Skip to main content

මුල් අකුර හරියට ටයිප් කරමු -: Word and Corel Draw



ආයුබොවන් කියලා ඔයාලා හැමෝම බ්ලොග් එකට හැමදාම වගේ, අදත් පිළිගන්නවා. කට්ටියම මාතෘකාව එහෙම දකින්න ඇතිනෙ :P දැක්කෙ නැත්තම් ඇස් ඇරලා බලා ගන්න :D අපි හැමෝම වගේ ලිපි ලේඛන එහෙම සැකස් කිරීමට යොදාගන්න ගොඩක් වෙලාවට MS Word, ඒ වගේම අපි Office Package එකේ තිබෙන අනෙකුත් මෘදුකාංග ටිකක් පාවිච්චි කරනවා, මේ මම නම්. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා..:D ඒ වගේම Corel Craw එක. මේකත් අපි අතර සිටින සුළු තරයක් හරි පාවිච්චි කරනවා කියලා දන්නවා. මොකද මේවා අපිට නැතිවම බැරි මෘදුකාංගයන් නිසා. ඔයාලා මේ මෘදුකාංගයන් හොදාගෙන සිංහල ටයිප් කරදින් මාතෘකාවේ කියලා තියෙන දේ වෙන්න ඇති නේද? මුලින් ටපිප් කරපු අකුර වෙනස් වෙන්න ඇති නේද? ඒ වගේම තිත යෙදීමෙන් පසු ටයිප් කරන අලුත් පේලියේ මුල් අකරත් වෙනස් වෙන්න ඇති. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවන්නේ මේ ප්‍රශ්ණය විසදා ගන්නා ආකාරය.


මෙය සිදුවන්නෙ කොහොමද කියලා බැළුවොත් අපි වර්ඩ් වල මේ විදිහට ටයිප් කලා කියලා හිතන්න. පරිගණක ලිපි. හ්ම් ඔයාලට මේකෙ පරිගණක කියලා තියෙන වචනයේ ''ප'' අකුර ''ඵ'' බවට පත්වෙන අවස්ථා ඕනෙතරම් හම්බෙලා ඇති. ඇන්තිමට අපි පරිගණක ලිපි කියිලා ටයිප් කරපු වචනය ඵරිගණක ලිපි වෙනවා. මෙහෙම වෙලාවට අපිට ලිපි සකස් කරදින් මේ අකුරු නැවත නිවැරදි කරන්න වෙන අවස්තා බොහොමක් හමුවෙලා ඇති. මේක ඇත්තටම මාර වදයක්. මේ මටනම්. හැබැයි සිංහල ටයිප් කරදින් විතරයි :D අහ් මේක වෙන්නෙ කොහොමද?

මෙම මෘදුකාංග බොහොමයක් ඉංග්‍රීසි භාවිතය සදහා සකස් කරන ලද මෘදුකාගය. ඒ නිසා මේවයෙහි භාවිත වන්නේ ඉංග්‍රීසිය. අපි සිංහල ෆෝන්ට් යොදාගෙන අපේ වැඩ කරගැනීම සිදු කරයි. මේ මුල අකුර වෙනස් වීමට හේතුව වන්නේ ඉංග්‍රීසියෙහිදී ටයිප් කරන මුල් අකුර කැපිටල් විය යුකු නිසා බැවිනි. English වලින් අපි Type කරන විට කැපිටල් අකුරු වලින් ටයිප් කිරීමට Shift Key එක යොදාගන්නවා. ඉංග්‍රීසියෙන් ටයිප් කරන විට මුල් අකුර කැපිටල් වලින් ටයිප් කල යුතු නැහැ. එය ස්වයංක්‍රීයම කැපිටල් වීම සිදු වේ. මේ නිසා අප සිංහල ටයිප් කරන විටදී, මෘදුකාංග ඉංග්‍රීසි ආකාරයටම මෙය සිදු වේ. එහිදි පලමු අකර කැපිටල් කිරීමට ස්වයංක්‍රීයව සිදුඋවත්, අපේ සිංහලේ සිම්පල්, කැපිටල් නැති නිසා අපි එක key එකකට අකුරු දෙකක් යොදාගනී. ඒ නිසාවෙන් එම කී එකෙහි තිබෙන අනිත් එකුර බවට මුල් එකුර පත් වීම සුදුවේ.

තිත යෙදීමෙන් පසු ටයිප් කරන. පේලියෙහිදී මුල් එකුර වෙනස් වීම සුදු වේ. මෙය සිදුවන්නේද? නැවතීමේ ලකුණ යෙදීමේදී මෘදුකාගය විසින් එක පේලිය අවසන් බව වටහාගෙන. අලුත් පේලියක් ආරබ්භ කිරීමේදී එහිද මුල් අකුර කැපිටල් කිරීමයි. මේ නිසාවෙන් අපි සිංහල ටයිප් කරන විට අපිට අකුරු වෙනස් වෙන ප්‍රශ්ණ බොහොමක් ඇති වෙන්න පුළුවන්.

අපි බලමු Office එනම් Word වලිදී මේ ප්‍රශ්ණය මගහැර ගන්නා අකාරය.

මුලින්ම Office වල තිබෙන MS Word Open කරගන්න. ඉන්පසු එහි තිබෙන Review Tab එකට යන්න. එහි ඔබට දකින්න පුළුවන්. Language Option එකෙමි පහල තිබෙන ඊ හිස ක්ලික් කරන්න ලැබෙන කුඩා මෙනු එකෙන් Language Preferences ක්ලික් කරන්න.



ඔබට පහත අකාරයේ Window එකක් දකින්න පුළුවන්. එහි තිබෙන Proofing Tab එකෙහි. AutoCorrect Option බට්න් එක ක්ලික් කරන්න.


දැන් ඔබට පහත අකාරයේ නව වින්ඩෝ එකක් දකින්න පුළුවන්. මෙහි තිබෙන මෙහි මම රතු පාටිත් ලකුණු කරලා තියෙනවා Option දෙකක්. මුල් එක Capitalize First letter of sentence මේ Option එක ඉදිරියෙන් හරි ලකුණ වැටිලා ඇති. මෙය ඉවත්කිරීවෙන් අපි ටයිප් කරන සිංහල අකුරු වෙනස් වෙන එක නවතා දමන්න පුළූවන්. ඒ වගේම Table තුල තිබෙන Cell තුල ටයිප් කිරීමේදී මුල එකුර වෙනස් වීම Capitalize First letter of table cell ඉදිරියෙන් ඇති හරි ලකුණ ඉවත් කිරීමෙන් නවතා දැමිය හැක. (English වලින් ටයිප් කරන විට මේය අවශ්‍ය නම් ක්‍රියාත්මක කරගන්න) පසුම මෙහි තිබෙන Ok බට්න් එක ක්ලික් කරන්න. අනිත් වින්ඩෝ එකත් Ok කර MS Word සදහා පිවිසෙන්න.


(මම මේ ඔබට ඉහතින් පෙන්වා දී තිබෙන්නේ Office 2010 Package එකෙහි මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය. එහෙත් ඔබ Office 2003 වගේ පාවිච්චි කරන්න පුළුවන්, ඒ අයට Word Open කරගෙන එහි Tools ගිහාම Auto Correct Option එක දකින්න පුළුවන්, ඒක ක්ලික් ක්ලික් කරලා, මෙහි Option Change කරපු විදිහටම කරගන්න පුළුවන්)

අපි බලමු  Corel DRAW වලිදී මේ ප්‍රශ්ණය මගහැර ගන්නා අකාරය.


ඉහතින් විස්තර කලේ, Microsoft Word වල සිංහල ටයිප් කරදින් ඇති වෙන ප්‍රශ්ණ මග හැර ගන්නා ආකාරය. එහෙත් ඔබ Corel DRAW පාවිච්චි කරනවනම්, ඔබට මෙහිත් මේ ප්‍රශ්ණ ඇති වෙලා තියෙන්න පුළුවන්, හ්ම්, ඒක මට වදයක්ද? x:D එහෙනම්, අපි ඒකටත් විසදුම් බලමු. මුලින්ම ඔබ Corel DRAW එක Open කරගන්න, පසුව එහි Menu Bar එකෙහි තිබෙන Tools යන්න. මෙහි ඔබට Option දකින්න පුළුවන්, එක ක්ලික් කරන්න




එවිට පහත ආකාරයේ Option Dialog Box එක දකින්න පුළුවන්....මෙහි WorkSpace එකෙහි Text දෙස දකින්න පුළුවන්, එක ක්ලික් කරන්න, එහි තිබෙන QuickCorrect ක්ලික් කරන්න, එවිට QuickCorrect අදාලා Option දකුනු අත පැත්තෙන් දකින්න පුළුවන්, එහි උඩින්ම තිබෙන Capitalize first lrtter of sentence ඉදිරියෙන් ඇති හරි ලකුන ඉවත් කරන්න. පසුව පහල තිබෙන Ok Button එක ක්ලික් කරන්න. 



ඉහතින් මම ඔයාලට විස්තර කර දුන් විවිදහට Option වෙනස් කර ගැනීමෙන් Microsoft Word සහ Corel DRAW තුල කරදරයකින් තොරව සිංහල Type කිරීමේ හැකියාව තිබෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, බ්ලොග් එකට Like එකක්, Post එකට Comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!



Comments

  1. elakiri thawa wada kida tikak dapan

    ReplyDelete
  2. niyamai
    thank you
    photoshop ( CS6 ) waladi mehema wena aka hadaganne kohomada?

    ReplyDelete
  3. ටයිප් කරන විට දී සිංහල අකුරු ඉදිරියට පැනීම සිදුවන්ෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...