Skip to main content

Pen-Drive එකක් Partition කරගන්නෙ කොහොමද?

" Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්.

       එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට.ඒ වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම බලමු මොකක්ද මේ Partition කරනවා කියන්නේ කියල. Partition කරනවා කියන්නේ Hard Drive එකක් පරිගණකය ඇතුලෙම කොටස් කිහිපයකට කඩනවා කියන එක. එකියන්නේ තනි hard එකක් විදිහට සැලකුවත් එක කොටස් කිහිපයකින් යුක්තයි. ඕනෑම කොටසක් ඕනෑම File System එකකින් Format කරගන්න පුළුවන්. හරියට තට්ටු ගෙයක් වගේ , එකම ගේ තට්ටු කිහිපයකට වෙන් කරලා .

සාමාන්‍යයෙන් Partition යන වදන Hard Drive එකටම පොදු වුනත් අපිට USB Flash Drive එකක් උනත් මේ විදිහට Partition කරගන්න පුළුවන්.මේකෙන් වෙන්නේ අපි Pen එක PC එකට Connect කලාම එක Pen එකක් විදිහට ගන්නේ නැතුව Partition එකක් විදිහට ගන්න එක.

මේක කරන්න තියන හොඳම Tool එක තමා අපේ Windows වල තියන CMD නොහොත් command prompt tool එක. මේක හරිම ලේසි ක්‍රමයක් නමුත් බහුතරයක් නොදන්නා ක්‍රමයක්. මුලින්ම CMD එක Right-Click කරලා Run as Administrator click කරන්න. මොකද අපි CMD එක ඇතුලේ තවත් Tool එකක් use කරන්න තියනව. මේ tool එක භාවිතා කරන්න අපිට Administrator Rights ඕනේ වෙනවා.

පියවර 01 :

මුලින්ම කරන්න තියෙන්නේ Open කරගත්ත CMD එකේ diskpart කියල type කරල Enter කරන්න. එතකොට disk part tool එක Open වෙයි. ( Disk Part කියන්නේ Disk Partition කියන තේරුම)


පියවර 02 :

ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි අපිට ඕන Drive එක PC එකට Connect වෙලාද කියල බලන්න ඕනේ. එකට list disk type කරලා Enter කරන්න.


පියවර 03 :

දැන් අපිට කරන්න තියෙන්නේ මේ list වෙලා තියන Devices වලින් අපිට ඕන Device එක select කරගන්න එක. එකට කරන්න තියෙන්නේ select disk 2 කියල type කරලා Enter කරන්න. මගේ Pen එක තියෙන්නේ Disk 2 ඒ නිසා මම එක select කරනවා.


පියවර 04 :

දැන් කරන්න තියෙන්නේ මේ Select කරගත්ත Disk එක හිස් කරගන්න එක. නැත්තම් එකේ එක එක ඒවා තියෙද්දී අපිට මේක Partition එකක් විදිහට භාවිත කරන්න බැරුව යනවා. එකට අපි clean කියන Command එක භාවිතා කරනවා.CMD එකේ clean කියල ගහල Enter කරන්න.


clean කියන Command එක කොටස් 2කකින් සමන්විත වෙනවා . එකක් තමා මේ clean කියන්නේ. අනිත් එක clean all . මමනම් කියන්නේ හැම වෙලේම Clean all කියන Command එක භාවිතා කරන්න කියල. මොකද මෙතන වෙන්නේ Format කිරීමක්. Clean කරන කොට ඉක්මනට Format වෙනවා. එත් සමහර දත්ත කොටස් තැන් තැන් වල ඉතුරු වෙනවා. Clean all වලදී සම්පුර්ණයෙන්ම Full Format එකක් වෙනවා. එතැනදී කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැ. හැබැයි Clean all කියන Command එක Complete වෙන්න ටිකක් වෙලා යනවා. මගේ Pen එකට විනාඩි 45ක් විතර ගියා.

