Skip to main content

UWB වයර්ලස් තාක්ෂණය


අලුත් තාක්ෂණය ලෝකයට එකතු වීම සිදුවන්නේ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් අත් කරදෙමිනි. මෙය හදුන්වන්නේ අල්ට්‍රා වයඩ් බ්‍රෑන්ඩ් හෙවත් යූ.ඩබ්ලිව්.බී (UWB - Ultra Wide Band) ලෙසටයි. මෙම තාක්ෂණය සහිතව ලොව ප්‍රථම උපකරණය නිපදවනු ලැබූයේ ඇමරිකාවේ බෙල්කිං සමාගමෙහි බෙල්කින් වයර්ලස් යූ.එස්.බී හබ් (Belkin Wireless USB Hub) එකයි. මෙය ප්‍රමාණයෙන් නෝට් පැඩ් එකක් තරම් කුඩා උපරකරණයකි. එහි යූ.එස්.බී පෝට් හතරක් අඩංගු කර තිබේ. මෙයට ප්‍රින්ටරය, බැකප් ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑම පර්යන්ත උපකරණයක් සමබන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

පරිගණක යන්ත්‍රය තිබෙන තැන සිට හබ් එක මීටර් 30 ක් තරම් දුරකදී රැහැන් රහිතව සම්බන්ධ කරන යූ.ඩබ්ලිව්.බී ඩොන්ගලය (UWB - Dongle) පරිගණකයේ යූ.එස්.බී (USB - Universal Serial Bus) එකට සම්බන්ධ කර යුතුය. එහිදී ඩොන්ගලය සහ පරිගණකය රැහැන් රහිතන සම්බන්ධ වීම සිදු කර ගත හැකියි. 

මෙම රැහැන් රහිත සම්බන්ධ ගොඩ නැන්වෙන්නේ සාමාන්‍ය තරංග මාධ්‍යක් වන අරෝ-පුළුල්පරාස (Ultra Wideband) තරංගවලිනි. මෙමගින් ස්පන්ද (Pulses) වශයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් වයර් ලස් සම්බන්ධතාවය හරහා හුවමාරු වීම සිදුවේ. 

මේ ක්‍රමය භාවිත කරමින් මෙගාබයිට 400 (400MB) ගොනුවක් හුවමාරු කිරීමට තප්පර 90 ක පමණ කාලයක් ගතවේ. එහෙත් මෙය රැහැන් සහිත මාධ්‍ය භාවිත කරමින් යූ.එස්.බී කේබලයක් හරහා හුවමාරු කිරීමට තප්පර 25 ක කාලයක් ගතවේ. ඒ වගේම මෙම ගොණුව ඔබ වයි-ෆයි සම්බන්ධතාවයක් භාවිත කර හුවමාරු කරන්නේ නම් ඒ සදහා තප්පර 160 පමණ කාලයක් ගතවේ. ඒ අනුම මෙම තාක්ෂණය වයි-ෆයි තාක්ෂණයට වඩා බලසම්පන් බව ඔබට තේරුම් ගැනීමට පුළුවන් වේවි. 

දැනට භාවිතවන වයර්ලස් තාක්ෂණ


බ්ලුටූත් (Bluetooth)
මේ තාක්ෂණය විතයෙන් අඩි 100ක වටපිටාවක වයර්ලස් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීමට පුළුවන. බොහොමයක් ජංගම දුරකථන සතු තාක්ෂණය මෙය වේ.

යූ.එල්.පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රී (Wibree)
අඩු තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි. 

සිග්බී (Zigbee) 
බ්ලූටූත් හෝ වයිබ්‍රී මෙන් නොව මෙහිදී එකවර උපකරණ කිහිපයක් හරහා තොරතුරු හුමාරු කිරීමේ පහසුම සැලසේ..

එන්.එෆ්.සී (NFC - Near Field Communication) 
මෙම ක්‍රමය භාවිතයෙන් තොරතුරු හුවමාරු කල හැක්කේ සෙන්ටිමිටර් කිහිපයක දුරක් සදහා පමණකි. 

වයි-ෆයි (Wi-Fi)
මෙම ක්‍රමය භාවිතයෙන් කේබල් සම්බන්ධතා නොමැතිව පුළුල් පරාස (Broadband) වේගයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකියි. මෙය වර්ථමාන ජංගම දුරකථන වල සහ ලැප්ටොප් පරිගණක අතර ජනප්‍රිය පහසුකමකි. 

වයිමැක්ස් (WiMAX)
අන්තර්ජාල ලබාගැනීමට භාවිතයට බහුලව භාවිත කරන තාක්ෂණයක් සේම, ඉතා දුර ප්‍රදේශවලට මයික්‍රොවේව් තරංග උපකාරයෙන් තොරතුරු හුමමාරුවට යොදා ගන්නා තාක්ෂණයකි. 

ඩෙක්ට් හෙවත් කැට් (DECK/CAT)
ඩිජිටල් රැහැන් රහිත ජංගම දුරකථන වලදී භාවිත කරන ඩෙක්ට් තාක්ෂණය අනුව මීටර් 100 පරායක් තුල තොරතුරු හුමාරු කිරීමේ හැකියාවත් හිමිවේ.

පරිගණක ලිපි හා ඉදිරියටත් සම්බන්ධ වී සිටින්න. ඔබේ දැණුමට බොහෝ දේ එකතු කරන්න අප සූදානම්. බ්ලොග් එක පොඩි සපොට් එකක් විදිහට Follow පාරක්. Comment එකක්, Like දාලා යන්න අමතක කරනන් එපා. ගිහින් එන්නම්...ස්තූතියි ! සුබ දවසක් !

Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...