Skip to main content

මොකක්ද මේ OpenDNS ?




ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?

ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.
මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.

OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.

           OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.

OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට.

මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි.

මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.



එතනින් change adapter settings එක උඩ click කරන්න.



ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.


දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.



දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.

Preferred DNS server : 208.67.222.222
Alternative DNS server : 208.67.220.220


දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.

මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න : මෙතන ඔබන්න ( බැරිනම් Click කරන්න )

හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.

ඒ tool එක මෙතනින් බාගන්න : ඔව් ඔව් මෙතන තමා. ඔබන්න.

හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ ipconfig /all කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි.



ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.



මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ. මං ගියා.. සුබ දවසක් !!

Comments

  1. වැඩ නමි කරනවා ඒත් එකවුන්ටි 1ට ලොග් වෙන්නේ නැනේ අයි පි අප්ඩෙටි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔයා Account එක Confirm කලාද ? OpenDNS site එකෙන් Email එකක් එනවනේ !! එකේ කියවල බලන්න !! Confirm නැති උනාම තමා ඔහොම වෙන්නේ !!

      ( IP එක Update වෙනවනම් ප්‍රශ්නයක් නැ, එත් කෝකටත් අරකත් බලන්න )

      Delete
  2. අන්ලිමිටඩ් පැකේජ් වල ලිමිට් එක පැන්නට පස්සෙ වෙනස් කලාට අවුලක් නැද්ද,යාලුවා

    ReplyDelete
    Replies
    1. කමක් නැ !! හැබැයි limit වෙන එකනම් නවතින්නේ නැ !! මොකද SLT ල Public IP එකක් නේ use කරන්නේ. ඒ නිසා අපි ට වෙනම DNS එකකින් අවත එක එන්න ඕනේ අර Public IP එක හරහා. එක ස්ලෝව් නම් ඉතින් කරන්න දෙයක් නැ !! dialog/ Etisalat වලත් කමක් නැ !! ඒවා වලනම් ටිකක් ලොකු Speed Improvement එකක් තියනව!!

      Delete
  3. හරිගියෙ නැහනෙ, CMD DNS server එන්නෙත් නැහැ,අප්ඩෙට් ‍ටුල් එකෙ YES එන්නෙත් නැහැ,එකෙ IP addres කියන තැන IP akak නැහැ හිස්ව තියෙන්නෙ

    ReplyDelete
  4. ඉතා වටිනා ලිපියක් .බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. Dynamic shared ip's walata weda ? something like mobitel or airtel provider's IP's.But this is work for SLT becoz at the moment SLT user have static ip and its only him at that connected session.But Airtel or Mobiel used another method rather than that.but i am not used anyway.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.