පියවර 05 :

දැන් තමයි අපි Pen එකක් Partition එකක් විදිහට සකස් කරන්න යන්නේ. එකට create partition primary කියල ගහල Enter කරන්න.



මේකෙන් වෙන්නේ අපි Format කරගත්ත pen එක Partition එකක් විදිහට සකස් වෙන එක.RAW format එකකින්, එකියන්නේ කිසිම File System එකකට අදාළ නැති නිකන් ම නිකන් කොටසක්.

 පියවර 06 :

දැන් අපිට බලන්න පුළුවන් Partition එකක් හැදිලද කියල. සාමාන්‍යයෙන් මේ පියවර අත්‍යවශ්‍ය නැ. එත් මේක කරලා බලන එක නුවනට හුරුයි. මේකත් බලාගන්න කරන්න තියෙන්නේ list partition කියලා type කරලා Enter කරන්න.


 list volume කියල උනත් අපිට දෙන්න පුළුවන්.එක අවශ්‍යම නැ. එකෙන් කරන්නේ අපේ තියන ඔක්කොම Volume ( Drive ) වලින් අපේ Drive එක මොකක්ද කියල පෙන්නන එක.

 පියවර 07 :

දැන් අපි හදාගත්ත Partition එක Select කරගන්න ඕනේ. එකට select partition 1 කියල type කරලා Enter කරන්න.



පියවර 08 :

දැන් අපි Partition එක හදාගත්තා. එත් එක Active නැහැ. නිකන් ඔහේ තියෙනනම් වාලේ RAW විදිහට තියෙන්නේ. කිසිම දෙයක් කරන්න බැ. මළකඳක් වගේ. ඒ නිසා මේක Activate කරගන්න ඕනේ. එකට active කියල type කරලා Enter කරන්න.



පියවර 08 :

දැන් හරි අවසානෙට ඇවිල්ල තියෙන්නේ. අවසානේ කියන්නේ අවසානෙටම ඇවිල්ල ඉන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ Pen එක Format කරගන්න. මේක දැන් Format කරන්න ප්‍රධානතම හේතුව මේකට අපි File System එකක් දෙන්න ඕනේ. දැන් මේක තියෙන්නේ RAW Format එකක. එකට ක්‍රම කිහිපයක් තියනව.එකක් තමා CMD එක Close කරලා My Computer ගිහින් Pen Drive එක උඩ Right click කරලා Format කියන එක  Click කරලා එතනින් Format කරන එක. මෙතැනදී සැලකිල්ලට ගන්න ඕනේ Format කරන කොට Quick Format කියන එකේ tick එක අයින් කරන්න. මේක Full Format කරන්න ඕනේ. නැත්තම් ඉස්සල්ල කිව්වා වගේ දත්ත කොටස් ඉතිරි වෙනවා. පස්සේ ඒවා Corrupt වෙනවා.ඊට පස්සේ Pen අපායේ යනවා.

දෙවෙනි ක්‍රමේ තමා CMD එකෙන්ම කරන්න තියෙන්නේ එක කරන්න format fs=ntfs කියල Type කරලා Enter කරන එක. මෙතැනදී ටිකක් වෙලා යයි Format වෙන්න. හැබැයි Complete Format වෙනවා. හදිසියක් තියනවනම්  format fs=ntfs quick කියල දෙන්න. ඒවගේම NTFS නැතුව වෙන Format එකකට Format කරගන්න ඕනෙනම් ntfs කියන තැන අයින් කරලා එතනට කැමති file system එක දෙන්න. උදා : format fs=fat32 quick 


දැන් ඉතින් Widows DVD එකක තියන File ටික Copy කරලා Pen එක boot කරලා Windows දාන්න පුළුවන්. ඒවගේම Pen එක Corrupt වෙලා තිබ්බනම්, එකිව්වේ Capacity එක හරියට පෙන්නන්නේ නැත්තම්. Format නොවෙන ප්‍රශ්න තිබ්බනම් මේක කරාට පස්සේ හරි යන්න ඕනේ.



Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…