Skip to main content

Windows 7 Live CD එකක් හදමු




ආයුබොවන් යාළුවනේ, මම කලින් ලිපියකින් ඔයාලට Windows XP Live CD එකක් සාදාගන්නා පිළිවෙලා කියලා දුන්නා මටක ඇත. හ්ම්...එහෙත් දැන් Windows XP කියන්නෙ ගොඩක් භාවිතයෙන් ඈත්වෙන Operation System එකක් කියලා ඔයාලා දන්නවනේ, මොකද දැනට Microsoft සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ආකර්ෂණය වී සිටිනවා. එහෙත් මෙම Operating System එකත් අපිට Live CD එකක් විදිහට භාවිත කිරීමට නොහැකිය. එහෙත් කලක් යනවිට WinBilder නම් කණ්ඩායමක් විසින් මෙය Live CD එකක් ලෙස ක්‍රියාකරවිය හැකි ආකාරයෙන් නිර්මානය කිරීමට අවශ්‍ය දැ සැලසුම් කරමින් කටයුතු කරීම නිසා දැනට අපට Windows 7 Live CD එකක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වැඩේට කැමති ඇති කියලා. පහලින් අපි බලමු මේ Live CD එක සාදාගන්නා පිළිවෙල.




මේ සදහා පලමුවෙන්ම ඔබට Download කරගත යුතු Project File එකක් අවශ්‍ය වෙනවා, මෙයි Script ආකාරයෙන් සැකසූ විශේෂිත Plugin යොදාගෙන මේය ක්‍රියාත්මක කරගනියි. ඒ වගේම මෙහි කුඩා Project File එකක් සහ තරමක් File Size එකෙන් වැඩි Project එකකද? තිබෙනවා. මේ Project දෙනෙක් කොකක් Download කරගත්තත් ඔබට Live CD එක සකස් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් Small Project File එක අදාරයෙන් සකස් කරගන්න Live CD එහෙකිදී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට නොහැක. මෙයි අපිට ලැබෙන පහසුකම් අඩුය. මම පහතින් මේ Project File දෙක Download කරගැනීමෙන් රනතුරුව සකසාගත් Live CD එකෙහි Screen Shot එකි නෙක පෙන්වන්නම්, එය යටින් තිබෙන Download බට්න් එක ක්ලික් කරීමෙන් ඔබට අවශ්‍ය Project එක Download කරගැනීමට පුළුවන.


මේ විදිහෙ, අපිට Live CD එකෙන් කරගත හැකි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර්ගත Project එක Download කරගැනීමට පහලින් ඇති බට්න් එක උඩ ක්ලික් කරන්න (මෙය 111.67 MB ධාරතාවයක් ඇති File එකකි.)


මේ විදිහෙ අඩු ප්‍රමාණයක් සහිත Live CD එකක් සකස් කරගැනීමට නම් පහග තියෙන Project එක Download කරගන්න, මෙහි ධාරිතාවය 20.85 MB තරමු කුඩා Project එකකි.


අපි බලමු ඔබ විසින් Download කරගත් Project File එක බාවිතයෙන් Windows 7 Live CD එක සකස් කරගන්න ආකාරය. මේ සදහා අපිට ප්‍රධාන වශයෙන්ම Windows 7 Bootable CD එකක් අවශ්‍ය වෙනවා, මෙය ඔබේ පරිගණකයේ CD Drive එකට යොදාගන්න. පසුව ඔබ Download කරගත් Project File එක වෙත යන්න, මෙය ZIP කරපු File එකක් බැවින් RAR වගේ File Compress Soft එකක් භාවිතයෙන් Extract කරන්න. අනතුරුව එම Extract කරගත් Folder එක තුලට යන්න, ඔබට දකින්න පුළුවන්, Folders කිහිපයක් සහ File කිහිපයක්, මෙහි තිබෙනවා Win7PESE82_Builder.exe File එකක්, මෙය Double Click කර Open කරන්න. එවිට ඔබට පහත අකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්.




