Skip to main content

PlayStation 4 වගතුග


 සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත් පිබිදීමක් සිදුවී ඇත. පසුගිය දශකය පරිගණක ක්‍රීඩා ලොවේ පරිණාමය ලෙස සැලකිය හැක, මන්ද 2012 අග බාගය සහ 2013 මුල් බාගයේදී වඩාත් තාත්වික ලෙසින් පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමට ඒවාහි නිර්මාතෘවරයන් සමත් වී ඇත.  2013 වසරේ පැවති E3 Conference හි පරිගණක ක්‍රීඩා ලොවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ පරිගණකය අභිබවමින් Console ඉදිරියට පැමිණීමෙනි.

 මෙහිදී E3 හි සියල්ලන්ගේම සිත් දිනාග්තෙතේ Sony සමාගම ඉදිරිපත් කල PS4 Gaming Console එකයි. Microsoft හි Xbox one හට දැඩි තරඟයක් දෙමින් E3 හි ආධිපත්‍ය පතුරවන්නට PS4 Gaming Console එක සමත් වුවේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකයකට බොහෝසෙයින් ආසන්න ලෙස නිර්මාණය කර තිබීමයි. එමෙන්ම අධි-තාක්ෂණ උපකරණ රැසක් මෙහි අන්තර්ගත කර ඇත.

     තව විශේෂත්වයක් වන්නේ PS4 හට පමණක් පැමිණෙන Games 40 කට අධික ප්‍රමාණයක් E3 හි ප්‍රදර්ශනය කිරීමයි. බොහෝ දෙනාගේ කතාව වුයේ Microsoft සමාගම Xbox one නිකුත් කිරීමෙන් එහි පාරිභෝගිකයන් හට දැඩි අසාධාරණකම් රාශියක් කර ඇති බවයි. මිට ප්‍රධානතම කරුණ වන්නේ එහි මිලයි.
PS4 Gaming Console එකක් 399$ වැනි අඩු මුදලකට මිලදී ගත හැකි අතර Xbox one හි මිල 499$ පමණ වේ.
නමුත් PS4 හි භාවිතාකර ඇති තාක්ෂනය Xbox one ට සාපේක්ෂව 50% පමණ වැඩිය.

             2006 නොවැම්බර් මස නිකුත් වූ PS3 ට වඩා 600% ගුණයකින් PS4 Gaming Console එක බලවත් බව පැවසේ. PS3 එක සම්පුර්ණයෙන්ම Open-GL යොදාගෙන තම Games ක්‍රියාකරවූ අතර PS4 හි විශේෂත්වය වන්නේ එය Open-Gl/ DX 11 යන මාධ්‍ය දෙකම භාවිතා කිරීමට හැකි වීමයි.

එමෙන්ම PS4 හි වැදගත්ම අංගයක් වන joy-stick එක ද නව මුහුණුවරක් මෙන්ම නව ක්‍රියාකාරකම් රැසකින් සමන්විතය. එහි අභ්‍යන්තරයේ පීඩන සංවේදක මෝටර 4 කට අධික ප්‍රමාණයක් ඇති නිසා Game Player හට සජීවී අත්දකිමක් ලබාදෙයි. එමෙන්ම එහි මුහුණත ඇති Touch Pad එක ඇසුරෙන් games තවත් පහසු අයුරින් play කිරීමට හැකියාව ලැබෙනු ඇත.


පහත වීඩියෝවෙන් PS4 හි ඇති technical features කිහිපයක් දැක්වේ :



එමෙන්ම කිව යුතු කරුණක් වන්නේ මෙතෙක් කල් PC එකට පමණක් Games නිර්මාණය කරමින් සිටි සමාගම් රැසක් PC අතහැර Console වලට පරිවර්තනය වීමයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ PC Games Pirate වීමයි.


එමෙන්ම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අප ක්‍රීඩා කරන අවස්ථාවකදී අපේ Smart Phone එක Ps4 එකට wifi හරහා සම්බන්ධකොට එය තවත් Screen එකක් නැතිනම් Second Screen එකක් ලෙස භාවිතාකල හැකිවීමයි.


පහත වීඩියෝවෙන් PS4 හට පමණක් පැමිණෙන Games කිහිපයක trailers දැක්වේ :



































































































Xbox One හි පැමිණෙන දැඩි නීතිරීති කිසිවක් PS4 හි නොපැමිණෙන නිසා 98% පමණ Gamers ලා මෙයට මනාපය පළකර ඇත.PS4 සහ Xbox One හි Pre-Order කිරීම හෙවත් කලින් ලන්සු නිකුත් කිරීම දැන් ඇරඹි ඇති අතර දැනට ලැබී තිබෙන වාර්තා අනුව 2013 ජුනි 14 වන විට Ps4 හට ඇණවුම් 14,287 ලැබී තිබු අතර Xbox one හට මුළු ලෝකෙන්ම ලැබී ඇත්තේ ඇණවුම් 878 ක් පමණි. මින් පෙනී යන්නේ Xbox one හට හොඳ තරඟයක් දී ඇති බවයි.

එමෙන්ම PS4 එක ඔබට අන්තර්ජාලයට සම්බන්ද කිරීමකින් තොරව භාවිතා කල හැකි අතර තමා මිලදී ගත් ක්‍රීඩා වෙන කෙනෙකුට විකිනිමටද හැක. Xbox one හි මෙය නීති විරෝධී ක්‍රියාවක් වන අතර දවසක් හෝ අන්තර්ජාලයට නොපිවිසුනහොත් Xbox one හි Games සියල්ල අක්‍රිය වන අතර Xbox one ද ක්‍රියා කිරීම නවතාලයි. එමෙන්ම Xbox one හි Kintek Camara එක සැමවිටම ක්‍රියාකරමින් පැවතිය යුතුය. මෙය එහි පාරිභෝගිකගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස බලපෑම් ඇති කරනු ඇත.එමෙන්ම Xbox one මිලදීගැනීමට අමතරව මාසික/වාර්ෂික වශයෙන් Membership එකක් ගත යුතු වන අතර මෙහි වැඩිපුරම ප්‍රවර්ධනය කර ඇත්තේ TV බැලීමය. මෙවන් හේතු නිසාවෙන් PS4 වෙලන්දපළ ජයගෙන ඇත.

සම්පුර්ණ Sony Press-Conference හි වීඩියෝව පහතින් :



මේ අනුව පෙනී යන්නේ PS3 අවුරුදු 7 ක් පමණ මෙලොව ආධිපත්‍ය පැතිරු අතර 2013 සිට Games ලෝකයේ ආධිපත්‍ය PS4 හට භාර වන බවයි. 






Update 2013/06/21 :- මේ වන විට Xbox One හි පවතී DRM Restrictions වන Game sharing/Internet requirement වැනි නීති කිහිපයක් ඉවත් කර ඇත.. නමුත් තවමත් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර Kintek Camera ව සැමවිටම ක්‍රියාත්මක කර තැබිය යුතුය. !!

Comments

  1. අනිවා එකේන්ම Xbox කැලේ.. Microsft ආධිපත්‍යය බිද වැටීම ඇරඹෙන්නේ දැන් දැන් ය.. :D

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ව පාලනය කරන්න හදපු උත්සාහය අසාර්ථකයි !!

      Delete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව