විද්‍යාගාරයේ සිටිය මොහු, එක් දිනක විද්‍යාගාරයේ තිබූ මුද්‍රණ යන්ත්‍රයකින් පිටපතක් ලබාගැනීමට උත්සහ ගැනීමේදී එය ඔහුට අවශ්‍ය ආකාරයට ලබාගැනීමට නොහැකී විම නිසාවෙන්, ඔහු ඒ ගැන සොයාබැලීමත් සමඟ එම මුද්‍රය යන්තයේ මෘදුකාංගය විසින් එය භාවිත කරන පුද්ගලයාට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරගැනීමට නොහැකි වන අයුරින් නිපදවා ඇති බව ඔය විසින් තේරුම් ගැනිනි. ඉන් පසුව එම අදාලා මුද්‍රය යන්ත්‍රෙය් නිෂ්පාධන Xerox ආයතනයට දුරකථන ඇමතුමක් ලාබාදී මේ පිලිබව දන්වා සිටියා. එහිදී ඔවුන් කියා සිටියේ මාස හයකින් අලුත් මෘදුකාංගයක් නිකුත් කරන බවත් ඒවන තුරු ඉවසන ලෙසත්ය. පිටපත ලබාගැනීමට එත

Linux සහ Unix පටලැවිල්ල

ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ප්‍රකාශණ අයිතිය සහ නම භාවිත කරන නරවා, එසෙම් Mac OSX, IBM AIX, SUN Solaris සහ HP-UX කියන්නෙ Unix Operating System. Unix Trademark එකෙහි අයිතිය සහ License Program පාළනය කරන්නෙ Open Group සමාගම් විකුනුම් කරු විසින්.

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු

Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි. Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.