ආයුබොවන් යාළුවනේ, මම කලින් ලිපියකින් ඔයාලට Windows XP Live CD එකක් සාදාගන්නා පිළිවෙලා කියලා දුන්නා මටක ඇත. හ්ම්...එහෙත් දැන් Windows XP කියන්නෙ ගොඩක් භාවිතයෙන් ඈත්වෙන Operation System එකක් කියලා ඔයාලා දන්නවනේ, මොකද දැනට Microsoft සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ආකර්ෂණය වී සිටිනවා. එහෙත් මෙම Operating System එකත් අපිට Live CD එකක් විදිහට භාවිත කිරීමට නොහැකිය. එහෙත් කලක් යනවිට WinBilder නම් කණ්ඩායමක් විසින් මෙය Live CD එකක් ලෙස ක්‍රියාකරවිය හැකි ආකාරයෙන් නිර්මානය කිරීමට අවශ්‍ය දැ සැලසුම් කරමින් කටයුතු කරීම නිසා දැනට අපට Windows 7 Live CD එකක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වැඩේට කැමති ඇති කියලා. පහලින් අපි බලමු මේ Live CD එක සාදාගන්නා පිළිවෙල.
මේ සදහා පලමුවෙන්ම ඔබට Download කරගත යුතු Project File එකක් අවශ්‍ය වෙනවා, මෙයි Script ආකාරයෙන් සැකසූ විශේෂිත Plugin යොදාගෙන මේය ක්‍රියාත්මක කරගනියි. ඒ වගේම මෙහි කුඩා Project File එකක් සහ තරමක් File Size එකෙන් වැඩි Project එකකද? තිබෙනවා. මේ Project දෙනෙක් කොකක් Download කරගත්තත් ඔබට Live CD එක සකස් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් Small Project File එක අදාරයෙන් සකස් කරගන්න Live CD එහෙකිදී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට නොහැක. මෙයි අපිට ලැබෙන පහසුකම් අඩුය. මම පහතින් මේ Project File දෙක Download කරගැනීමෙන් රනතුරුව සකසාගත් Live CD එකෙහි Screen Shot එකි නෙක පෙන්වන්නම්, එය යටින් තිබෙන Download බට්න් එක ක්ලික් කරීමෙන් ඔබට අවශ්‍ය Project එක Download කරගැනීමට පුළුවන.
මේ විදිහෙ, අපිට Live CD එකෙන් කරගත හැකි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර්ගත Project එක Download කරගැනීමට පහලින් ඇති බට්න් එක උඩ ක්ලික් කරන්න (මෙය 111.67 MB ධාරතාවයක් ඇති File එකකි.)
මේ විදිහෙ අඩු ප්‍රමාණයක් සහිත Live CD එකක් සකස් කරගැනීමට නම් පහග තියෙන Project එක Download කරගන්න, මෙහි ධාරිතාවය 20.85 MB තරමු කුඩා Project එකකි.
මේ ඔය විවෘත කරගෙන තිබෙන්නේ WinBuilder මෘදුකාගයයි. ඒ වගේම මෙයට අදාලා Project එකත් සමග මේ WinBilder එක Download කරගත් නිසා ඔබට පේනවා ඇති Win7PE SE Project එක මෙයට එකතු වී තිබෙනවා. මේ Live CD එක සකස් කරගැනීමේදී අපට කරගත හැකි වෙනස්කම් කිපියක් තිබෙනවා. ඒ ටික පහතින් බලමු. මුලින් මම ඔයාලට කිව්වා මතක ඇති Windows 7 Bootable DVD එකක් අවශ්‍ය වෙන විත්තිය. ඔබ දැනටමත් මෙය CD/DVD Drive එකට යොදාගෙන ඇති. එහෙනම් එය අපි WinBuilder යටතට ලබාගමු.
ඒ සදහා මෙම WinBilder මෘදුකාංගයෙහි උඩින්ම තිබෙන Source බට්න් එක ක්ලික් කරන්න, එයට අදාලා Option පහලින් දකින්න පුළුවන්. එහි Work Directories යටතේ Source Directory දකින්න පුළුවන්, එයට ඉදිරියෙන් තිබෙන බට්න් එක ක්ලික් කර ඔබේ DVD Drive එක තෝරාදෙන්න. පලමු පියවර අවසන්. දැන් අපි බලමු මෙටය අපේ පරිගණකයේ Driers යොදාගන්න ආකාරය.
