Skip to main content

Posts

Showing posts from January, 2012

PC එකෙන් Android Apps Play කරමු -: BlueStacks

ආයුබොවන්, ඔයාලා හැමෝටම, මේ සීතල දවස්වල උදෙන්ම ඇහෙරෙන්නෙත් නැති තරම්, හ්ම්.. ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා. හැමදාම අලුත් දේවල් ඔබට සරළ සිංහලෙන් කියා දෙනවා සේම, අදත් ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට කලින් නම් තිබුනෙ IOS එක, ඒත් දැන් Android එකත් එක්ක හැප්පෙන්නේ කාටවත් බැහැ, ඔයාලා දන්නවා නේද? Android Market එක, මේකෙන් අපිට අපේ දුරකථනය සදහා විවිද? Apps නොමිලේ හෝ මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. හ්ම්, ඒත් මේවා අපේ පරිගණකයෙන් ක්‍රියාත්මක කරබලන්න බැහැනෙ, අපි අතර ඇති මම වගේ Android OS එකක් දුවන්න පුළුවන් Smart Phone එකක් නොමැති උදවියත්. හ්ම් එයාලටත් පුළුවන්, මේක අත්විදලා බලන්න, එහෙනම් ඒ කතාව අරබමු. මුලින්ම අපි කොහොමද මේ Apps අපේ Computer එකෙන්, ක්‍රියාත්මක කරන්නෙ කියලා බලන්න කලින්, කවුද අපිට මේ සේවාව සපයන්නේ, මේ සදහාද අපිට සහය දකවන්නේ BlueStacks නම් මෘදුකාංගය. මෙය අපේ පරිගණකය Install කරගෙන, ඒ හරහා Android Apps අපේ

පහසුවෙන්ම Facebook TimeLine Cover එකක් හදමු

ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. අලුතෙන් හදපු Account වලට නම් TimeLine එක Active කරගන්න බැහැ, මාස 03 විතර පරණ Account එකක් විය යුතුයි. හ්ම් ඉතින් මේ අලුත් Layout එකෙහි, උඩින්ම අපිට Facebook Cover එකක් යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් එක එක ඒවා Upload කරගෙන දාගෙන ඇති. අද මම කියන්න අවේ. මේ Facebook Cover එකක් පහසුවෙන්ම Online හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු ඒ ගැන. මේ ක්‍රියාවලිය සදහා අපිට සහය දක්වන්නේ, වෙබ් අඩවියකි. එමගින් තමයි අපි මේ කටයුක්ත සිදු කරගන්නෙ. මෙහි අපිට Example Cover බොහොමයක් ලබා දී තිබෙනවා. ඒවාද තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතිනම් අපේම Photo එකක් Upload කරමින් අලුත් Cover එකක් Design කරගැනීමටත් පුළුවන්, මුලින්ම මේ වෙබ් අඩ

මුහුණු පොතේ කතා පෙට්ටිය අපිට ගැලපෙන විදිහට [Chrome]

ආයුබොවන්, ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද, දවසේ වැඩිහරියක් ඔයාලා මුහුණු පොතත් එක්ක ගෙවන්න දැන් දැන් පුරුදු වෙලා නේද, හ්ම් මුහුණු පොතේ තියෙන හොදම පහසුකම මොකක්ද? කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කියයි, ඔයාලා Chat කරන්න පුළුවන් එක කියලා :-) හ්ම්, මුහුණු පොතේ චැට් එකේ අපිට කරන්න පුළුවන් විවිද දේවල් මම කලින් ලිපි වලිනුත් ඔයාලට කිව්වා මතක ඇති. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයනම් දැනටමක් ගොඩක් දේවල් දන්නවනේ. හ්ම් අදත් මම කියන්න ආවේ. මේ මුහුනුපොතේ චැට් පෙට්ටියේ අපිට කරන්න පුළුවන් වැඩක් ගැන. කොටින්ම කිව්වොත් අපිට කැමති විදිහට, :D Chat Box එකේ Size එක, Shadow එක සහ Font Size එක, අපිට කැමති විදිහකට ගන්න පුළුවන් වෙයි කියලා හිතුවද? හැහැනෙ :P අහ් ඒ විතරක් නෙවෙයි. නිතර චැට් එකේදී හුවමාරු කරන්න Symbols එහෙම නොදන්න අය නැහැනෙ. හ්ම් බලන්නකෝ, අලුත් අලුත් දේවල් ගොඩක් තියෙනවා.   ඉහත තියෙන පිංතූරේ පේනවා නේද? ඔය විදිහට තමයි මේක තියෙන්නේ, අපේ Chat Box එක අපිට කැමති ලොකු කුඩා, කරගැනීම Font Size එක, මේවා හදගන්න පුළුවන්, මේ පිළිබදව වැඩි විස්ථර දැනගන්න බලන්න පහල Video එක, ඒකෙන් හැමදේම තේරුම් ගන්න පුළුවනි. හ්ම්, දැන් ඔයා

අලුත් විදිහට පොත් කියවන්න - : EBook

ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද, හ්ම් මම වගේම හොදින් ඇති, ඒත් මම හොදින් නෙවෙයි හරි. මම ඔයාලට කලින් ලිපියෙන් කියලා දුන්නා මතක ඇති PDF එකක් Create කරගන්න විදිහ. Create කරලා තියෙන එකක්, නැවත අපිට අවශ්‍ය විදිහට Edit කරගන්න මෘදුකාංගයක් ගැන. හ්ම්.. හැමෝම කියවලා බලන්න ඇති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Ebook එකක් හදාගන්නෙ කොහොමද කියලා. Ebook කියන්නෙ මොකක්ද? හ්ම් දන්නෙ නැති ඇය ඇතිනෙ. මේක ඇත්තටම හදුන්වන්නෙ ඩිජිටල් පොතක්. මෙය අප භාවිත කරන සාමාන්‍ය පොතක් වගේ පිටු පෙරලෙන පොතකි. එහෙත් සාමාන්‍ය පොතක් වගේ නෙවෙයි. මෙය ටිකක් අසාමාන්‍යයි :D පිටු ඉරෙන්නෙ නැහැ, පොඩි වෙන්නෙ නැහැ, පිටු හැලෙන්නෙ නැති නිසා. :P එහෙනම් අපු බලමු මෙය හදාගන්න ආකාරය. ඉහතින් තියෙන Video එක බලන්න අවශ්‍ය අය, ඒකෙන් ඔයාට මොකක්ද? මේ Ebook කියන්නෙ කියලා දැනගන්න පුළුවන්. මේ සදහා අපි සාමාන්‍ය මෘදුකාංගයක් යොදාගන්නවා. එය හදුන්වන්නේ Martview නමින්. මෙය අපිට Free ලබා දෙන මෘදුකාංගයක්, ඒ නිසා ක්‍රැක්, පැච් දාන්න ඕනෙ නැහැ, Serial Number ඕනෙත් නැහැ, මේ මෘදුකාංගය රන් කරන්න නම්, මේ සදහා අපේ පරිගණකයේ Java Runtime Environment Install කරගෙන

ජංගම දුරකථනයේ කොම්පියුටර් මොලය -: SIM Card

ජංගම දුකථනයකට යොදා ගන්න කොම්පියටර් මොලය ගැන ටිකක් කතා කරන්න කියලා හිතාගෙන තමයි අද මේ පැත්තට ආවේ. අපි හැමෝම SIM Card එක කියලා නම් දවසට දහපාරක් විතර කියනවා ඇති. ඒත් මේ ගැන හරි අවබොධයක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද, හැහ්. ඉතිං දන්න නොදන්න අයට දැනගන්න එකක් මේගැන කතා කරන්න හිතුනා. ඇත්තටම මොකක්ද මේ SIM Card එක. මේත ඇත්තටම ජංගම දුරකථනයක් තුල තිබෙන කුඩා පරිගණකයක් බදුය. SIM කියලා හදුන්වන්න Subscriber Identity Module කියන නම. දැනට අපි අතර තිබෙන SIM වලට කිලෝබයිට් 16 සිට 64ක් දක්වා මතක ධාරිතාවයක් තිබෙනවා. මේ මතකය ඇතුලෙ දුරකථන අංක දෙසියකට ආසාන්න සංඛ්‍යාවක්, කෙටි පණුවුඩ, සහ තවත් තොතතුරු විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තබාගැනීමේ හැකියාව තිබෙනවා. මේවා තුල අපේ දුරකථන සම්බන්ධතායට අදාලා තොරතුරු, සහ සම්බන්ධතාවය භාවිත කරන්නා ගැන තොරතුරු ඇතුලත්ය. මෙය මෙහි තිබෙන වැදගත් තොරතුරු සමූහයකි. අප භාවිත කරන දුරකථන පැජයෙහි තොරතුරු පවා ඇතුලත් වන්නේ සම් කාඩ් එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. සිම් එක ක්‍රියාත්මක කර තිබෙන විටදී එය තොතැනද තිබෙන්නෙ කියා සොයා ගැනීමට පුළුවන්

Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න

ආයුබොවන්, ඔබට, ඔයාලා ගොඩක් දෙනෙක් කැමතියි නේද?  Kaspersky Mobile Security එක ඔයාගෙ Mobile එකට දාගන්න, ඒත් ඒකට තියෙන ප්‍රශ්නෙ තමයි මේක Register කරගන්න එක. හ්ම්, ඔයාලට පුළුවන්  90-Days License Serial Key එකක් ගන්න, එච්චර අමාරු නැහැ.  90-Days අහවර උනාම වෙනත් Email එකකට Code එක ගන්න. මුලින්ම  Kaspersky Mobile Security 9 එක Download කරගන්න. http://www.kaspersky.com/de/kms_download Download කරගත්ත  Kaspersky එක Install කරගන්න, පසුව ඔයාගෙන් මේක Register කරගන්න Code එකක් ඉල්ලනවා, ඒකට අපි අපේ Email එක දබාදීලා Code එක ගන්න ඕනෙ. මුලින්ම පහල තියෙන ලින්ක් එකට යන්න, http://promo.kaspersky.com/123456 මෙහි ඔබගෙන් Email එක සහ,    Gutscheincode එකක් අසනු ලබයි. Email එක විදිහට ඔබ බාවිත කරන Email එකක් ලබා දෙන්න,    Gutscheincode එක විදිහට වරහන් තුල ඇති Code එක ලබා දෙන්න ( 49JHX-MW6B2) captcha code එක නිවැරදිව ලබා දීමෙන් පසු  Absenden බට්න් එක ක්ලික් කරන්න. ඔබට දැන් මේ පිලිබස කෙටි විස්ථරයක් සහිතව ඔබ ලබාදුන් Mail එකට KeyCode එක ලැබෙනු ඇත, එය ලබාදී Register කරගන්න..... ස්තූතියි ලිපිය කිවෙව්වට, තවත් වැදගත් ලි

Opera Mini Browser එකෙන් සිංහල බලමු

ආයුබොවන්, යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නෙ, Opera Mini Browser එකෙන් සිංහල බලන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුව තිබෙනවා, ඉතින් නොදන්න අය ඉන්න නිසා එයාලට කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, ආමාරු නෑ....හරි ලේසියි..... මුලින්ම, ඔයාගෙ Phone එකේ Application වල තිබෙන Opera Mini Browser එක Open කරන්න, පසුව එහි Address Bar එකෙහි  opera:config කියලා  ටයිප් කරන්න.  අනතුරුව Go to Link ක්ලික් කරන්න. මෙහිදී ඔබට පහත ආකරයෙන් Opera Browser එකට අදාලා Setting දකින්න පුළුවන්, මෙහි පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළුවන්, Use bitmap fonts for complex scripts නමින් Option එකක්, මෙය ඉදිරියෙන් ඇති Box එකෙහි No ලෙස සටහන්ව තිබෙයි,  Opera Mini Browser එක භාවිත කරලා Sinhala Unicode Site බැලීමට නම්, මෙම Option එක Yes ලෙස ලබා දිය යුතියි. ඔබත් කැමති ඇතිනෙ සිංහල කියවන්න, එහෙනම් මෙම Option එක Yes කරන්න. මෙයින් පසු, ඔබ සකස් කරගත් Setting Save කර ගත යුතුයි, ඒ සදහා Page එකේ පහලට පැමිනෙන්න, ඔබට දකින්න පුළ

