Skip to main content

මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි



මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය (Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ගූගග් +,ට්විටර්, ටම්බ්ලර් හෝ ලින්ක්ඩ්ඉන්සේවයන්ට වඩා වෙනස් ආකරයට නිර්මාණය කර තිබීම විශේෂයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ අනෙකුත් සෝෂල් නෙට්වර්කිංසේවයං සමඟ තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ලෝකය පුරා පැතිර තිබෙන ෆේස්භුක් සෝෂල් නෙට්වර්කිං සේවයටඅභියෝග කරන්නට තරම් මයික්‍රොසොෆ්ට් සේවයට අවශ්‍යතාවයක් නොමැති. සියලුම සොසල් නෙට්වර්කිං සර්විසස් සමඟ සුහදව මෙහික්‍රියාකාරීත්වය ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. 

මයික්‍රොසොෆ්ට් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සර්විසස් එක සම්බන්ධයෙන් ඔවුන් පවසන ආකාරයට, අනෙකුත් සෝෂල් නෙට්වර්ක්සමඟ එකිනෙකට ඈදා සකසා තිබෙන අලුත් සේවයක් ලෙසටයි. මෙයි විශේෂ නැතක් හිමිවන්නේ සිසුන් සදහායි. සිසුන්ගේ අධ්‍යාපනකටයුතු සහයෝගයෙන් කරගැනීමට මෙම සෝෂල් නෙට්වර්කිං එක පහසුකම් සලසා දී තිබේ. මේ සදහා වින්ඩෝස් ලයිව් අකවුන්ට් එකින්හෝ ෆේස්භුක් අකවුන්ට් එකකින් පිවිසීමේ අවස්ථාවත් ලබාදී තිබේ. 

මුලින්ම www.so.cl වෙත පිවිසෙන්න. ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක මාර්ගයෙන් හෝ වින්ඩෝස් ලයිව් අකවුන්ට් එක මාර්ගයෙන් මෙහිසමාජිකත්වය ලබාගන්න. වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි උඩු කෙළවරේ දකුණු පැත්තෙහි තිබෙන බට්න් එක උපයෝගී කරගිමින්එක සිදු කිරීමට පුළුවන. 



මේ ආකාරයට සෝ.සීල් එකේ අකවුන්ට් එකක් ෆේස්භුක් අකවුන්ට් එකක් ආධාරයෙන් නිර්මාණය කරගන්නේ නම්...ඔබගේ ෆේස්භුක්එකවුන්ට් එකෙහි සිටින මිතුරන් මෙහි රෙජිස්ටර් වී ඇතිනම් ඔවුන් ඔබේ මිතුරන් බවට පත්කරගැනීමට පුළුවනි. අනතුරුව ඔබට මේආකාරයේ සෝෂල් පිටුවක් දක්නට ලැබේවී.

ඔබ මෙම සොසල් සේවයට අතුළු වූ පසුව ඔබට මේ හරහා ක්‍රියාකරවා ගත හැකි දෑ බොහෝය. මෙහි ඔබට අවශ්‍ය දෑ පොස්ට් කිරීමේහැකියාව ලැබෙනවා. එම පොස්ට් එනෙකුත් මිතුරන් සමග ටැග් කිරීමේ හැකියාවත් හිමිවේ. ඒ වගේම ඔබගේ මිතුරන් විසින් ලියන ලදපොස්ට් ඔබගේ ගිණුමෙහි මිතුරන්ගේ පොස්ට් ලෙස දැකගැනීමටද පුළුවනි. පොස්ට් එකට අදහස් ප්‍රකාශ කිරීමටත් පුළුවනි.



