Skip to main content

ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons]



ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් යොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත්

වචන වලින් ප්‍රකාශ කල නොහැකි අරුතක් දනවන ඉමොටිකොන්ස් රාශියක් අද වන විට දැකගැනීමට පුළුවන්, ඒ අතර පෙර පැවති ඉමේජයක් ආකාරයේ ඉමොටිකොන්ස් වලට අමතරව අද වන විට ඇනිමේටඩ් ඉමොටිකොන්ස් රාශියක්ද දැකීමට පුළුවන්. විශේෂයෙන්ම ස්කයිප්හි ඇනිමේටඩ් ඉමොටිකොන්ස් භාවිත වේ.
එහෙත් මෙම ඉමොටිකොන්ස් මුලින්ම ලෝකයට බිහි වූ දවසේ පටන් සෑහෙන දවසක් ගත වන තුරාවට පැවතුණේ ඉමොටිකොන්ස් එකක් පමණි. එනම් මෙය නිර්මාණ කරන දවසෙහි මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය නිර්මාණය කර තිබුණේ තිත් දෙකකට පසුව කඩ ඉරක් හා වරහනක් යොදා යතුරු පුවරුව මගින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය මගින් සිනහමුසු මුහුණක් නිරූපණය කරයි. [:-)]මෙහි යොදන වරහන නෙක් පැත්තට යෙදූ විට දුක්මුසු මුහුණක් නිරූපණය වේ. [:-(]

මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන මෙය ඔහු සේවය කරන විශ්වවිද්‍යාලයේ සිට මිතුරන්ට ඔන්ලයින් බුලඨිනයකින් යැවීය. ඉන්පසු එය වෙනත් විශ්වාවිද්‍යාල වලටත්, සමාජයටත් පැමැණියේය. මේයින් අනතුරු අද ලෝකයේ මිලියන ගණනක් භාවිත කරන එකම භාෂාවක් බවට මෙය පත්ව තිබෙනවා. මෙම වසරෙහි සැප්තැම්බර් 19 දීනට මෙම භාෂාවට වරස 30ක් සපිරෙයි.

සිනාසෙන මුහුණක් රැගත් ෆෝල්මන්ගේ ඉමොටිකොණය (Fahlman's Smileys) ලෝකට හදුන්වා දුන්නේ අලුත් සංකල්පයකි. මෙමගින් ලෝකයේ ජනතාව ඩිජිටල් භාෂාවකට හුරු පුරුදු වෙති. වචන වලින් ප්‍රකාශ කිරීමේදී කිව නොහැකි තරම් හැගීම් උපදවන භාෂාවක් නිර්මාණය කිරීමට මෙමගින් අඩිතාලම වැටුණි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය විෂය පිළිබද මහාචාර්ග ක්ලිටඩ් නාස් මහතා විසින් ඉමොටිකොන්ස් සමබන්ධයෙන් ඉදිරිපත් කල ප්‍රකාශ්‍ය (යම් අදහසක් ඒ ආකාරයෙන්ම අනෙකාට ඒත්තු ගැන්වීමට අතින් ගත් විට ඉමොටිකොනට භාෂාවේ පොරටුගාමී යෙදුමක් බවත්, යමෙකුට වචනයකින් කියන්නට බැරි අදහසක් මොහොතකින් අනෙකාට ඒත්තු ගන්වන්නට ඉමොටිකොනයට පුළුවන්) බව ඔහු ප්‍රකාශ කල සිටියහ.

මෙම ඉමොටිකොන්ස් ආරම්භයේ පටන් තිස්වසරක කාලක් පුරාවට. විවිධ මෘදුකාංග සංවර්ධනයත්, උපාංග, ආකල්ප දියුණු දීමත්, සමාජය තුළ පරිගණක තාක්ෂණය දියුණු වීමත් නිසා ඉමොටිකොණය අද විට විශාල දියුණුවත් අත් කරගෙන තිබෙනවා. ඒ හා බලන විට ෆෝල්මන්ගේ ඉමොටිකොණය ලැජ්ජා හිතෙන තරමටම අද තිබෙන ඉමොටිකොන්ස් ලස්සනය. සජීවිකරනය කරන ලද ඉමොටිකොන්ස් භාවිතයෙන් අරුත් ප්‍රකාශ කිරීම් වඩාත් සරලයි. තාක්ෂණයෙන් වැඩ ගන්නා සෑම පුද්ගලයෙක්ම හදුනන එකකම භාෂාවක් බවට මෙම ඉමොටිකොන්ස් පත්ව තිබේ. ඒ නිසාවෙන් මෙය ඩිජිටල් භාෂාවක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාවත් තිබේ.



Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...