Android 4.0 නව සංස්කරණය

Android 4.0 සංස්කරනය ගූගල් සමාගම විසින් පසුගිය දවසක නිකුත් කර තිබෙනවා, එහි අඩංගු නව ගුනාංග ගැන අපි මේ ලිපියෙන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. පරිගණක ලොව ජයගෙන තිබෙන සමාගමක් වන Microsoft සමාගම විසින් නිකුත කරන මෙහෙයුම් පද්ධතිය වන බව ඔබ දන්නවා ඇති, මොකද එය අපගේ සිත් ඇද බැද තබා ගන්නට සමත් නව මුහුනුවරදින් හා කාරයක්ෂමතාවයෙන් යුතු මෙහෙයුත් පද්ධතියක් නිසා, ඒ වගේම තමයි මේ Google Android කියන්නෙත් ජංගම දුරකථන ලොව ජයගෙන තිබෙන මෙහෙයුම් පද්ධතියක් තිව්වොත් මම නිවැරදියි. මොකද ඒ තරම් ජයප්‍රියත්වයක් උසුලන මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Google Android කියන්නෙ. මෙහි අලුත් සංස්කරනය වන 4.0 පසුගිය ඔක්තොම්බර් 19 වෙනි දින ලොවට හදුන්වාදුන්හ. මෙම මෙහෙයුම් පද්ධතිය ඔවුන් විසින් නම් කර තිබෙන්නෙ, "අයිස්ක්‍රීම් සැන්ඩ්විච්" නමිනි. මේ කෑමක් නෙවෙයි හරි....:D ගූගල් ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකයට අමතරව මේ සදහා විශේෂිත නාමයන්ද යෙදීම ඔවුන්ගේ සිරිතය. ඒ අනුම මොවුන් මෙය නොයෙකුත් ජසකැවිලි වල නම් වලින් මෙය නම් කර තිබෙයි, ඒවා මෙසේය, Cupcake, Donut, Eclair, Froyo, Gingerbread, Honeycomb, Ice Cream Sandw

Mobile Unlocking

සුබ දවසක් යාළුවනේ.....මේ ඔබට සනිටුහන් කරන්නේ, නව බ්ලොග් එකක ආරම්බය....ඒ තමයි Mobile ලිපි......ඉතින් පළවෙනි Post එකෙන් කියලා දෙන්නම්, ජංගම දුරකථන අන්ලොක් කරන හැටි....අප රටේ ජංගම දුරකථනයක් හදන්න තරම් පොහොසත් තාක්ෂණයක් කොහෙන්ද? ඒ නිසා අපේ රටේ තියෙන්නෙ ගොඩක් පිට රටවල් වලින් ගෙන්වන ජංගම දුරකථන (Mobile), මෙම දුරකථන ඔවුන් නිෂ්පාධනය කරන්නේ, වෙනත් Country සහ Network වල භාවිතා නොහැකි ආකරයටයි, ඒ ජංගම දුරකථන මෘදුකාංග යොදාගෙන මේවා අගුලු Lock දමා තිබෙන විදිහට.......ඉතින් අපි ඒ දුරකථනයක් අන්තරජාලය හරහා කෝ, එනම් ebay වෙලදසැලින් වගේ මිලට ගත්තොත් අපිට මේවා අන්ලොක් කර ගත යුතුව තිබෙනවා......හ්ම්....ඒ ගැන ටිකෙන් ටික ඉගෙන ගමු.....ජංගම දුරකථන වල විවිද lock තිබෙනවා.....පලමුව ඇපි ඒ ගැන ඉගෙන ගමු. සිම් ලොක් (SIM Lock) මෙම Lock එක යොදා තිබෙන දුරකතනයකට එනම් Mobile එකකට, මෙම දුරකථනය ලබා ගන්නා විට තිබෙන SIM පත හැරෙන්න වෙනත් SIM එකක් යොයාගත හොදැහි ආකාරයේ Lock එකකි. නෙට්වර්ක් ලොක් (Network Lock)  ඔබ ලගත් මේ විදිහෙ Network Lock යෙදූ දුරකථනක් තිබෙනවාද? එහෙනම් ඉතින් හරි කචල්.....මොකද මේ ෆෝන් එකට එම Network එකේ SIM එකක් ව

SMS (Short Message Service) ගැන දැනගමු

ආයුබොවන්, සුබ දවසක් ඔයාලට, ඉතින් කොහොමද ජීවිතේ, අද මම කියන්න අවේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන, මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි, ඔයා මම හැමවෙලේම Phone එකේ කොටන ඒවා ගැන, හික් :D මෙහෙම කිව්වහම හිතාගන්න පුළුවන් නේද? අපේ අයියලා දැන් Phone එක සාක්කුවේ දාගනත් කොටනවා තමයි වැඩේ, මට මේවා දැකලා හිනා. මුන්ට ගිය කලක්, Phone එක බදාගත්ත ගමන් තමයි, මට නම් ඔය ලේඩේ නැතෝ Phone එකක් නැති නිසා :P හරි...මම අද කියන්න යන්නෙ වෙන මුකුත් ගැන නෙවයි, SMS ගැන, මෙහි ආරම්භක කතාව ගැන, ඔයාලා දැන්නෙ SMS Type කරලා Send කරන්න, එන ඒවට Reply කරන්න, ඉතින් අද ඉගෙන ගන්න වැඩි යමක්, මේ ගැන. මෙහි පියා ලෙස අපිට හදුන්වන්න පුළුවන් වෙන්නෙ, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නීල් පැප්වර්ත් ( Neil Papworth ) මහතා, මොහු 1992 දෙසැම්බර් මාසයේ හ්ම්, නත්තල් මාසෙනෙ, මේ මාසෙ 02 දින මොහුගේ යාළුවන්ට නත්තලට සුබ පැතුම් යැවීමට ක්‍රමයක් මොහි සිතීය. හ්ම්.....ඉතින් මෙයි ආරම්භය සනිටුහන් කරමින් මොහු එදින තම මිතුර සතුව තිබෙන වොඩෆොන් හෑන්ඩ් සෙට් වලට තම පරිගණකය භාවිත කරමින් නත්තල් සුබ පැතුම විදිහට Merry Christmas ලෙස යැවීමයි. මොහු විසින් අරබා දුන් මෙමගින් අලු

PDF Create කරන්න, Edit කරන්න, කියාපු වැඩසටහන

ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ සදහා අපිට සහය දෙන මෘදුකාංගයේ නම Nitro, මෙහි දැනට Version 7ක් නිකුත් වෙලා තියෙනවා. එහෙත් දැනට මෙය අපිට Trial එක පමනයි ලබා ගත හැක්කේ. Licence Key එකකින් Activate කරගන හැකි වුනත්, Licence එකක් සොයාගත නොහැකි විය :P ඔයාලට මේ ට්‍රයල් එක දවස් 14 ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ ඕනෙම නම් Trial Reset කරලා වැඩ ගන්න පුළුවන් විත්තිය ඔයාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ ගැන. මුලින්ම ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Download කරගන්න, ඒ සදහා පහල Link එකට යන්න, එහිදී ඔයාගෙ Email එකක් ඉල්ලයි. එයත් ලබාදී Download කරගන්න. පසුව එය Install කරන්න. ඉහතින් Download කරගෙන Install කරගත් මෘදුකාංගය Open කල විට පහත ආකාරයෙන් දැකගන්න පුළුවන්. මෙය මෙහි මූලික පෙනුම. මේහිදී තම

YouTube, Facebook හිරවි හිරවි Video බලපු කාලේ අහවරයි!

ආයුබොවන්. ඔබ සියළු දෙනාටම. ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ User Data භාවිත කලාම Connection Speed එක Limit කරනවා. ඒ නිසා අපිට Video එහෙම බලන්න ගොඩක් අපහසු වෙනවා. මොකද Video එක Buffering වීම නීසා. එය හිට හිට Paly වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මොකද එහෙම නොවෙච්ච කෙනෙක් නැති තරම්. :D අද මම ඔයාලට කියන්න යන්නේ ඒකට විසදුම. අපිට Facebook එකේ Video එකක් බැලුවත්. ඒක හිරවි හිරවි බලන්න වෙන අවස්ථා බොහොමයි. එහෙම වෙන්නෙ අර මම උඩින් කියපු හේතුව නිසා Video එක Buffering කරන්න වෙලා යනවා Connection Slow නම්. අපි මේ සදහා භාවිත කරන්නෙ.  SpeedBit Video Accelerator වැඩසටහන. මෙයින් අප Video එක බලද්දින් Video එක කොටස් වශයෙන් පරිගණකය වෙත ලබාගන්නා නිසා අතර මැද හිරවෙන්නෙ නැහැ. හරියට Internet Download Manager එකෙන්