ඔබට දකින්න පුළුවන් ඇති Win7PE SE අපේ Project එක, මේකෙ තියෙනවා Drivers Folder එක. මේ යටතේ තමයි අපේ කොම් එකේ තිබෙන Drives මේ DVD එකට ඇතුල් කිරීම සිදු කරයි. Drivers කොටසෙහි Driver Integration Click කරන්න. එවිට ඔබට ඒහා අදාලා Option දකින්න පුළුවන් (පහත පිංතූරය බලන්න)
මෙහි ඔබට Explore බට්න් එකක් සහ Drivers Select කර දීමට බට්න් එකක් දකින්න පුළුවන්. ඔබේ පරිගණයේ දැනට භාවිත කරන Drives මෙයට තොරදෙන්න. ඒ සදහා ඔබට Drives Backup එකක් ලබාගැනීමට සිදු වෙනවා. ඒ Backup එක තිබෙන ස්ථානය රතු පාටින් ලකුනු කර තිබෙන බට්න් එකට වම් පසින් තිබෙන කුඩා බට්න් එක ක්ලික් කර තොරාදෙන්න. (මෙය ඔබේ තිබෙන පරිගණකයේ Install කර තිබෙන OS එහෙහි 32bit සහ 64bit ආකාර දෙකෙන් නැවැරදි Drives කොටසට ලබා දිය යුතුයි.)
අපට මෙටි සකස් කල යුතු මීලග Option එක වන්නේ. Desktop එකට ලැබෙන Wallpaper එක. ඒ සදහාද ඔබට කැමති Photo එකක් තෝරාගැනීමට අවශ්‍ය නම්, පහත පියිවර අනුගමය කරන්න.
මේයාට අමතරව අපිට වැදගත් තවත් ක්‍රියාවලියක් තිබෙනවා. ඒ තමයි Windows XP හි ඇතුලත් කරගත් Portable Software මේ Windows 7 Live CD එකටත් එකතු කරගැනීම. එහෙම කරගත්තෙ තැනිනම් අපිට කැමති වැදිහට වැඩ කරන්න ලැබෙන්නෙ නැහැනෙ :P එහෙනම් පහලින් ඒ ගැන බලමු.
ඔබට අලුතෙන් ලැබුනු Window එකෙහි ඉහලින් තිබෙන Button කිහිපයෙන් Attachments බට්න් එක ක්ලික් කරන්න. ඔබට Attachment අදාලා සැකසුම් දැකගන්න පුළුවන්. Add බට්න් එක ඔබට දකින්න පුළුවන්. මේ Button එක ක්ලික් කරලා ඔබට මේ Live CD එකට ඇතුලත් කල යුතු Portable Software එකතු කිරීමට පුළුවන්, එය ක්ලික් කරන්න එවිට පහත අකාරයේ Window එකක් දකින්න පුළුවන්.
මෙහි Add Button එක ක්ලික් කර අවශ්‍ය Portable Software ටික තොරාදෙන්න. ඉන්පසු Start බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට දකින්න පුළුවන් ඒ Software සියල්ල Live CD එකට ඇතුලත් කරගැනීම.
පසුව කලින් වින්ඩෝ එකට ඔබ පැමිනෙනු ඇත. එහි තිබෙන Close බට්න් එක (දකුනු පස උඩු කෙලවරේ) ක්ලික් කර එම Window එකෙන් ඉවත් වන්න. දැන් ඔබට නැවතත් කලින් Window එකම දකින්න පුළුවන්.
මේ අකාරයෙන් ඔබේ Live CD එක Create වීම ඔබට දැකබලාගැනීමට පුළුවන්. මෙට CD එකකට පිටපත් නොකර ISO එක Virtual Box ආධාරයෙන් Run කර බලන්න, හ්ම් පුදුමක් නොවේද? :P :P ඔන්න එහෙනම් ඔයාලට මම අද කියලා දෙන්න බලාපොරොත්තුවෙන් පැමැණි Windows 7 Live කතාව ඉවරයි. ඔයාලටත් මේ බ්ලොග් එකේ තියෙන ලිපි වැදගත් කියලා හිතෙනවානම් Like එකක්, Follow පාරක් දාලා යන්න, මොකක් හරි අවුලක් එහෙම තිබ්බොත් Comment එකක් දාලා යන්න, උදවු කරන්නම්. එහෙනම් ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. ගිහින් එන්නම්. සුබ දවසක් !!!
Thanx Hasitha Iya..It's Really Helpful :)
ReplyDeleteනියම guide එකක් සහෝදරයා... සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා... සතුටුයි.
ReplyDeletefill aka nhane macho
ReplyDeleteලින්ක් වැඩ නැතෝ
ReplyDelete