ඔබට පොස්ට් එකක් සකසා ගැනීමේදී වඩාත් පහසුකරදීම සදහා බ්රිග් ස්ර්ජ් එන්ජිමෙ ආදරයෙන් එහි ඔබට පොස්ට් එකක් යොදාගැනීමටඅවශ්‍ය මාතෘකාව ලබාදුන් විට, ඒ හා සම්බන්ධ තොරතුරු, පිංතූර, වීඩියෝ සියල්ල සියල්ල දැකගැනීමට පුළුවන. මෙහිදී ලැබෙන ලින්ක්සමඟ පහසුවෙන් ක්‍රියාකරවීමට කැකිවේ. ඒ වගේම මෙහි තිබෙන පිංතූර තෝරගත් විට, ඒවා කොලාජ් චිත්‍රයක් බවට පොස්ට් එකෙහිපහළින් දැනගැනීමට පුළුවන. ඔබගේ පොස්ට් එක ලීවීමටත්, සබැදි ඇතුළත් කර ඒ හදහා තොරතුර බලාගන්නට මිතුරාට දැන්විය හැකිය. 


ඔබට මා ඉහතී පැහැදිලි කර විදිහට, ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක ආධාරයෙන් සෝ.සීල් එක වෙත ඇතුළු වූයේනම් ඔබට ඔබ මෙහිඉදිරිපත් කරන පොස්ට්, ෆේස්භුක් එකෙහිදී දැකැගීමටද පුළුවනි. ඒ අනුව ඔබගේ ෆේස්භුක් මිතුරන්ට ඒ හරහා සෝ.සීල් වෙත පිවිසීමටපුළුවනි.

මෙම සේවය ඉදිරිපත් කරනු ලැබුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ (FUSE Labs) හි ප්‍රධානත්වයෙනි. එහි ප්‍රධානිය වන්නේ ලිලී වෙංනැමැත්තියයි. මෙම සේවය මොවුන් දියත් කළේ මීට සෑහෙන කාලයකට කලිනි. ඒ නිව්යෝර්ක්, වොෂිංටන්,සිරුකියෝස් විශ්ව විද්‍යාලසදහා පමණි. ඔවුන් අතර මෙය ජනප්‍රිය වීමෙන් අනතුරව. ලොක වාසී සියල්ලන්ටම මෙය ඉදිරිපත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණයකළේය. පසුගියදා මෙය ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම අලුත් ශේෂල් සේවය නොමිලේම අත්වීදීමටපුළුවන.

Comments

  1. අඩේ හසිතයා.. එළනේ මේ අළුත්ම නෙට්වර්ක් එක.. මන් මේකට ලොග් උනා.. වැඩි ගානක් ගියේ නැ.. දැන්නේ විස්තරේ විස්තර කරල තියෙන්නේ එළෑ..මේක මටනන් අනිත් එව්වට වඩැ ඉක්මනින්න අල්ල ගන්න පුළුවන් උනා.. ඒ උනත් G+ තාම හරියට බැරි උනා.. බන්. පුළුවන්නන් ඒක ගැනත් ලොකු විස්තරයක් දාහන්.. මොකද බ්ලොගර් කරන අයගෙන් වැඩි දෙනෙකු ගුප්ලස් ගැන වැඩිය දන්නේ නැ.. පොස්ට් ටික ඔටෝ ෂෙයා වෙන්ඩ හදල තියන හින්ද නිකං ෂෙයා වෙනව විතරයි..

    හරි ටයිම් එකක් තිබ්බ වෙලාවක ඒ ගැනත් ලියන්කෝ.. ජය ජය ඇ.

    ReplyDelete
  2. අහ්....එල බොස්....අද වගේ බලන්නම්...ඒ ගැන පොස්ට් එකක් ලියලා දාන්න...ස්තූතියි ප්‍රතිචාරයට.......

    ReplyDelete
  3. gihin balanna one.fb nam dan epama wela.

    ReplyDelete
  4. හික්ස් :D ගිහින් බලන්නකෝ....:P
    ස්තූතියි කමෙන්ටුවට !

    ReplyDelete
  5. image එක දැක්ක හැටිය වශී වුනා. අනිවාර්යෙන්ම ඒකෙ register වෙනව.බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...