ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් අඩවියකි. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මාක් ෂකර්බර්ග් මහතා හටය. පොඩි දරුවන් පරිගණක ක්‍රීඩා කරන වයසේදී පුංචි මාක් පරිගණක ක්‍රීඩා නිර්මාණය කළා. තම පුතාගේ මේ හැකියාවන් තේරුම්ගත් මාක් ගේ පියා ඒ නිසාම පරිගණක වැඩසටහන්කරුවෙකු නිවසටම ගෙන්වා ගෙන ඔහුට අමතර ඉගැන්වීම් කලා. සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මගින් පසුගිය වසරේ පුද්ගලයා ලෙස නම් කල ලොවම දන්නා ෆේස්බුක් (Facebook) සමාජ ජාල වෙබ් සේවාවේ නිර්මාතෘ මාක් ෂකර්බර්ග් පිළිබදව මේ හැදින්වීම කලේ ඔහුගේ සුවිශේෂී චරිතය පිළිබදව අධ්‍යනය කරන්න ගත් කතුවරයෙකු වන ඩේවිඩ් හියුමන්ය. ඩේවිඩ් පවසන අන්දමට මාක් ෂකර්බර්ග්, බිල් ගේට්ස් වැනි පුද්ගලයින් කලාය විසින් බිහිකරන සුවිශේෂී චරිතයන්...