Skip to main content

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි





ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නවා වෙන්න පුළුවන්, මුලින්ම අපි ඒ ගැන ටිකක් බලමු.




අපි හැමෝම බාවිත කරන UPS (Uninterrupted Power Supply) යන නමින් හදුන්වයි. මෙය අපි කෙටි කරලා වචන තුනේ මුල් අකුරු ටිකෙන් UPS නම නම සම්මත වචනයක් විදිහට භාවිත කරනවා, දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි අපි UPS එකක් පාවිච්චි කරන්නෙ කියලා, එහා ගත් කටටම කියයි, කරට් එක ගියපු වෙලාවට පරිගණකය අකන්ඩව පවත්වාගන්නට. හ්ම් ඇත්ත, මෙහිදී සුදුවන්නේ, අපි පරිගණකය භාවිත කරමින් සිටින අතර තුර, විදුලි ඇනහිටීම් වෙනවා කියන අය කියන්නත් දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවකදී අපි UPS එකක් භාවිත නොකලොත් අපේ පරිගණකය පෙර දැනුම් දීමකින් තොරව Off වෙනවා, :P මේ වෙලාවට අපි UPS එකක් භාවිත කලොත් විදුලි ඇනහිටීමකදී අපේ UPS එක විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරමින් අපගේ පරිගණයේ අපි කරන ක්‍රියාවලිය නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යෑමට උදවු වේවි. ඉතිං අපි මේ භාවිත කරන UPA තාක්ෂණය පැත්තෙන් ගත්තොත්, මේවගෙ වර්ග දෙකක් තියෙනවා, ඒ තමයි

On Line UPS (Uninterrupted Power Supply)



Off Line UPS (Uninterrupted Power Supply)


මෙම UPS වර්ග දෙක ප්‍රධාන වශයෙන් එකි නෙක සමග වෙනස් වන්නේ, මෙහි විදුලි ඇනහිටීමකදී පරිගණකය වෙත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුව, මේවායින් Off Line UPS එකක් අපි භාවිත කරන විට යම් මොහොතක විදුලි අනහිටීමක් සිදු උවහොත්, Off Line UPS සිට පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් 0.1 (Second) ගතවෙනවා, හ්ම්, මෙහෙම උනාම කවුරුහරි අහයි. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා. නැ එහෙම වෙන්නෙ නැ, එහෙම නොනැසී බාවිත කිරීමට අපේ පරිගනකට සම්බන්ධ කරලා තියෙන Power Supply එකෙහි අඩංගු වන ධාරිත්‍රක දෙකහි එවකට අරෝපිත විදුලි ප්‍රමාණයන උපයෝගී කරගනී. ඒ නිසාවෙන් අකන්ඩව ක්‍රයාවලිය සිදු කරගත හැකියි. ඒ වගේම ඉහතිස් සටහන් කල  On Line UPS  සතු ප්‍රධාන ගුනාංගය වන්නේ, මෙහිදී UPS එකේ සිට පරිගණකය වෙත විදුලිය ලබාදීමට අමතර කාලයක් ගත නොවීමයි. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට නොගනී, ඒ මෙහි වටිනාකම ඉහලයි, මේයා මහාපරිමාන සමාගම් වල භාවිත කරයි. අපගේ ගෙදර දොර භාවිතය සදහා අපි යොදාගන්නෙ Off Line UPS එකක්ය. මෙය මිලෙන් අඩු බැවිනි.

ඔබ UPS එකක් බාවිත නොකලොත්, ඔබේ පරිණකයට හානි විය හැකි බවත් ඔබ දන්නවාද? අප රටේ ක්ෂනික විදුලි බිදවැටීම් නරන්තරයෙන් සිදු වෙනවා, එහිදී විදුලිය විසන්දි වූ විගස නැවතත් විදුලිය පැමිනෙන අවස්ථා බහුලයි, මෙවන් අවස්ථාවලදී විදුලි ධාරිථාවය Over Load උවහොත්, එය අපේ පරිගණකයට හානි කරයි. මෙය ප්‍රධානය බලපාන්නේ පරිගණකයේ Hard Disk එක සහ Motherboard එකයට, කනට ගහලා ගියා වගේ තමයි. බොහෝ විට මෙයින් එක් උපාංගයක් බාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා, මේ අපේ ගෙවල් ලග පාත මලයන්ඩි කෙනෙකුත් දැන් මාස ගානක් තිස්සෙ දුක් විදිනවා UPS එකක් නැතිව Computer එක Use කරලා දැන් එයාගෙ Mothebord එකට සොරි වෙලා, සල්ලි නෑ කියලා ඔය කෑ ගගහා හිටියෙ. :P මෙවන් දෑ ඔබටත් වෙන්න කලින් දැනුවත් කිරීම මා සතුයි. ක්‍රියාත්මක කරගැනීම ඔබ සතුයි.

USP එකකින් ප්‍රධාන වශයෙන් ඉටු කරන ක්‍රියාවලි හතරක් තිබෙනවා, ඒ ගැන ඔබ දැනුවත්ද?

  • ප්‍රධාන වශයෙන්ම විදුලි ඇනහිටීමකදී විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරයි.

  • මේ වගේම වෝල්ටීයතා ස්ථායිකරණයක්ද මෙමගින් සිදු කර දීමට සමත් වේ.

  • සංඛ්‍යාත ස්ථායිකරණයක්ද ලෙසද ක්‍රියා කරයි.

  • විදුලි සැපයුම විසන්දු වූ විට, අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට හැකි වීම විශේෂයි.

දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමණය කල යුති ක්‍රයාමාර්ග මොනවද විත්තිය.

  1. පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.
  2. UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, SU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.
  3. පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.
  4. විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ. එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.
  5. ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.
  6. UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.

ඉහතින් විස්තර කල කරුණු අනුව ඔබ UPS එක භාවිත කලොත්, ඔබට වැඩි කාලයක් USP එක බාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වැසි වෙලාවට UPS එක On කර නොතබන්න (ඔබේ පරිගනකයත්), ඔබට ඔය කියලා තියෙන කරුණු ටික පැහැදිලි ඇති කියලා විශ්වාස කරමි. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැමට.

Comments

  1. බොහොම ස්තුතිය් යහළුවා , තව දෙයක් දැනගන්න කැමතිය්. UPS 1 එක දිගට ගොඩක් වෙලා on කරලා තියන්න හොඳ නැද්ද?

    ReplyDelete
  2. yamak denagattha' thank's

    ReplyDelete
  3. යලුවා.. ගොඩක් දෙවල් දැනගත්තා. ගොඩක් පින්..

    එ වගෙම UPS එකක් ගත්තම එක දිගට පැය 8ක් charge කරන්න හොද නෑ නේද යාලු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.