මේ ඔය විවෘත කරගෙන තිබෙන්නේ WinBuilder මෘදුකාගයයි. ඒ වගේම මෙයට අදාලා Project එකත් සමග මේ WinBilder එක Download කරගත් නිසා ඔබට පේනවා ඇති Win7PE SE Project එක මෙයට එකතු වී තිබෙනවා. මේ Live CD එක සකස් කරගැනීමේදී අපට කරගත හැකි වෙනස්කම් කිපියක් තිබෙනවා. ඒ ටික පහතින් බලමු. මුලින් මම ඔයාලට කිව්වා මතක ඇති Windows 7 Bootable DVD එකක් අවශ්‍ය වෙන විත්තිය. ඔබ දැනටමත් මෙය CD/DVD Drive එකට යොදාගෙන ඇති. එහෙනම් එය අපි WinBuilder යටතට ලබාගමු.


ඒ සදහා මෙම WinBilder මෘදුකාංගයෙහි උඩින්ම තිබෙන Source බට්න් එක ක්ලික් කරන්න, එයට අදාලා Option පහලින් දකින්න පුළුවන්. එහි Work Directories යටතේ Source Directory දකින්න පුළුවන්, එයට ඉදිරියෙන් තිබෙන බට්න් එක ක්ලික් කර ඔබේ DVD Drive එක තෝරාදෙන්න. පලමු පියවර අවසන්. දැන් අපි බලමු මෙටය අපේ පරිගණකයේ Driers යොදාගන්න ආකාරය.

ඔබට දකින්න පුළුවන් ඇති Win7PE SE අපේ Project එක, මේකෙ තියෙනවා Drivers Folder එක. මේ යටතේ තමයි අපේ කොම් එකේ තිබෙන Drives මේ DVD එකට ඇතුල් කිරීම සිදු කරයි. Drivers කොටසෙහි Driver Integration Click කරන්න. එවිට ඔබට ඒහා අදාලා Option දකින්න පුළුවන් (පහත පිංතූරය බලන්න)


මෙහි ඔබට Explore බට්න් එකක් සහ Drivers Select කර දීමට බට්න් එකක් දකින්න පුළුවන්. ඔබේ පරිගණයේ දැනට භාවිත කරන Drives මෙයට තොරදෙන්න. ඒ සදහා ඔබට Drives Backup එකක් ලබාගැනීමට සිදු වෙනවා. ඒ Backup එක තිබෙන ස්ථානය රතු පාටින් ලකුනු කර තිබෙන බට්න් එකට වම් පසින් තිබෙන කුඩා බට්න් එක ක්ලික් කර තොරාදෙන්න. (මෙය ඔබේ තිබෙන පරිගණකයේ Install කර තිබෙන OS එහෙහි 32bit සහ 64bit ආකාර දෙකෙන් නැවැරදි Drives කොටසට ලබා දිය යුතුයි.)

අපට මෙටි සකස් කල යුතු මීලග Option එක වන්නේ. Desktop එකට ලැබෙන Wallpaper එක. ඒ සදහාද ඔබට කැමති Photo එකක් තෝරාගැනීමට අවශ්‍ය නම්, පහත පියිවර අනුගමය කරන්න.



Win7PE SE එකෙහි තිබෙන Tweaks ඇතුලට යන්න, එහි Wallpaper Option එක දකින්න පුළුවන් එය ක්ලික් කරන්න, එවිට එහත Window එක දකින්න පුළුවන්. මෙහි Option කිහිපයක් තිබෙනවා. ඔබට පේනවා ඇති. අපිට කැමති පිංතූරයක් Wallpaper එක ලෙස ලබාදීමට නම් Use Custom Wallpaper තොරන්න, එහි තිබෙන Select බට්න් එක ක්ලික් කර අවශ්‍ය පිංතූරය තොරා දෙන්න. (පිංතූරය බලන්න)

මේයාට අමතරව අපිට වැදගත් තවත් ක්‍රියාවලියක් තිබෙනවා. ඒ තමයි Windows XP හි ඇතුලත් කරගත් Portable Software මේ Windows 7 Live CD එකටත් එකතු කරගැනීම. එහෙම කරගත්තෙ තැනිනම් අපිට කැමති වැදිහට වැඩ කරන්න ලැබෙන්නෙ නැහැනෙ :P එහෙනම් පහලින් ඒ ගැන බලමු.


Win7PE SE  Select කරගන්න, එවිට ලැබෙන Window එකෙහි තිබෙන Script බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔබට මේ Win7PE SE එකට අදාලා Description එකක් දකින්න පුළුවන්, බලන්න මම රූපයේ රතු පාටින් ලකුනු කර තිබෙන Setting බට්න් එක (යතුරක් හැඩැති) ඒක ක්ලික් කරන්න, පහත අකාරයේ අලුත් වින්ඩෝ එකක් ලැබේවි.


ඔබට අලුතෙන් ලැබුනු Window එකෙහි ඉහලින් තිබෙන Button කිහිපයෙන් Attachments බට්න් එක ක්ලික් කරන්න. ඔබට Attachment අදාලා සැකසුම් දැකගන්න පුළුවන්. Add බට්න් එක ඔබට දකින්න පුළුවන්. මේ Button එක ක්ලික් කරලා ඔබට මේ Live CD එකට ඇතුලත් කල යුතු Portable Software එකතු කිරීමට පුළුවන්, එය ක්ලික් කරන්න එවිට පහත අකාරයේ Window එකක් දකින්න පුළුවන්. 


මෙහි Add Button එක ක්ලික් කර අවශ්‍ය Portable Software ටික තොරාදෙන්න. ඉන්පසු Start බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට දකින්න පුළුවන් ඒ Software සියල්ල Live CD එකට ඇතුලත් කරගැනීම.


පසුව කලින් වින්ඩෝ එකට ඔබ පැමිනෙනු ඇත. එහි  තිබෙන Close බට්න් එක (දකුනු පස උඩු කෙලවරේ) ක්ලික් කර එම Window එකෙන් ඉවත් වන්න. දැන් ඔබට නැවතත් කලින් Window එකම දකින්න පුළුවන්. 


Windows 7 Live CD එක සකස් කිරීමට අදාලා සියළු දත්තයන් සහ වෙනස්කිරීම සියල්ල සිදු කර අවසන්. දැන් අපට තිබෙන්නෙ මේ Live CD එක එනම් ISO එක Create කරගැනීමයි. ඒ සදහා එම වින්ඩෝ එකෙහි ඔබට දකින්න පුළුවන් Play ලෙස සටහන් වූ බට්න් එකක්, එය ක්ලික් කරන්න අවිට එම ක්‍රියාලවලිය ඇරබේ. මේ සදහා විනාඩි 15ක තරම් කාලයක් ගතවීමට පුළුවන්.


මේ අකාරයෙන් ඔබේ Live CD එක Create වීම ඔබට දැකබලාගැනීමට පුළුවන්. මෙට CD එකකට පිටපත් නොකර ISO එක Virtual Box ආධාරයෙන් Run කර බලන්න, හ්ම් පුදුමක් නොවේද? :P :P ඔන්න එහෙනම් ඔයාලට මම අද කියලා දෙන්න බලාපොරොත්තුවෙන් පැමැණි Windows 7 Live කතාව ඉවරයි. ඔයාලටත් මේ බ්ලොග් එකේ තියෙන ලිපි වැදගත් කියලා හිතෙනවානම් Like එකක්, Follow පාරක් දාලා යන්න, මොකක් හරි අවුලක් එහෙම තිබ්බොත් Comment එකක් දාලා යන්න, උදවු කරන්නම්. එහෙනම් ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. ගිහින් එන්නම්. සුබ දවසක් !!!


Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…