Skip to main content

Linux සහ Unix පටලැවිල්ල


ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ප්‍රකාශණ අයිතිය සහ නම භාවිත කරන නරවා, එසෙම් Mac OSX, IBM AIX, SUN Solaris සහ HP-UX කියන්නෙ Unix Operating System. Unix Trademark එකෙහි අයිතිය සහ License Program පාළනය කරන්නෙ Open Group සමාගම් විකුනුම් කරු විසින්.

Linux කියන්නෙ Kernel එකක්, Unix කියන්නෙ Operating System එකක්, එතකොට එතන තියෙන වෙනස ටිකකක් හරි තේරෙනවා ඇතිනෙ. යම් අයෙකුට ප්‍රශ්ණයක් තියෙන්න පුළුවන් මොකක්ද මේ Kernel එක කියන්නෙ : Kernel එක ලෙස හදුන්වන්නෙ පරිගණකයේ Hardware හා සම්බන්ධ වන Software එකකි. මෙය මගින් පරිගණකයේ තියෙන සියළුම Hardware කොටස් හදුනාගැනීම වගේම, පරිගණකයට අලුතින් එකතු කරන Device පද්ධතියේ ප්‍රයෝජනය සදහා සම්බන්දී කරගනු ලබන අතරමැදියෙකි. පද්ධතියට එකතු කරන විවිද කොටස් Kernel එක විසින් හදුනාගැනීමෙන් අනතුරුව හෝ හදුන්වාදීමෙන් අනතුව සෙසු පද්ධතියේ ක්‍රියාකාරකම් වලට දායක කර ගැනීමට පුළුවන. මෙය පහසුවෙන් ප්‍රතිස්ථාපනය කල හැකි වන අතර, මෙමගින් ඔබගේ පරිගණකයේ තිබෙන සියළුම Application User Mode අවස්ථාවේදී Physical Hardware, සහ Process කිරීමට අන්තර් ක්‍රියාවලි සම්බන්ධිකරණය කරමින්, මෙහෙයුම් පද්ධතියක ඔබ නොදකින විශාල කොටසක් ඉටුකර දීමට සමත්ය.

මොකක්ද මේ Linux Kernel එක,

Linux Kernel එක කියන්නෙ, ඉහත සදහන් කර පරිදි Hardware සහ Software සම්බන්ධ කරන අතරමැදියෙකි. ප්‍රධාන Kernel වර්ග 3ක් තියෙනවා. ඒ අතරින් Linux Kernel එක Monolithic Kernel එකක්, Windows සහ XNU තුල තියෙන්නෙ Hybrid Kernel එක. මුලින්ම Linux Kernel එක ලිව්වෙ Linus Torvalds කියලා අපි කවුරුත් දන්නවා. 


මම දකින විදිහට සමහරු Linux Distributions සහ Linux Kernel එක පටලගෙන තියෙනවා. මොකද අපි පාවිච්චි කරන Ubuntu, Fedora, Arch, Cent මේ ආකාරයේ විවිද Distributions හැම එකම පොදුවේ ප්‍රකාශ කරන්නෙ Linux Operating System එකක් කියලා. මොකද Linux Kernel එක තමයි, මේ හැම Linux Distributions එකකම කොදු නාරටිය වෙන්නෙ. ඒත් Linux Distributions එකක් වෙන්නෙ Linux Kernel + GUI System + GNU Utilities, Installation සහ Management Tools, GNU C/C++ Compiles + Editor සහ විවිද Application එකතුවකින්. මේ හැම එකකම එකි නෙකට Source පවතිනවා. ප්‍රධානව ගත්තම Linux Kernel + GNU එකමුතුවෙන් තමයි Linux Operating System එකක් නිර්මාණය වෙන්නෙ. 


Unix කියන්නෙ Operating System එකක්, බොහෝ Unix Operating System අන්තර්ගත වෙන්නෙ තනි Source එකක් විදිහට.


එසේම Linux කියන්නෙ Open Source Project එකක්, GNU කියන්නෙත් Open Source Project එකක්, මේ Project දෙකම පවතින්නෙ GPL License එක යටතේ, ඒත් Unix කියන්නෙ Close Source Operating System එකක්.

ඇයි එතකොට Linux Based Operating System එකක්, Unix Like OS Family ලෙස වර්ග කර තියෙන්නෙ. Unix-Like කියන්නෙ Unix වගේ කියන්න, Unix වල Source එකයි Linux වල Source එකයි එක සමාන නෑ, ඒ දෙක වෙනස්, මොකද Unix Operating System එකක් Open Source උනේ නැහැ (අද ඒ තත්වෙ වෙනස් වෙමින් පවතිනවා) එතකොට Source එක බලන්නෙ නැතුවයි Linux ලියවුනෙ. මුලින්ම Unix වල තමයි Root Partition එක සහ Supper Use හදුන්වලා දුන්නෙ, ඒ පහසුකම් Linux වලත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පහසුකම් Linux තුල තියෙන නිසයි Linux Kernel සහ Linux Distributions, OS Family එක විදිහට Unix-Like ලබාදී තිබෙන්නෙ  : ඔන්න ඕකයි කතාන්දරේ, ලිහාගන්න බැරි අවුලක් ලියාගත්තා නම් ඔබට ජය සතුට !

Comments

  1. හොද පැහැදිලි කිරීමක් කරලා ‍තියෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියා...

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න...