Skip to main content

මුහුණු පොතෙහි ඇතුලාන්තය [Inside Of Facebook]



ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් අඩවියකි. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මාක් ෂකර්බර්ග් මහතා හටය.


පොඩි දරුවන් පරිගණක ක්‍රීඩා කරන වයසේදී පුංචි මාක් පරිගණක ක්‍රීඩා නිර්මාණය කළා. තම පුතාගේ මේ හැකියාවන් තේරුම්ගත් මාක් ගේ පියා ඒ නිසාම පරිගණක වැඩසටහන්කරුවෙකු නිවසටම ගෙන්වා ගෙන ඔහුට අමතර ඉගැන්වීම් කලා.

සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මගින් පසුගිය වසරේ පුද්ගලයා ලෙස නම් කල ලොවම දන්නා ෆේස්බුක් (Facebook) සමාජ ජාල වෙබ් සේවාවේ නිර්මාතෘ මාක් ෂකර්බර්ග් පිළිබදව මේ හැදින්වීම කලේ ඔහුගේ සුවිශේෂී චරිතය පිළිබදව අධ්‍යනය කරන්න ගත් කතුවරයෙකු වන ඩේවිඩ් හියුමන්ය. 

ඩේවිඩ් පවසන අන්දමට මාක් ෂකර්බර්ග්, බිල් ගේට්ස් වැනි පුද්ගලයින් කලාය විසින් බිහිකරන සුවිශේෂී චරිතයන් වේ. ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස මාක් ෂකර්බර්ග් නම් කරන විට ඔහුට දෙවැනි වූයේ ඔහු වැනිම ලෝකයට ඉමහත් බලපෑමක් කල හැකි කීර්තිධරයින් 25 දෙනෙකි. ඔවුන් අතරට විකිලික්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, සුපිරි ගායිකා ලේඩි ගාගා, අපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්, ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඔහුගේ රිපබ්ලිකන් විරුද්ධවාදිනිය වන සේරා පේලින්, හිටපු ඇමරිකානු කථා නායිකා නැන්සි පෙලෝසි සහ නොබෙල් සාම ත්‍යාගයට සුදුසුකම් ලැබූ චීන මානව හිමිකම් ක්‍රියාකාරී ලයූ ක්සියාබෝ වැනි අය ඇතුලත්ව සිටියා. 


ඒ වන විටත් මාක් හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු විය. එකල Course Match නමින් පරිගණක වැඩසටහනට පිවිස අන් සිසුන් සමග චැට් (Chat) කරමින් තමන්ට වඩාත් සුදුසු හා ගැලපෙන පාඩම්මාලාවන් තෝරා ගැනීමේ හැකියාව ලැබිණි. මෙහි සාර්ථකත්වය නිසා මෙයින් ටික කාලයකට පසු ඔහු විසින් Face Mash නමින් තවත් අපූරු වෙබ් අඩවියක් නිර්මානය කරන්නට යෙදුනි. එය ජායාරූප මගින් කෙරුනු තරගයක ස්වරූපයෙන් යුතු වුනු අතර එහි අරමුණ වූනේ හාවඩ් සරසවියේ හොදම පෙනුමක් ඇති කඩවසම් ම තරුණයා තේරීමයි. සිසුන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණු මෙය නූනත ෆේස්බුක් හි සූල බීජය ලෙස සැලකේ. 


1984 දී උපන් මාක් ෂකර්බර්ග් අනි දක්ෂ පරිගණක විද්‍යාඥයෙකි. ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග සංවර්ධකයෙකි. කුටා වයසේදී පටන්ම ගණිතය, තාරකා විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විශයන්ට ඉමහත් දක්ෂතා දැකුවූ ෂකර්බර්ග් පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි. නමුත් එය කිසිවෙකුටත් ඔහුගේ නොනවතින ගමනට අභියෝගයක් කර නොගත් ඔහු ජීවිතය සතුටින් හා සැහැල්ලුවෙන් විදිමින් සිටී. ෆේස්බුක් වෙබ් අඩවිය තුළ මුළු දවසම ගත කරන, එක ජීවිතේම කොටසක් බවට පත්වූ ඔබට කිසිවිටක සිතුනාද ෆේස්බුක් වෙබ් අඩවිය නිල් පාටින් හැඩ ගන්වා ඇත්තේ ඇයි කියා ? ඒ මාක් ෂකර්බර්ග් පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි. ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් ෂකර්බර්ග් යනු ලොව වැඩිම බලපැමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙකි. 

