Skip to main content

හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි


ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Extension එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ Web Browser දෙකක් වන Mozzila Firefox සහ Google Chrome සදහා නිර්මාණය කර තිබෙනවා, ඔබේ Browser එකට අදාලා Extension එක Install කරගැනීමෙන් මෙම කියාවලිය අත්විදිය හැක. ඒ වගේම මෙහි අපිට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි, විවිද Proxy Site වලට. මේ හරහා මාරු වීමේ හැකියාව ලැබී තිබීම. අපි බලමු මේ පුංචි වැඩකාරයා ගැන.


මුලින්ම මෙය ඔබේ පරිගණකයේ භාවිත වන Web Browser සදහා පහත ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.


ඔබ මෙම Extension එක Install කරගත් පසු Browser එක Restart කරන්න. ඔබට පහත පිංතූරයේ ආකාරයෙන් මෙම Extension එක Browser එකෙහි දකින්න පුළුවනි. ඔබට යම් Web ලිපිනයකට IP Hide කරමින් පිවිසීමට අවශ්‍ය නම්, ඔබ කල යුත්තේ, මෙම Extension එක උඩ Click කර, පසුව එහි URL එක Type කර Proxy බට්න් එක ක්ලික් කිරීම පමණි. එවිට ඔබේ IP ලිපිනය වෙනුට. වෙනත් IP ලිපිනයක් භාවිත කරමින් ඒ Web අඩවිය වෙත පිවිසීම සිදුවේ.


මේ විදිහට අපිට පුළුවන්, IP එක අහු නොවෙන්න, Web Site එකකට පිවිසෙන්න, අපි දැන් බලමු මෙහි Setting සකස් කරගන්න ආකාරය. ඒ සදහා අපි මෙම Extension එක උඩ Right Click කර Option යා යුතුයි. 


ඉන්පසු ඔබට පහත ආකාරයේ, New Tab එකකින් විවෘත වූ, Page එකක් දැකගැනීමට පුළුවන. එහි මේ හා සම්බන්දව අපිට සිදු කරගත හැකි සියළුම වෙනස්කම් දක්වා තිබේ.


මේ විදිහට අපිට අවශ්‍ය Proxy Site සහ ඒවායෙහි Servers වෙනස් කරගැනීමට පුළුවන. මෙයට අදාලා තවත් Option කිහිපයක් පහලින් දැකගැනීමටත් පුළුවන්. මේ විදිහට. IP Hide කරමින් අන්තර්ජාලයේ සැරි සරන්න. ඔබට මේ ලිපි වැදගත් නම්, අපේ බ්ලොග් එකට පොඩි සහයොගයක් දීලා යන්න අමතක කරන්න එපා. Like එකක්, Comment එකක්, Follow පාරක් එහෙම දීලා යන්න. පුළුවන් කමක් තියෙනවනම් මිතුරන් අතරේ Share කරන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!

Mediafire එකෙන් මේ දවස්වල Download කරන්න බැරි ප්‍රශ්ණයක් තිබෙනවා, එයට IP එක Hide කරගෙන ගිහාම පහසුවෙන් Download කරන්න පුළුවන්, ඔයාලා මේ Extension එක දාගෙන, මේ Extension එකට Mediafire වෙතින් Download කරන්න බලාපොරොත්තු වන File එකෙහි URL එක බලාදී, එමගින් පිවිසෙන්න, එවිට Download කරගත හැකිය.

Comments

  1. elakiri... habay ad dispaly wena ekanam prasnayak

    ReplyDelete
  2. එල මල්ලි එල. මමත් මේ විදියට කරලා ඩවුන්ලොර්ඩ් කලා මීඩියා ෆයර් එකෙන්. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  3. @කිරිපුතා ස්තූතියි මිතුර

    ReplyDelete
  4. ඔව් සහෝ, ඒ Add එකක් විදිහට වැටිලා තියෙන්නේ Hide My Ass VPN Pro එක ගැන, ඒක ගැන එච්චර හිතන්න එපා...

    ReplyDelete
  5. @dheeranath ස්තූතියි සහෝ ඔබේ කමෙන්ටුවට......

    ReplyDelete
  6. machoo eka poddak slow neda? web site 1k enter karala proxy karama load wenna wela yanne ai? hoda fast proxy site 1 mokakda?

    ReplyDelete
  7. මීඩියා ෆයර් එකෙ ප්‍රශ්ණය සහා බ්ලොක් කරලා තියෙන සිංහල වෙබ් සයිට් බලන්න නොහැකි වීම යන දෙකටම විසදමක් වගේ... කරලම බලමු ස්තුතියි.

    ReplyDelete
  8. නියමයි යාලු...ගොඩක් වටිනවා

    ReplyDelete
  9. kiri appata balloh panapi.........maxxa ah!!!!!!!!!1

    ReplyDelete
  10. niyamai machan thankx mama hoyapu eka
    ummmmmmmmmmmmmmma........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව