වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස නම්කර තිබෙනවා. මීට පෙර පැවතියේ Adobe Creative Suite CS 5 සහ CS 5.5 සංස්කරණ පැවතුනෙමි. එම සංස්කරනයන්ට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් ඇති කරමින් ඩිජිටල් සංස්කරණය සදහා වැඩි දියුණු කිරීමේ රාශියක් සහිතව මෙම මෘදුකාංග කට්ටලට නිර්මාණය කර තිබෙනවා. Adobe Photoshop, Illustrator, InDesign, Premiere Pro, Dreamviewer, Flash Pro, Audition වැනි මෘදුකාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංග කට්ටලය, ඡායාරූප සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණකරනය, වෙබ් සංවර්ධණය හා බහුමාධ්‍ය සංස්කරණය සදහාම වැදගත් මෘදුකාංග රාශියක එකතුවකි. මෙය ලොව පුරා සිටින බොහොමයක් පරිගණක භාවිත කරන පිරිසක් භාවිත කරන මෘදුකාංග එකතුවකි. ඒ අතරින...