2004 වසරේදී අරම්භ කරන ලද ඔහුගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය මාක් විසින් ලබාගත්තේ එහි මිලියන පන්සීය වැනි සාමාජිකයා ලෙසින. සෝසල් නෙට්වර්ක් යන නමින් මාක් ෂකර්බර්ග් හා ෆේස්බුක් වෙබ් අඩවිය ගැන තැනූ විත්‍රපටියක් ද වේ. එය පසුගිය වසරේදී අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එම චිත්‍ර පටියට දායකු වූයේ The Accidental Billionaire නම් ඔහුගේ චරිතාපදාන ග්‍රන්ථයයි. වර්ථමානය වන විට ලොව අංක එකේ ලාබාලතම කෝටිපතියා වන මාක් ෂකර්බර්ග් තවමත් ගෙවමින් සිටින්නේ ඔහුගේ 26 වන වසර වීමද විශේෂත්වයකි. 


මාක් 2004 වසරේදී හාවඩ් විශ්ව විධයාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී ඔහු සමඟ ඉගෙනුම ලැබූ තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව ෆේස්බුක් වෙබ් අඩවිය තැනුවේ හුදෙක් විනෝදය සදහායි. එය මෙතරම් ජනතා ආකර්ශණයක් දිනා ලෝක සංස්කෘතියක් බවට පත්වේ යැයි එදා ඔහුව් සිහිනෙන් වත් නොසිතන්නට ඇති.

වර්ශ 2004 හි පෙබරවාරි 4 වෙනි දින, මෙම මුහුණු පොත පිහිටුවන ලදි. මෙය පිහිටුවනු ලැබුයේ Mark Zuckerberg සමග එක්ව එවකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes තිදෙනා එකතුවෙනි. මොවුන් විසින් ගොඩනගන ලද Social Network එක අද වන විට ලොව පුරා සිටින ජනතාවගේ ජීවිතයෙහි කොටසක් බවට පත්ව තිබෙනවා. මේ වන විට මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකයන් මිලියන 900ක් සිටිනවා. මොවුන් දිනකට එක්වතාවක් හෝ ඔවුන්ගේ ගිණුම් පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම මුහුණු පොත මගින් අපි අතර මිතුර හවුල් ඇති කරන අතර. දැන්වීම් ප්‍රචාරය ඔස්සේ ආදායමක් උපයා ගනු ලබනවා. එය වසර 2010 දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.97 ලෙස පැවතුනත්, 2011 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.71 බවට පත්ව තිබෙනවා. මෙම පහසුකම් ලබාදීම සදහා මෙම ආයතරයෙහි සේවකයක් තුන්දහසකට වඩා වැඩියෙන් සේවයේ නිරත වී සිටිනවා. Face Mash වලින් ඇරබුණු මෙම ගමන කොතරම් දුරකට ඇවිත් තිබෙන්නේද.

ලොව ප්‍රමුකතම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය මේ වන විටත් අන් කිසිදු වෙබ් අඩවිකයට සම කල නොහැකි ආකාරයට දියුණු වෙමින් පවතී. මිලියන 900කටත් වඩා වැඩි සාමාජික පිරිසක් සිටින ෆේස්බුක් වෙබ් අඩවිය හරහා මුළු ලෝකයම එකට කරන මිතුරු පාරාදීශයක් බවට පත්ව තිබෙනවා. දිනෙන් දිනම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එකතු වන සාමාජික සංඛ්‍යාව ඉහල යන නිසාවෙන් එහි සමාගම් මධ්‍යස්ථානයේ දත්ත ගබඩාවන්හි ඉඩ මදී වි තිබෙනවා. ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 100කටත් අදික සංඛ්‍යාවක් එකතු වන බව ගනන් බලා තිබෙනවා. දුරදක්නා නුවනකින් වැඩ කටයුතු කරන ෆේස්බුක් නිර්මාතෘ මාක් ෂකර්බර්ග් මහතා මෙය කලිතියා වටහාගෙන නව දත්ත ගබඩාකිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහි වැඩ කටයුතු කඩි මිඩුයේ අවසක් කරමින් දත්ත මධ්‍යස්තානය පසුගිය දා විවෘත කලේය. මෙහිදී ඔවුන් විසින් ලොව අනෙකුත් සමාගම් නොකල විශේෂිත ක්‍රියාවක් සිදු කලේය. ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයේ සැලසුම් ලෝකයා වෙත ප්‍රසිද්ධ කිරීම නිසා, ලොකයා මවිතයට පත්වූවා. ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් තම දත්ත ගබඩාවන්හි සැළසුම් රහසිකතව තබා ගත්තත් ෆේස්බුක් විසින් ඔවුන්ගේ සුවිසල් ධත්ත මධ්‍යස්ථානයේ තොරතුරු හෙලි ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.

