Skip to main content

Mac OS X 10.9 (Mavericks) රුව ගුණ වරුණ




ඇපල් සමාගම සම්බන්ධයෙන් තොරතුරු නොඇසූ කෙනෙක් ලොකේ සොයාගන්නටත් නොමැති තරම්, මන්ද ඇපල් සමාගමේ නිෂ්පාධනයන් ලොව පුරා වෙසෙන බොහෝ පිසිසක් දෛනිකව තමන්ගෙ වැඩ පහසු කරගැනීම සදහා උපයෝගී කරගනු ලබනවා. ස්ටීව් ජොබ්ස් ඉසිවරවේදියාගෙන් ඇරබෙන ආපල් සමාගේම නිෂ්පාධනයන් බල ගැනීම සදහා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලඳ මෙහෙයුම් පද්ධතියක් හදුන්වනුයේ Mac OS ලෙසටයි. මෙය මුලින් නිර්මාණය කෙරුනේ Unix පාදක කරගත් NexTSTEP නැමති මෙහෙයුම් පද්ධතිය දියුණු කරමිනි. එය නිර්ාණය කෙරුනේ Next සමාගම වෙනුවෙනි. එවකට ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ මැකින්ටොෂ් පරිගණක මාදිලිය සදහා මෙය ඉදිරිපත් කෙරුනේ වර්ෂ 1984 දීය. ඒ වන විටත් මෙයට නිෂ්චිත තමක් නීතරණය කර නොතිබිනු බැවින් හදුන්වනු ලැබුයේ 'System' ලෙසටයි.  එය Mac OS ලෙස නම් දරනු ලැබුයේ වර්ෂ 1997 දීය, ඒ Mac පරිගණක බලගන්වන මෙහෙයුම් පද්ධතිය ලෙසිනි. එතැන් පටත් මෙහි විවිද වෙනස් කම් සිදු කරමින් සංස්කරණයන් 10ක් නිකුත් කර තිබේ. ඒ අනුව OSX යනු අපි කවුරැත් දන්න ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියයි. මෙහි "X" ලෙස සටහන් කරගනු ලබන්නේ රෝම ඉල්ලමෙන් 10 යන්න හැගවීම සදහාය. OSX සාමාරම්භය සනිටුහන් කරණුයේ වර්ෂ 2001 මාර්තු 24 වැනි දින ඔවුන් ඉදිරිපත් කල දස වැනි සංස්කරණයයි. මෙය Max OSX 10.0 ලෙස නම් කෙරුණි. එතැන් පටන් ආ OSX මෙහෙයුම් පද්ධති සංස්කරණයන් සදහා නම් ලබාදෙනු ලැබුයේ "බළල්" පවුලේ සාමාජිකයන්ගෙනි. 2013 ජුනි 10 වෙනිදා පැවැත්වු ලෝක ව්‍යාප්ත Developers ලාගේ සමුලුවෙදි  (WWDC 2013) ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන OS x 10.9 හෙවත් OS X Mavericks සංස්කරණය හදුන්වා දුන්නේය.



පසු ගිය සංස්කරණ වලදි OS x  හැදින්වුයේ,

Version 10.0  : "Cheetah"
Version 10.1  : "Puma"
Version 10.2  : "Jaguar"
Version 10.3   : "Panther"
Version 10.4   : "Tiger"
Version 10.5   : "Leopard"
Version 10.6  : "Snow Leopard"
Version 10.7   : "Lion"
Version 10.8   : "Mountain Lion"    

                                                                                 යන නම් වලින්. නමුත් 10.9 සංස්කරණයේ සිට අනාගතයේ නිකුත් වන සංස්කරණ කැලිපෝනියා වල ස්ථාන නමින්  නිකුත් වන බව දැනුම් දුන්නා.OS X Mavericks  හි නවතම පහසුකම් රාශියක් හදුන්වා දුන්නා.

Mountain Lion වෙනකම් Finder වල Tabs නැති අපහසුව මකමින් Mavericks වලදි Finder වෙත Tabs පහසුකම හදුනවා දීම සුවිශේෂියි.

                                    

iPhone එකේ iPad එකේ Download කර ගත්ත iBooks Automatically Mavericks වලදී හදුන්වා දුන්න iBooks වලදී Sync වෙනවා. මෙතෙක් කල් iBooks පහසුකම iPhone,iPad වලට සිමා වෙලා තිබ්බ එක දැන් OS X වලදිත් විදින්නට හැකියාව තියෙනවා.

                                     

ඇපල් Maps OS X Mavericks වලට නවතම පහසුකමක් ලෙස හදුන්වෙ දුන්නා. Map එකෙන් Destination එක හොයලා iOS Device එකට Send කරන්න පුලුවන්, ඒ වගේම iOS device  Map එකේ තියෙන හැම පහසුකමම OS X වෙත හදුන්වා දුන්න App එකෙන් කරන්න පුලුවන්.









Safari Browser එකට වෙගවත් බව හා New Battery Saving Technology එකත් එක්ක වැඩි කාලයක් Browsing වලට යෝග්‍යයි පවසයි. එ සදහා පහත Chart එක ඇපල් සමාගම ඉදිරිපත් කලා.

Performance

SunSpider JavaScript Benchmark


JSBench Suite Benchmark


Efficiency 

Memory Usage


CPU Energy Usage


Safari හි Top Sites හි පෙනුම

                              

iCloud Keychain පහසුකම යොදා ගෙන අපේ Passwords encrypted වෙලා Store වෙනවා වගේම Automatically enter වෙනවා. 



Multiple Displays මෙහිදි ඔනැම Display එකක් Connect කරලා වැඩ කර ගන්න පුලුවන්.

                                 

Notifications වැඩි දියුණු කරලා තියෙනවා OS X Mavericks වලදී. Notification එකෙදීම iMessage වලට Facetime call වලට reply කරන්න පුලුවන්. Locked Screen එකේ දී පවා දැන් Notifications පෙන්වනවා. එක නම් පට්ට.



Mountain Lion වලට වඩා වෙගවත් බවක් තියෙනවා කියලා පහල Chart එකෙන් පෙන්වලා තියෙනවා.




මේ වෙනකොට OS X  Mavericks Beta Version එක නිකුත් කරලා තියෙනවා. ලගදීම Official Release කරයි. ඉදිරිදී මේ ගැන වැඩිතුර තොරතුරු ඔබට දැනගන්නට පුළුවන, රැදී සිටින්න පරිගණක ලිපි සමගින්, ස්තූතියි !


Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…