ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් යොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත් වචන වලින් ප්‍රකාශ කල නොහැකි අරුතක් දනවන ඉමොටිකොන්ස් රාශියක් අද වන විට දැකගැනීමට පුළුවන්, ඒ අතර පෙර පැවති ඉමේජයක් ආකාරයේ ඉමොටිකොන්ස් වලට අමතරව අද වන විට ඇනිමේටඩ් ඉමොටිකොන්ස් රාශියක්ද දැකීමට පුළුවන්. විශේෂයෙන්ම ස්කයිප්හි ඇනිමේටඩ් ඉමොටිකොන්ස් භාවිත වේ. එහෙත් මෙම ඉමොටිකොන්ස් මුලින්ම ලෝකයට බිහි වූ දවසේ පටන් සෑහෙන දවසක් ගත වන තුරාවට පැවතුණේ ඉමොටිකොන්ස් එකක් පමණි. එනම් මෙය නිර්මාණ කරන දවසෙහි මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය නිර්මාණය කර තිබුණේ තිත් දෙකකට පසුව කඩ ඉරක් හා වරහනක් යොදා යතුරු පුවරුව මගින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය මගින් සිනහමුසු මු