මෙම සුවිසල් ධත්ත මධ්‍යස්ථානය ඇමරිකාවේ ප්‍රයින් විල් නගරයේ ඉදිකරන ලදි. මෙම මධ්‍යස්තානය වර්ග අඩි 147,000 ක භුමි ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබෙනවා. නවීනතම තාක්ෂණය යොදාගෙන ඉදිකරණු ලැබූ මෙය දැනට ලෝකයේ තිබෙන විශාලතම ධත්ත මධ්‍යස්තානය බවට පත්ව තිබෙනවා. ඒ වගේම අවම බලශක්ති භාවිතාවත් ඇති ධත්ත මධ්‍යස්තානය ලෙසටද නම්දරා තිබෙනවා. මෙම ගොඩ නැගිල්ල නිර්මාණය කර තිබෙන්නේ ස්භාවික වාතාශ්‍රය ගොඩ නැගිල්ල තුලට ලබාගැනීමට හැකි අයුරිනි. ඒ වගේම මෙහි තිබෙන සර්වර් පද්ධතිව පවා අඩු විදුලි බලයක් ඇතිව ක්‍රියා කරයි. පරිසර හිතකාමී ආකාරයට සහ බලශක්ති අර්බුදයට ගැලපෙන අයුරින් මෙය නිර්මාණය කරලීම සුවිශේෂයි.




  • මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.
  • United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන් 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ. 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ. 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි. 
  • මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ. 
  • සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ. 
  • 48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි. 
  • සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.
  • ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.
  • මහජනතාව මසකර මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.
  • මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ථ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.
  • පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි. 
  • මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ. 
  • මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.
  • මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය. 
  • සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ. 
  • 2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි. 
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය. 
  • ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය. 
  • මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි. 
  • මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.
  • මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි. 


මේ ආකාරයට, මුහුණු පොතේ පරිශීලකයන් විසින්, මෙහි සිදුකරන ක්‍රියාකාරකම් ආසන්න අවශයෙන් ගන්න බලා තිබුනත්, මේවයෙහි වෙනස්කම් ඇති වව බවත් කරුණාවෙන්න සලකන්න.

අපි අතර සිටින බොහොමයක් මිතුරන් මුහුණු පොත (ෆේස්බුක්) ගැන නොදන්නවා වෙන්න බැහැ. අවුරුදු දහය දොලහෙ පුංචි අය පවා මෙය භාවිත කර නොමැති උවත්, මේ ගැන අසා හෝ තිබෙන්නට පුළුවනි. මුහුණු පොත ගැන ඒ තරම් කතාබහක් අද වන විට තිබෙනවා. එහෙත් ඒ සැවොම දන්නෙ මුහුණු පොත පරිශීලනට පමණක් වෙන්න ඇති. මුහුණු පොතේ ඇතුල් පැත්ත ගැන සොයාබලන්නට කවුරුත් යොමු නොවෙන්නට ඇති. ඉතින් මේ තොරතුරු ඔබට වැදගත් වේවි යැයි විශ්වාස කරන්නෙමි. 

Comments

  1. Nice post.watina deyak hasitha.

    ReplyDelete
  2. watina post ekak thankz

    ReplyDelete
  3. අලුත් අවාස්ට් කීස් ටිකක් දෙන්නකෝ කලින් ඒවා ඔක්කොම බ්ලැක් ලිස්ටඩ්

    ReplyDelete
  4. ෆේස් බුක් දැක්කාම ඇඩෙනවා තනි ඇහැට...කාපු හැටි මගෙ මොලය.. ඔය පොතට අමතකද..

    ReplyDelete
  5. සහො අද වෙකොට හැමෝම වගේ බිලොග් ලියනව නේ...ගොඩක් දෙනෙක් ලියන්නේ පරිගණක උදවි ගැන... ඉතින් මම හිතුව ඔය හැම බිලොග් ඵකකම දාන අඵත්ම update මගේ බිලොග් ඵකේ දාන්න ඔන කියල ඉතින් මම ඵ්කටම කියල උඵත්ම බිලොග් ඵකක් මටන් ගත්ත ඵෟකෙ නම ,සිංහල බිලොග් වල අඵතම Update,ඉතින් මම කැමතියි ඵ්ක ඹයාගෙ බිලොග් ඵකෙන්ම පටන් ගන්න...කැමතිද...

    http://sinhalablogupdate.blogspot.com/

    ReplyDelete
  6. mama අයේෂ් ගේ පරිගණක උදවු akamay mama poddak pro aka change kalaaaa

    ReplyDelete
  7. ස්තුතියි යාළුවා .හොඳ ලිපියක්...

    ReplyDelete
  8. අයියෝ යාඵ මොකද මෙ උනේ ටෙමිප්ලේටි ඵකට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව