Skip to main content

තිත්ත උණත් ඇත්ත කතාව - Apple [Think Diffrent]


මීට අවුරුදු තිස් හතකට කලින් ආර්ම්භ කරන ලද ඇපල් සමාගම, එනම් එක්දහස් නවසිය හැත්තෑ පහේ අප්‍රේල් පළමු වැනි දින (මෝඩයාගේ දවසේදී) ඇමරිකාවේ ලියාපදිංචි කළේය. මෙහි ආරම්භකයන් වන ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකව අරම්භ කරන ලද මෙම සමාගමට ඔවුන් විසින් "ඇපල්" යන නාමය තබන ලදි. 

ඔබට මෙහෙම හිතෙන්නෙ නැතිද, ඇයි මේ සමාගමට ඇපල් කියන නම යොදාගත්තෙ. එවකට සිටි මාද්‍යෙව්දීන් සහ වෙනත් පුද්ගලයන් විසින් ඇපල් සමාගමෙන් ඔවුන් මෙවැනි නාමයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට වුණි. ඔවුන් ඇසනු ලැබුයේ මෙම ඇපල් නාමය යොගා ගත්තේ කාට ගෞරව කරන්නද වශයෙනුයි. බිට්ල්ස් සංගීත කණ්ඩායමේ ඇපල් කෝප්ස් සමාගම මතක් වෙන්නද? ඇපල් ගෙඩියකට සියනයිට් එකතු කර කෑමට ගෙන තම ජීවිතයට හානි කොටගත් පරිගණක විද්‍යාවේ පියා වන ඇලන් ටූරින් සිහිගැන්වීමටද? එහෙමත් නැතිනම් සර් අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගනු ලැබුයේ ඇපල් ගෙඩියක් අශ්‍රයෙන් නිසාවෙන් ඔහු සිහි ගැන්වීමටද? මෙම ප්‍රශ්න වලින් එකක්වත් මොවුන්ගෙ පිළිතුර නොවීය. ඇපල් නාමය යොදාගනු ලැබුයේ කලින් වැඩ කල විඩියෝ ක්‍රීඩා සමාගමක් වන අටාරි (Atari) සමාගමට වඩා ඉදිරියෙන් ටෙලිෆෝන් ඩිරෙක්ටරියකට දමාගත හැකි නමක් වීමයි. ඒ අනුව ඇපල් නාමය යොදා ගන්නා ලදි. 

ඇපල් සමාගමේ මුල්ම නිෂ්පාදිත පරිගණකය නම් කෙරුණේ (Apple - I) ලෙසටය. එය සැබැවින්ම මව්පුවරුවක් පමණි. වොස්නියැක් විසින් සැලසුම් කොට සමාගමේ අනිත් සාමාජිකයා වන රොනල්ඩ් වයන් සමඟ එක්ව තනා විකිණූ එය මිලදීඝත පිරිසට ඉතුරු කොටස් එකතු කරමින් පරිගණකයක් තනා ගැනීමට සිදුවිය. මෙම ඇපල් සමාගමේ පළමු කොම්පියුටර් 200ක් පමණය. මින් අනතුරුව 1977 වර්ෂයේදී අප්‍රේල් මාසයේදී (Apple -II) පරිගණකය නිකුත් කෙරුණි. එහෙත් ඇපල් සමාගමේ මුල්ම පරිගණකය වන Apple - I පරිගණකයෙහි මෙන් මව්පුවරුවක් පමණත් නොතිබුණි. මෙය අංග සම්පූර්ණ පරිගනයක් ලෙස ඉදිරිපත් කර තිබුණි. මෙය ලෝකයේ ජනප්‍රියම පරිගණකය බවට පත්වුණි. මෙම පරිගණකය අලෙවියන් ඇපල් සමාගමෙහි ආදායම ඇමරිකානු ඩොලර් කෝටි සියය ඉක්මවා ගියේය. 

මින් පෙර භාවිතයට ගැනුණේ මවුසයක් නොමැති පරිගණකයි. එහෙත් 1983 දී ඉදිරිපත් කල ඇපල් ලීසා (Apple Lisa) පරිගණකයෙහි මුල්ම මවුසයේ ක්‍රියාකාරිත්වය සමගින් ගොඩ නන්වා තිබුණි. ඉන් පසුවට 1984 දී ඇපල් මැකින්ටොෂ් (Apple Macintosh) වෙළෙදපොළට පැමිණියේය. ඇපල් සමාගමේ මේ සියලු නිර්මාණත් සමග වර්ධනයක් පෙන්වුවත්, ඊළග දශකය තුළ ස්ටීව් ජොබ්ස් මහාතා හට සුබ දායක කාලයක් උදා නොවීය. සමාගම ඇතුළත විවිධ ගැටුව් වල ප්‍රතිඵලයක් ලෙස ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමෙන් පිටව ගියේය. ඇපල් සමාගමෙන් පිටත්ව යාවෙන් පසු මොහු විසින් නෙක්ස්ට් (Next) කොම්පියුටර් සමාගම පිහිටුවාගත්හ. කෙටි කලකදී නෙක්ස්ට් සමාගම දියුණුවට පත්වුණේය. ඒසෙමගින් ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස් ‍දෙසට නැවතත් හැරුණි. පසුව ඇපල් සමාගම නෙක්ස්ට් සමාගම මිලට ගත්තේය. අනතුරුව නැවතත් 1996 දී ඇපල් සමාගමේ ප්‍රධාන විධායකයා බවට පත් වුණි. 


මෙම කාල වකවානුව වන විට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ධූරය හෙබවූ ස්ටීව් ජොබ්ස් හතළිස් එක් හැවිරිදි වියෙහි ජීවිතය ගත කළේය. මේ කාලයේදී ඇපල් සමාගමට නව ජීවයක් ඇති කරලීමට හැකියි සිතා නව නිර්මාණ කරුවෙන් වන ජොනතන් අයිව් ඇපල් සමාගමට ගෙන්වා ගන්නා ලදි. ඇපල් ඇයිමැක් (iMac) සිට අපිපොඩ් (iPod) දක්වා වන යන්ත්‍ර නිර්මාණය මොහු විසින් සිදු කරනු ලැබුයේය. 

එක්දහස් නවසිය අනූ අටේදී (1998) ස්ටීව් ජොබ්ස් ඇපල් ඇයිමැක් පරිගණකය වෙළද පොළට නිකුත් කරන ලදි. එය කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත්, මුල් මාසයේදී පොම්පියුටර් එක්ලක්ෂ පනස් දහසක් විකිණී ගියේය. අවුරුද්දකට පසු එහි වෙළදාම ලක්ෂ විස්සක් අභිබවා ගියේය. එදා පටන් අද දක්වාම ලෝකයේ ජනප්‍රියම පරිගණකට මොඩියුලට ඇයි මැක් නාමට රැකගන්නට ඇපල් සමාගමට හැකිවිය. ඉන්පසුව ඇපල් සමාගමේ නව නිෂ්පාදන ලෙස අයිභුක් (iBook), පවර්මැක් (Power Mac), මැක්මිණි (MacMini) අයි ෆෝන් (iPhone), වෙළද පොළට පැමිණියේය.

මෙම නිපැයුම් සමගින් ලෝකයේ මුළු කොම්පියුටර් වෙළදාමෙන් සියයට හතරක පංගුවක් අල්ලාගෙන සිටින ඇපල් සමාගම පරිගණක ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් බවට පත්ව තිබේ. එහි පූර්ණ දායකත්වය ලබාදෙමින් පරිගණක ලෝකය නව වෙනස් කමක් ඇති කරමින් වෙනස් වූ නිර්මාණ ලෝකයට බිහිකළ ස්ටීව් ජොබ්ස් පිළිගැනීමට ලක්වෙයි. එහෙත් අවාසනාවට ඔහු අද අප අතර නොමැති වීමයි. 


ජොනතන් අයිව් යනු පරිගණක උපන්ගෙයි හැඩය වෙනස් කල පුද්ගලයාය. මොනිටර්යක් නම් එය මේ හැඩයේය. යැතුරු පුවරුව මවුසය මේ සියල්ලටම නියමිත හැඩ එකල භාවිත වුණි. එහෙත් මේ සියල්ල බිද වට්ටමින් අලුත් තාලයට ගැලපෙන අයුරින් තම නිර්මාණ ලෝකයට බිහි කරමින් ජොනතන් අයිව්ගේ මහන්සියේ ප්‍රතිඵල වශයෙනි. 1967 දී ලන්ඩනයේ උපන් ජොනතන් අයිව් 1985 දී නිර්මාණ සැලසුම් ශිල්පය හදාරන්නට නිව්කාසල් පොලිටෙක්නික් ආයතනයට ගියේය. ලන්ඩනයේ ටැන්ගරීන් නිර්මාණ ආයතනයට එන්නට පුළුවන් කම ලැබුණේ ඉන් පසුවයි. ඇපල් පරිගණක ආයතනයට සේවා සැපයමින් සිටි ටැන්ගරීන් ආයතනයෙන් ඉවත්ව ඇපල් සමාගමට පැමිණෙන ලෙස ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් විසින් මොහුට ඇරයුම් ලැබුණි. 1992 දී ඔහු ඇපල් සමාගමේ නිර්මාණ අංශයේ උපසභාපති කළේය. මෙතන් පටන් මොහු ඇපල් සමාගමට සේවය කළේය. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර වෙසෙන තවකතාකාරියක් වන හීධර් අයිව් නැමැත්තිය ජොනතන් අයිව්ගේ බිරිදය.

වසර 2003 දී ලෝකයේ හොදම නිර්මාණ ශිල්පියා (Design Museum's Designer of The Year) ලෙස සම්මාන ලැබූ මොහු දැන් හතළිස් පස්වන වියෙහි ජීවත්වේ. මොහු මෙම සම්මානය ලබාගත් මොහොතේ ජනමාධ්‍යවේදීන් වෙත ඉදිරිපක් කල ප්‍රකාශය මෙසේය "පොලිටෙක්නික් එකේ ඉන්න කාලේ මට පෙන්වන්න බැරි ඩිසයින් එක තිබුණේ කොම්පියුටර් වලයි. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මේ පරණ පෙට්ටිය වෙනස් වෙලා නෑ නේද කියලා මම නිතරම හිතුවා. ඒ නිසා හැමවෙලේම හිතුවෙ අලුත් විදිහෙ කොම්පියුටර්යක් ගැනයි." මෙම ප්‍රකාශය ඉදිපත් කල මොහු විසින් ලෝකයට දායද කල නිර්මාණ බොහොමයකි. ඒවා පහත දැක්වේ. ඇයිභුක් (iBook), පවර්මැක් (Power Mac), පවර් බුක් (Power Book), මැක් මිණි (Mac Mini), අයි පොඩ් (iPod), අයිෆෝන් (iPhone) සමගින් මැක් බුක් එයා (Mac Book Air) වෙළදපොළට නිකුත් කෙරුණේ ජොනතන් අයිව්ගේ නිර්මාණාත්මට චින්තනය ලෝකය ඉදිරියේ මවිත කරමිනි. අද ලෝකයේ සිටින කීර්තිමත්ම තාක්ෂණික උපාංග නිර්මාණ ශිල්පියා, ඇපල් සමාගමේ මොස්තර පිළිබද ප්‍රධානියා වෙන ජොනතන් අයිව් කල සේවය අගයමින් බ්‍රිතාන්‍යෙය් මහ රැජින විසින් පසුගියදා නයිට් නාමය (KBE - Knight Commander of the British Empire) පුද කළාය. එම නිසාවෙන් මොහුව දැන් ශ්‍රීමත් ජොනතන් අයිව් ලෙස හැදින්වීමට පුළුවන. 

ඇපල් සමාගම ගැන කතාකරන විට නැතිවම බැරි පුද්ගලයෙක් වන ස්ටීව් ජොබ්ස් මහතා ගැනත් කතා කල යුතුමයි. නැතහොත් එය අඩුවක් වේවි. 1955 දී පෙබරවාරී 24 වෙනි දින ඇමෙරිකාවේ සැන්ෆ්රැන්සිස් නුවර උපත ලැබූහ. සිරියාවේ සිට ඇමරිකාවේ විස්කොන්සිස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුමට පැමිණි අබ්දුල්ෆාටා ජන්දාලිගේ සහ එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබාගත් ජොආණ් රොල් සිම්සෙන් යන දෙමවුපියන්නට දාවය. මේ දෙමව්පියන් විශ්ව විද්‍යාල සිසුස් නිසා ස්ටීව් ජොබ්ස් නැමැත්තා ඇමරිකානු පවුලකට හදා වඩා ගන්නට භාර දුන්නේය. ඒ කැලිෆෝනියාවේ මවුන්ට්වීව්හි පෝල් සහ ක්ලාරා ජොබ්ස් පවුලටය. 



ස්ටීව් ජොබ්ස් කැලිෆෝනියාවේ හෝම්ස්ටෙඩ් උසස් පාසලේ අධ්‍යාපනය ලබද්දීම හෙව්ලට් පැකාඩ් සමාගමේ අමතර රැකියාවක් කළේය. 1972 දී රීඩ් කොලීජියට ඇතුළත් උවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුයේ මුල් කාර්තුවේදී පමණි. ඔහු එය අතරහැර දැමීය දෙමව්පියන්ගෙන් නොයැපී ස්වෝත්සාහයෙන් ජීවත්වීමට ඔහු තීරණය කල නිසා නොයෙක් සුළු සුළු රැකියා කරමින් කටුක ජීවිතයක් ගෙවීය. මේ අතර 1974 දී ඉන්දියාවට පැමිණ බුද්ධාගම වැළද ගත්තේය. නවතත් ඇමරිකාවට ගොස් ඉතා සුළුවෙන් ඇපල් සමාගම ආරම්භ කරන ලදි. මොහුගේ බිරිද වන ලෝරන්ස් පවෙල් සහ දරුවත් හතරදෙනෙකු සමග ජීවිතය ගත කළේය. පසුගිය වර්ෂයේ ඔක්තොම්බර් මස 05 දින අග්න්‍යාසයේ පිළිකාවක් නිසා මොහු මිය ගියේය.

1993 වර්ෂයේදී ඉන්ෆිනයිට් ලූප් සරසවිය (Infinite Loop Campus) ඉදිරිකරනු ලැබුවේ ඇපල් සමාගමෙහි තාක්ෂණික උපකරණ පිළිබද පර්යේෂණයන් අත්හදා බැලීම් කටයුතු සිදුකිරීමේ මූලස්ථානය ලෙසටය. ඉන්ෆිනයිට් ලූප් නම් මාවතකින් සම්බන්ධිත වන මෙම ගොඩනැගිලි 6කින් සමන්විත මෙම මූලස්ථානය තුළ මේ වන විට ක්‍රමයෙන් ඉඩ මදිව තිබෙනවා. මේ නිසාවෙන් ලංන්ඩන් නගරයේ සිටින සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ශ්‍රීමත් නෝමන් ෆොස්ටර් සමග එක්ව ඉතා පුදුමාකාර ගොජනැගිල්ලක් සදහා සැලසුම් නිර්මාණය කර අවසන් කරලමින් සිටී. රවුම් හැඩයෙන් හා මහල් 6කින් යුතු මෙම ගොඩනැගිල්ල ගුවනේ සිට බලන විට අභ්‍යාකාශ යානාවක් සේ පෙනෙනු ඇත. මෙම නව පර්යේෂණාගාරය නම්කර තිබෙන්නේ Spaceship Campus (අභ්‍යාවකාශ යානා සරසවිය) ලෙසටයි. මෙම ගොඩ නැගිල්ල විශාලත්වයෙන් ඇමරිකාවේ පෙන්ටගන් ගොඩනැගිල්ලටත් වඩා විශාල වනු ඇති බටව විශ්වාස කරයි. සැලසුමට ඇවුඩ රවුම් හැඩයෙහි වට ප්‍රමාණය අඩි 1615 ක විශ්කම්භයක් යුක්ත වන අතර කාර්යාලීය කටයුතු සදහා වර්ග මීටර් 27870 ක ඉඩ ප්‍රමාණයකුත් වෙන් කර තිබෙනවා. එසේම සේවකයන් 13000 කට අපහසුවක් නොමැතිව සේවය කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් මෙහි තිබෙනවා. අනෙකුත් අධ්‍යයනය කටයුත් සදහා සහ පර්යේෂණ සදහා වර්ග මීටර් 27870 ක ඉඩක් ප්‍රමාණයක්ද වෙන් තර තිබේ. මෙම ගොඩ නැගිල්ලෙහි භූගතව අසන 1000කින් යුත් ශ්‍රවණාගාරයක් ගොඩ නැගීමටද සැලසුම් කර තිබෙනවා. මෙම නව ඇපල් සරසවිය 2015දී වැඩ නිම කරලීමට අපේක්ෂිතයි.

දැන් ඔයාලා බලනවා ඇති, මූ මොනවද මේ කියවන්නෙ කියලා :D ඇපල් සමාගමේ කුණු රොඩු අවුස්සන්න කලිනේ ඒ සමාගම ගැන ඔයාලට කියලා දෙන්න හිතුවා. ඒකයි ටිකක් ලිව්වෙ. මොකද ඇපල් ෆෝන් එකක් පාවිච්චි කර පලියට ඇපල් සමාගම සම්බන්ධයෙන් දැනුමක් ලැබෙන්නෙ නැහැනෙ. තවත් සමහරෙක් මට කියනවා දන්න දේ කතා කරන්න කියලා, අනිවා දන්න දේ තමයි ඉදිරිපත් කරන්නෙ. දන්නෙ නැතිනම් මට මෙහෙම බොරු ලියන්න බැහැ. මතුපිට සමාජයේ ජීවත් වෙන කෙනෙකුට ඇපල් නම අහපු ගමන් හා මරු කියලා හිතෙන්න පුළුවන්, හ්ම් ඇත්තටම මරු. මම කියන්නෙ නැහැ වැරදියි කියලා. මෙතැන් පටන් බලමු තිත්ත උණත් ඇත්ත කතාව ඇපල් -:) 


ඇපල් නිෂ්පාදන වල ඇත්ත කතාව ප්‍රකාශයට පත්කරන්න මුලින්ම ආරම්භකලේ වෙබ් අඩවියක් හරහාය. ඒ ඇපල් මැක්මිණි වල රහස් හෙළි කරමිනුයි. එය ප්‍රසිද්ධ කරනු ලැබුයේ සින්ක් ෂීක්රට් නැමති වෙබ් අඩවියෙනි. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා නික් සියරෙලි "තින්ක් ෂීක්රට්" (Think Secret) නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. 1998 දී ආරම්භ කල මෙයමගින් තාක්ෂණිකපක්ෂයේ නොයෙක් රහස් එළි කරන්නට සිතා ගෙනය. විශේෂයෙන්ම ඇපල් සමගමේ නිෂ්පාදන වල රහස් හෙළි කිරීමට සිතා ගෙනය. 

ඇපල් සමාගම සිය ප්‍රචාරණ දැන්වීම සදහා යොදාන්න පාඨය ලෙස "තින්ක් ඩිෆරන්ට්" (Think Deferent) ලෙස යොදාගැනිණි. වෙනස් විදිහට රකිනවා වෙන්න ඇපල් සමාගම තම නිෂ්පාදන වල රහස් තදින් රකින ආයතනයක් ලෙස කටයුතු කළා. තින්ක් ෂීක්රට් හෙවත් රහසින් හිතන්න යන අරථය සතිය නාමය නික් සියරෙලි විසින් යොදා ගත්තේ මේ නිසාය. 

ඇපල් සමාගමේ නවතම නිර්මාණයක් වන ඇපල් මැක්මිණි 2005 ජනවාරී මාසරේ ඉදිරිපත් කිරීමට කලියෙන් තින්ක් ෂීක්රට් වෙබ් අඩවිය හරහා එහි ගතිගුණ හෙළි කළේය. මේ නිසාවෙන් ඇපල් සමාගම තින්ක් ෂීක්රට් වෙබ් අඩවියට එරෙහිව නඩු දැමුයේ ඇපල් සමාගමේ රහස් තොරතුරු හෙළි කළේ කවුද කියා ප්‍රකාශ කරන ලෙසටය. තින්ක් ෂීක්රට් වෙත රහස් හෙළි කල තැනැත්තා එළි කිරීම ජනමාද්‍යෙව්දියෙක් විදිහට තමන්ට කල නොහැකි දෙයක් යැයි තින්ක් සීක්‍රට් පවත්වාගෙන ගිය නික් සියරෙලි ප්‍රකාශ කළේය. එහෙත් ඇපල් සමාගෙම් තර්ජනය වුයේ තමන්ගේම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් හෙවත් බ්ලොග් රචකයින්ට සාමාන්‍ය ජනමාද්‍යෙව්දීන්ට දෙන වරප්‍රසාද නොදිය යුතු බවයි. මේ අදහසට එකඟ වෙමින් ඇපල් සමාගමට පක්ෂව තීන්දුව දුන්නේය. එතනදී ඇපෑලක් ඉදිරිපත් කරමින් තින්ක් සීක්‍රට් වෙබ් අඩවියෙහි නිර්මාතෘ වන නික් සියරෙලි කියා සිටියේ රහස් හෙළි කළේ කවුද කියා හෙළි කරනවා වෙනුවට තම වෙබ් අඩවිය වසා දවන්නට අවරස දෙන ලෙසටයි. එයට අවසර ලැබුණු අතර මේ අනුව තින්ක් සීක්‍රට් වෙබ් අඩවිය වසා දැමුණි. ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු BBC New ඔස්සෙ කියා සිටියේ තින්ක් සීක්‍රට් හි මෙම ක්‍රියාමාර්ගය ගැන ඔවුන් සතුටු වන බවත්ය. BBC New ඔස්සෙ. මේ ආකාරයට තින්ක් සීක්‍රට් අවසානයත් සමඟ කල් යනවිට ඇපල් සමාගමෙහි රහස් තොරතුරු ටිකෙන් ටික ලෝකයා ඉදිරියේ දිග හැරුණි. 


ඇපල් සමාගමේ බොහොමයක් නිෂ්පාදන තිබුණත් ඒවා අතරින් මහජනතාව අත වැඩියෙන්ම භාවිත වන්නේ ඇපල් සමාගෙන් දුකරකථන මාදිලියයි. මේ නිසාවෙන් ඇපල් සමාගම මහජනයා ඇතර වඩාත් ජනප්‍රිය ලෝව ප්‍රමුඛතම දුරකථන නිෂ්පාදන කරුවෙක් ලෙසටයි. ඇයි පෑඩ්, අපි ෆෝන් හා අයි පොඩ් යන ජනප්‍රිය උපාංග කිසිවක් ඇපල් සමාගමේ හෝ ඇමරිකාවේ වෙනත් කර්මාන්ත ශාලාවක නිපදවන ඒවා නොවෙයි. ඇපල් නිෂ්පාදන අතරින් ජනප්‍රිය නිෂ්පාදන බොහොමයක් නිෂ්පාදනය කරන්නෙ චීනයේ පිහිටි ෆොක්ස්කෝන් (Focconn) සමාගමෙ විසිනි. පසුගය මාසයකදී සිදුවූ සිද්ධි කිහිපයක් නිසා හෙළි වූයේ ඇපල් නිෂ්පාදන තනන Foxconn සමාගමේ සේවයන් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරන බවයි. 

ඇපල් සමාගමේ කොදු නාරටිය බදු Foxconn සමාගම තුළ පසුගිය කාලයේ සිදුවූ අනතුරු නිසාවෙන් ඇපල් නිෂ්පාදනාගාරයෙහි චීන සේවකයන් සේවය කිරීම පිළිබදව කතා බහක් තිබුණි. Foxconn සමාගධ දවසේ පැය 24 පුරාවට සේවය කරන සමාගමකි. දිනකට පැන 12 බැගින් සතියට දින 6ක් වැඩ කල යුතුය තිබේ. ඔවුන්ගේ සේවා කාලය පුරාවට එනම් දවසේ පැය 12 පුරාවට හිටගෙන සේවය කරීමට ඔවුන්ට සිදුවේ. මේ නිසාවෙන් Foxconn සමාගමට චොදනා එල්ල වී තිබෙනවා, සේවයන්ට අවශ්‍ය පහසුකම් අවශ්‍ය තත්වයෙන් පවත්වා නොගමින් සේවයන්ගෙන් බර වැඩ ලබා ගන්නා බවයි. එසේම බාල වයස් කාරයන් යොදාගෙන වැඩ ගන්නා බවටත් මොවුන්ට චොදනා එල්ල කර තිබෙනවා. අයතනයේ නිවාස සංකීරණය තුළට සේවයන්ට වාසය කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම මෙහි ඉහළ මහල් වලින් බිමට පැන කිහිප දෙනෙක් සියදිවි නසාගැනීමද උත්සහ කර තිබෙන බවටද වාර්තා වී තිබෙනවා. 

මේ සියලු චෝදනා Foxcon සමාගම වෙත එල්ලවන්නට වූයේ පසුගිය දිනක සිදුවූ ඇනතුරකින් සේවකයන් කිහිපදෙනෙක්ම මිට යෑමයි. චෙන්ගු ප්‍රදේශයේ පිහිටි Foxcon සමාගමේ iPad නිෂ්පාදනාගාරයේ සිදුවූ මෙම පිපිරීමෙන් ඇමරිකාවට ඇතුළු බටහිර රටවල් කැලබී ගිය අතර Foxcon සමාගම වෙත බොහෝ දෙනාගේ ඇගිල්ල දිගු වී තිබුණි. කෙසේ වෙනත් Foxconn සමාගම පවසන්නේ ඔවුනට විරුද්ධව බටහිර රටවල් එල්ල කරන තොරතුරු සත්‍ය නොවන බවත්ය. ඔවුන් සේවක සුබසාධනය සදහා කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් ඇපල් සමාගමේ සේවකයන් ආරක්ෂාව ගැන කැපවෙන බවත් ඇපල් හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් සමාගමේ සේවකයන්ට යැවුණු ඊමේල් පණිවුඩයකින් ඒ බව ප්‍රකාශ කර සිටියේය. 

මෙම චොදනා සියල්ල නිසාවෙන් ඇපල් සමාගම සහ ෆොක්ස්කෝන් සමාගම් ද්ත්වයට එරෙහිව විදෝදයක් මතුවී තිබෙනවා. විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ ඇමරිකාව විනෝදාස්වාද උපාංග ලෙස i-Pad, I-Phone සපයන්නේ චීන වැසියන්ගේ දුක්ඛ සහගත ජීවිත මතින් බවයි. තවත් සමහර පවසන්නේ ඇපල් නිෂ්පාදන වර්ජනය කල යුතු බවයි. ඇපල් සමාගමට සිය සේවකයන් ආරක්ෂා කිරීමට බල කෙරෙන ක්‍රියාපිළිවෙතක් වෙබ් අඩවියක් විසින් අරබා තිබුණි. එයට පරිශිලකයන් 150,000 ක් පමණ එක්ව සිටි බවත් පැවසේ. 

කෙසේ වෙතත් මධ්‍යස්ථ මතධාරීන් පවසන්නේ ඇපල් සමාගම වෙන විරෝධය පෑම සාධාරණ වුවත් ඇපල් නිෂ්පාදන වර්ජනය කිරීම නම් විය නොහැක්කක් බවයි. ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රෙය් තවමත් පෙරමුණ ගෙන සිටින්නේ ඇපල් සමාගමයි. 

එසේම ගූගල් සමාගමේ සහ මයික්‍රොසොෆ්ට් වැනි දැවන්ත සමාගම් සදහාත් ජංගම උපාංග ක්ෂේත්‍රෙය් මට සටහන් කරන්නා වන්නේ ඇපල් සමාගමයි. ඔවුන්ගේ නිෂ්පාදන සදහා ප්‍රමාණවත් තරගකාරීත්වයක් මෙතෙක් එළි දැක්වී නොමැත. අලුතෙන් ඇපල් නිෂ්පාදයන් නිකුත් කරන දිනයකදී කඩසාප්පු වෙත පොලිම වල මිනිසුන් පොරකන්නේ ඇපල් සමාගමේ නව නිෂ්පාදනය මිලදී ගන්නටය. මේ කරුණු නිසාවෙන් ඇපල් සමාගමේ නිෂ්පාදන කෙරෙහි පාරිභෝගික ඇල්මට මෙය බලනොපාන බවයි.

තවත් කිය යුතු කාරණයක් තිබෙනවා. ඇපල් නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් හා තාක්ෂණික ඇතින් ඇති ඉහළ තලයක නිබුණත් ඒවා වෙළදපොළට එන්නේ සාපේස්ව මිල අඩු නිෂ්පාදන වශයෙනි. ඇපල් නිෂ්පාදන යනු මිල අඩු නිෂ්පාදන නොවේ. එහෙත් සැබැ වෙළද පොළ වටිනාකම සලකන විට ඇපල් නිෂ්පාදන අලෙවි වන්නේ සාපේක්ෂව අඩු මිලකයට. එසේ වන්නේ ඒවා ඉතා අඩු නිෂ්පාදන වියදමක් යටතේ නිපදවීමයි. චීනයේ නිෂ්පාදන කරවීමයි. ඇපල් උපාංග නිපදවන නිෂ්පාදනාගාරයන්ගි සේවයන්ගේ පහසුකම් කප්පාදු කර ඇතියි ඇතමුන් ප්‍රකාශ කර සිටියි. 


ඇපල් සමාගම ආරම්භයේදී සුළුවෙන් අරම්භ කළත් අද වන විට දැවැන්ත ලාභයක් බලන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඇපල් සමාගමේ බැංගු ගිණුම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් තරම් ධනස්කන්ධයක් තැම්පත් කර තිබෙනවා. මෙම දැවැන්ත වත්කමින් සුළු ප්‍රමාණයක් යෙදවීමන් තම නිෂ්පාදන වන කොදු නාරටිව වන Foxconn සමාගමේ සේවකයන්ගේ සුබ සාධනය සදහා දැවෙන ප්‍රශ්න නිරාකරණය කරලීමට පුළුවන. නිව් යෝක් ටයිම්ස් පුවත්පත මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් අන්තර්ජාල පාඨකයන් අතර විමසුමක් තිබුණේය. එහිදී බොහෝ දෙනාගේ අදහස උණේ ඇපල් සමාගමේ නිෂ්පාදන ඇමරිකාව තුළම නිෂ්පාදනය කරලිය යුතු බවයි. එවිට අතිරේක වියදම් සහ බදු මුදල් සමාගම විසින් දරාගත යුතු බවයි. 

මෙහිදී කිව යුතු කවත් කාරණයක් තිබෙනවා. නිෂ්පාදනාගාර සේවයන් හට සේවක පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ගෙවන මුදල් අයකර ගැනීමට සිදුවනුයේ ඇපල් පාරිභොගියන්ගෙනුයි. එයින් සිදුවන්නේ ඇපල් සමාගමේ නිෂ්පාදන වල වටිකම ඉහළ යාමයි. පරාබෝගියන්හට වැඩි මුදලක් වැය කරලීමට සිදුවීමට ඉඩ තිබෙයි. ලාභය පසුපය හබායන ඇපල් සමාගම සිය වත්කම් වලින් Foxconn සමාගමේ සුබ සාධනය සදහා මුදලක් වැය කිරීම ගැන එතරම් විශ්වාසයක් නොමැත. ඇමරිකාව සම සෙසු බටහිර රටවල් වන විනෝදාස්වාදය සදහා වීන සේවකයන්ගේ ජීවිත කැප කරලමින් සේවා කිරීමට සිදුවේවි. 

ඔබ අතරින් බොහොමයක් දෙනා දන්නවා ඇති. Samsung සමාගට ඇපල් සමාගව විසින් නඩු ගොනු කරනු ලැබුවා. ඇපල් සමාගම විසින් නිෂ්පාදන කරන උපාංගයන්හි පේටන්ට් අයිතිය ඔවුන් සතුවේ. එහෙත් සිය උපාංගයන්හි විශේෂිතා සැම්සුන් සමාගම විසින් භාවිත කර ඇතයි ඇපල් සමාගම ප්‍රකාශ කරමින් සැම්සුන් සමාගමට එරෙහිව එක පිට එක නඩු ගොනු කළා. මෙම සමහර නඩු වලින් ඇපල් සමාගම ජයග්‍රහණය කරනු ලැබුණා. මෙම නඩු දැමීමට හේතුව ඇපල් සමාගමේ නිෂ්පාදන වලට සැම්සුන් සමාගම විසින් ඉදිරියේදී ප්‍රබල තරගකාරිත්වයක් එල්ල වෙතැයි සිතා. එය මැඩපැවැත්වීම උදෙසාය. 

මෙම අමනාපකම් කෙසේ ඇති වුවත්, ඇපල් සමාගමෙහි නිෂ්පාදන වලට විශාල දායකත්වයක් සැම්සුන් සමාගම විශාල දායකත්වයක් දක්වයි. මෑතකදී නිෂ්පාදන කල ඇයි-පෑඩ් හි Retina Display තිරය සම්පූර්ණයෙන්ම පාහේ සැම්සුන් සමාගම විසින් නිපදවූවකි. මෙම නව අයි-පෑඩයේ Retina Display තිරය නිපදවීම සදහා LG හා Sharp යන සමාගම් වලටද ඇපල් සමාගමෙන් අවස්ථාව ලැබුණත් ඔවුන් බලාපොරොත්තු වූ වත්වයෙන් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකිවායක් නොලැබුණි. ඉහළ තාක්ෂණික හැකියාවත් සහිත පරිගණක සමාගමක් ලෙස සැම්සුන් සමාගම නම් දරා සිටී.
මෙයට අමතරව ඇපල් හී නව අයි-පෑඩයේ ප්‍රොසෙසරය වන අලුත්ම A5X චිපය ද සැම්සුන් සමාගමේ නිෂපාදනයකි. ඒ අනුව නව අයි-පෑඩයේ අලුත්ම විශේෂාංග වලින් දෙකක්ම සැම්සුන් සමාගමේ නිෂ්පාදනයි. iPad ටැබ්ලට් පරිගණකයේ සාර්ථකත්වය පසුපස සිටින්නේද සැම්සුන් සමාගමයි. iPhone සදහා මුල සිටම උපාංග සපයන්නේ සැම්සුන් සමාගම වන නමුත් සිය ප්‍රධාන සැපයුම්කරු ඇපල් සමාගමයි. නීතිමට යුද්ධයක් ආරම්භ කිරීම විස්මයජනක සම්බන්ධයකි. ඇපල් සමාගම සදහා සැපයූ නවතම තිර තාක්ෂණය සහ ප්‍රොසෙසරය යොදාගෙන තව නොබෝදිනකින් සැම්සුන් සමාගම විසින් ආකර්ෂණීය ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් පරිගණකයක් ඉදිරිපත් කරනු ඇත. එහෙත් එහිදීද ඇපල් සමාගම මෙයට විරුද්ධව නඩු මගට පැමිණෙයිද? සිද්ධියක සම්භාවිතාවකි :P 

ඇපල් සමාගමේ තිත්ත උණත් ඇත්ත කියලා මෙම ලිපිය ආරම්භ කිරීමට හේතුව, බොහො දෙනෙක් ඇපල් සමාගමේ නිෂ්පාදන භාවිත කරනවා, ලංකාවෙත් සුළු පිරිසක් හරි සිටිනවා. එහෙත් මේ අය උපාංගය භාවිත කරලීම සම්බන්ධයෙන් දැනුමක් තිබුණත්, එහි තිබෙන තාක්ෂණිප ඇත්ත ගැන නොදනී. ඇපල් සමාගමේ නිෂ්පාදන හොද නැහැ කිව්වම තවත් සමහරෙක් කියනවා, එහෙනම් ඇන්ඩ්‍රොයිඩ්? හොද කියලා, Android කියන්නෙ Mobile OS එකක් විතරයි, ඇපල් සමාගමේ නිෂ්පාදන වෙනම IOS එක යටතේ ක්‍රියාකරවන්නක්. මෙම ඉදිරිපත් කළේ, යම්කිසි සමාගමක් පහත් කොළ සැලකීමට නොව. ඔබ විසින් ඇත්ත දැනගත යුතු නිසාමයි. ඔබත් සමට මට වාදයක් ගොඩනැගීමට අවශ්‍ය නැහැ, මෙය කියවීමෙන් ඔබ යමක් ලබාගත්තනම් මාගේ උස්සාහය සාර්ථකයි. ස්තූතියි ඔබට සුබ දවසක් ! ජයෙන් ජය !

Comments

  1. godak thorathuru danagaththa... watina lipiyak..

    ReplyDelete
  2. mama lankawe blog akakata google adsense gaththa........ape gamu hama akkanatama adsense.....mama u ta blog aka dannam

    ReplyDelete
  3. මචං මම අෙය්ෂ් මම තමයි අයේෂ් ගේ පරිගණක උදවු බිලොග් ඵක කරන්නේ මාව දන්නව ෙන්ද... මම තමයි Shamin බිලොග් ඵක හැදුවෙ ඵ්කට අපි ඇඩිසෙන්ස් ගත්ත..ඵ්ත් තාම ඇඩි පේන්නේ නැහැ...මම හිතන්නේ දැන් ආයෙත් ලංකාවෙ අයට ඇඩිසෙන්ස් දෙනවා..ඔයත් වෙන බිලොග් ඵකක් හදල ට්‍රයි කරන්න..මට ඔයාගෙ මෙල් ඵක ඵවන්න..

    ReplyDelete
  4. තෑන්ක්ස් මචං..මීට අවුරැද්දකට කලින් මෙයට ඇඩිසෙන්ස් ලැබිලා තියනවා..යුනිකෝඩි වලින් ලිවුව ඵකකට මෙම ඇප්රැඅල් ඵක ගන්න පුඵවන්ද

    ReplyDelete
  5. patta content eka

    ReplyDelete
  6. නියමයි මචන් මේ වගේ ලිපි තවත් ලියන්න.

    ReplyDelete
  7. me lipiya godak watinawa yaluwa.me wage lipi thawath liyai kiya balaporoththu wenawa,wisheshayenma sony samagama saha sony ericsson samagama pilibadawa danuwath karanawa nam godak watinawa...........gd luck for u.....

    ReplyDelete
  8. me wage ewa thawa linna thanks apita me danuma dunnata

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.