Skip to main content

Ubuntu සදහා සිංහල Install කරමු


වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.


ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !

sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib

සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)

Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා.. ඒ නිසා ආයේ ttf-sinhala-lklug Command කෑල්ලෙන් අපිට ඇති වැඩක් නෑ

Ubuntu 14.04 එක්ක iBus Pre-Installed කරලා එන සිනා, ibus Command එකෙනුත් ඇපිට ඇති වැඩක් නැහැ

එතකොට මොකක්ද මේ im-switch කෑල්ල.. මේ Input Method Switch Framework එක, මේ වෙනුවට දැන් Ubuntu එක්ක Text Entry Interface එක එන නිසා ඒකත් වැඩක් නෑ.. (මේ ගැන මම වැඩිදුර තොරතුරු දන්නෑ මම හිතන්නෙ ITU-T text entry එකම UTouch වලටත් ගත්ත නිසා Ubuntu වලටත් එහෙමම බැස්සද නැත්තම් im-Switch කියන්නෙත් Text Entry වල තාත්තද කුඩප්පද කියලා හරියට හොයාගන්න බැරි උනා)

ඔය Siyabas.lk Web Site එක දැන් දැන් Update වෙන්නෙ නෑ මට පේන විදිහට, ඒ Command එකම දීලා m17n Layout බස්සන්න ගියොත් වැඩේ ඔක්කොම බකල් වෙනවා, අන්තිම ibus වලට බැන බැන ඉන්නවා.. පරණ Command එකෙන් Install කලොත්, ඔයාලාට Text Entry Setting වලට ගිහිල්ලා, බැළුවට එතන Sinhala Wijesekara Layout එකක් නැහැ, ඒත් ඔයා Terminal එක Open කරලා ibus-setup Command එක Run කරවලා, Alt + F2 වලින් unity-control-center Command එකෙන් ගිහිල්ලා, බලන්න එතකොට ඔයාට පුළුවන් Wijesekara Layout එක Add කරගන්න :P

Ubuntu සදහා සිංහල Install කරමු පහල Command එක භාවිත කරලා

sudo apt-get install ibus-m17n m17n-db m17n-contrib

සමහරු කියනවා Ubuntu වලින් Sinhala Unicode හරි කැතයි කියලා, ඒක ඇත්තටම වෙන්නෙ Lklug කියන Font එක නිසා.. ඒකට කරන්න තියෙන්නෙත් Ubuntu එක්ක එන Lklug කියන Font එක Delete කරන එක, ඒකට කලින් Terminal එක Open කරලා, මේ Command එක දුවවන්න

fc-list :lang=si 

එතකොට ඔයට Font 3ක් විතර පෙන්වයි, ඒ Font තුන අපි Delete කරන්න ඕනේ.. ඒත් ඒක කරන්න නිකම්ම බෑ.. Sudo ආත්තට ආයුබෝවන් කියන්න ඕනි, නැතුව Delete කරන්න බැස්සොත් ඌ අපිට පයින් ගහනවා :P

Terminal එක Open කරගෙන මෙහෙම කොටන්න -

sudo nautilus

Enter Key එකට වැද නමස්කාර කරලා උඩපැනලා පයින් එකක් ගැහුවට ඔයාගෙ Password එක ඉල්ලනවා.. ඒක උඩ පැන පැන ටයිප් කලාම ඔයාට Sudo තාත්තා Nautulus එක දෙනවා උඹට ඕනෙ මගුලක් කරපන් එහෙනම් කියලා, දැන්

/usr/share/fonts/truetype/freefont වලට ගිහිල්ලා Terminal එකෙන් පෙන්වන ඒ Freeserif.ttf සහ FreeserifBold.ttf Font දෙක නගර සභාවට බාර දෙන්න, ඊටත් පස්සෙ /usr/share/fonts/sinhala මේතනට යන්න, එතන තියෙනවා lklug.ttf කියන Font එක, ඒකත් නගර සභාවට බැරිනම්, කුණු කූඩෙට හරි දාන්න.

දැන් මොකක්ද කරන්න.. අපිට ලස්සන බෝල බෝල අකුරු තියෙන Font එකක් ඕන වෙනවා දැන්, ඒකට හොදම එක Maliti Web Font එක මේක Download කරගන්න. Terminal එක Open කරලා

wget http://lankavision.com/files/fonts/malithi_web.ttf

Run කරාම Home Directory එකට Download වෙනවා, ඒක ඔයා /usr/share/fonts/sinhala මෙතනට Copy කරගන්න. දැන් හරි (Linux වලට Font එක Copy කරනවා = Install කරනවට)

දැන් ඔයා Chrome/Chromium/Firefox/Opera ඔය ඕන එකකින් ගිහින් බලන්න, Sinhala Type කරන්න කරන්ත් පුළුවන්, ඇස් වලට හෙන ගහගන් නැතුව බලන්නත් පුළුවන් :)

Comments

  1. මම අනාගතෙන් ආවෙ. මේකෙ තියෙන එක්තරා තැනක් වෙන්න ඕනෙ කියල හිතුන නිසා ලියන්නෙ. /usr/share/fonts/sinhala" එක මෙන්න මේ විදිහට "/usr/share/fonts/truetype/sinhala" update වෙන්නෙ ඕනෙ. ඒ විතරක් නෙවේ, "/usr/share/fonts/truetype/freefont" folder එකටත් ඒ file එක copy කරන්න ඕනේ.

    ඔබට තෙරුවන් සරනයි.

    ReplyDelete
  2. තාම මේක බලන් මලිති ෆොන්ට් එක දාගන්නෙ.. තැන්කූ

    ReplyDelete
    Replies
    1. malithi font වෙනුවට වෙන font එකක් දාගන්න විදිහක් නැද්ද? Abhaya වගේ. මන් try කරාට වැඩ කරේ නෑනෙ.

      Delete
    2. මමත් එහෙමයි! ස්තුතියි!
      මලිති වෙනුවට Abhaya Libre තමා මං දැම්මේ.
      මෙන්න link එක https://fonts.google.com/specimen/Abhaya+Libre?subset=sinhala

      Delete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව