Skip to main content

Operating System කිහිපයකින් වැඩ කරමු - VirtualBox



ආයුබොවන්ඔයාලා හැමෝටමකොහොමදඔයාලටමම නම් කවදත් හොදින් හිටියාඅද වගේම තමයි හෙටත් :D අද මම ඔයාලට කියන්න යන්නෙ. වැදගත් කියලා හිතුන දෙයක් ගැනඅපි භාවිත කරන OS එක උඩම තවත් OS කිහිපහක් අපිට අවශ්‍ය වෙලාවට Run කරගන්න විදිහ. ඔයා Partition කිහිපයක් හදලාඒ Partition වලට වෙන වෙනම Oparation System Install කරගෙන තිබුනත්ඔයාට OS අතර මාරු වෙන්න නම් Computer එක Restart කරන්න ඕනෙඑහෙත් ඔයාට මේ විදිහෙන් Computer එක වරින් වර Restart කරන්න ඕනෙ නැහැ. VirtualBox බාවිත කලාම අපිට කිහිම අපහසුවකින් තොරත OS කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක්ඔය සැක සහිත Link එහෙම බලන්න බය වෙන්න ඕනෙ නැහැ, VirtualBox Run කරලා ඒවට ගියාට ඔයගෙ OS එකට මුකුත් වෙන්නෙ නැහැ. වෛරස් වලින් බලපෑමකුත් නැහැ. මේ නිසා, ඔයාලා හැමෝටම මේය වැදගත් වෙයි කියලා හිතුනා, අපි අද බලමු මේ VirtualBox සම්බන්ධයෙන් වැඩ ටිකක්

පලමුවෙන්ම මේගැන පොඩි හැදින්වීමක් කලොත්, මෙම 
VirtualBox මෘදුකාංගය, දැනට Develop කරන්නෙOracle Tech Network එක යටතේ, මෙය අපි හැමෝටම නොමිලේ භාවිත කරන්න පුළුවන් Open Source ගනයේ මෘදුකාංගකි. මෙය දැනට අප භාවිත කරන බොහොමයක් Operating System සදහා ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා, Windows, Linux, Macintosh, and Solaris අමතරව බොහොමයක් Guest Operating Systems සමගින් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා. මෙය පළමුවෙන්ම අපි Download කරගතයුතුයි. එය අපේ පරිගණකයේ දැනට ධාවනය වන Operating System එකට අදාලාව Download කරගත යුතියි, Windows, Linux, Apple Mac සදහා වෙන් වෙන් වශයෙන් මෙම මෘදුකාංගය සංස්කරණය කර තිබෙනවා. ගොඩක් දෙනෙකුගෙ OS එක නම් Windows නේද, ඔයාගෙ OS එකට ගැලපෙන VirtualBox එක පහතින් Download කරගන්න, මේ දෙසැම්බර් මාසෙ 19 වෙනිදා මෙහි අලුත්ම 4.1.8 සංස්කරණය නිකුත් කර තිබෙනවා.
 
ඉහත ලින්ක් එකෙන්, ඔබේ OS එකට ගැලපෙන  VirtualBox එක Download කරගන්න, එය Windows සදහා ලැබෙන  VirtualBox මෘදුකාංගයේ ධාරිතාවය (87.9MB ) Download කරගත් File එක Double Click කර, මෙය ඔබේ පරිගණකයට Install කරගන්න.


මෙය සාමාන්‍ය මෘදුකාංගයක් පරිගණකට Install කරන ආකරයෙන් Install කරන්න, මෘදුකාංගය Install වීමෙන් අනතුරුව ඔබට ඔබගේ Desktop එකෙහි Shortcut එකක් දකින්න පුළුවන්, එය Double Click කර මෙය විවෘත කරගත හැකිය. එවිට පහත ආකාරයේ Window එකක් දකින්න පුළුවන්.



ඉහත රූපයෙන් ඔබට දකින්න ලැබෙන්නෙ, VirtualBox හි මූලික වින්ඩෝ එකයි. පළමුවෙන්ම අපි VirtualBox ක්‍රියාත්මක කරගැනීමට, ඒ සදහා Virtual  Machine එකක් සකස් කරගත යුතු වෙනවා, ඒ සදහා මෙහි තිබෙන New බට්න් එක ක්ලික් කරන්න, එහිදී ඔබට නව වින්ඩෝ එකක් ලැබෙනවා ( ඔබ VirtualBox වීවෘත කරන විටද මේ Windows එක ලැබෙනු ඇත)

මෙහිදී ඔබට විවෘත වන්නේ, New Virtual Machine එකක් සකස් කරගැනීමේ මූලික වින්ඩෝ එකයි, මෙහි පහල තිබෙන Next බට්න් එක ක්ලික් කරන්න.


නැවතත් ඔබට ඉහත ආකරයේ අලුත් වින්ඩෝ එකක් විවෘත වනු ඇත, මෙහිදී අපි විසින් සකස් කිරීමට බලාපොරොත්තුවන Virtual Machine එකට Name එකක් ලබාදිය යුතුයි. එය Name යන්නට පහලින් දැක්මෙන Text Box එක තුල ලබා දෙන්න, එයට පහලින් OS Type යටතේ, තවත් Option දෙකක් දකින්න පුළුවන්, ඔබ විසින් සකස් කිරීමට බලාපොරොත්තුවන Virtual Machine එක ආදාරයෙන් Boot කිරීමට බලාපොරොත්තුවන Operation System එක සහ එහි Version එක පහල List Box තුලින් තොරගෙන, පහල තියෙන Next බට්න් එක ක්ලික් කරන්න.


මෙම පියවරේදී අපි සකස් කරන්න Virtual Machine වෙන්කරන RAM ප්‍රමාණය තීරණය කරගය යුතුයි. මෙය අපි තීරණය කරගත යුතු වන්නේ Operating System එක අනුව, මෙය එකින් නෙකට වෙනස් වෙන්න පුළුවන්, Windows XP Run කරන්න නම් එතරම් RAM ප්‍රමාණයක් අවශ්‍ය වන්නෙ නැහැ, එහෙත් Windows Vista සහ 7 සදහා නම් වැඩි RAM ප්‍රමාණක් වෙන්කරගත යුතුයි. නැතිනම් අපි Virtual Machine එක තරමක් Slow වෙන්න පුළුවන්, මම මෙයි Ubuntu OS එක තොරාගත් නිසා, 512MB ලබා දී තිබෙනවා, යම් හෙයකින් Slow වුවහොත්  මෙහි ලබා දෙන RAM ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න. මෙය තොරාගැනීමෙන් අනතුරුව Next බට්න් එක ක්ලික් කරන්න.



මෙම පියවරේදී අප විසින් Virtual Hard Disk එකක් සකස් කරග යුතියි. මෙය සාමාන්‍යයෙන් 8.00GB තරම් ධාරිතාවක් තිබෙන  Virtual Hard Disk  එකක් සකස් කල යුතුයි. මෙහි Next බට්න් එක ක්ලික් කරන්න.


මේ ඔබට ලැබී තිබෙන්නේ Virtual Disk Creation Wizard එකයි. මෙහි File Type එක විදිහට Default Select වී තිබෙන්නෙ, VDI (Virtual Disk Image) එකය. එහෙත් ඔබ මේවන විටත් Virtual PC පාවිච්චි කරනවානම්, එම මෘදුකාංගන්හි භාවිත කරන File Type එකක් උවත් තෝරාගත හැකියි. මම වෙනත් Virtual මෘදුකාංග පාවිච්චි කරන්නෙ නැහැ, ඒ නිසා පලමු File Type එක තොරා Next බට්න් එක ක්ලික් කරනු ලබයි.


මෙම පියවරේදී අප විසින් සකස් කරන Virtual Hard Disk එහෙහි Storage Details ලබා දී තිබෙනවා, මෙහි Dynamically Allocated සහ Fixed Size වශයෙන් Option දෙකක් තිබෙනවා, මෙහි සාමාන්‍යෙයන්  Dynamically Allocated  භාවිත කිරීමේදී ස්ථාවරවම අපේ Hard Disk එහෙත් මෙම Space එක ඉවත් නොවේ,   Fixed Size  තොරගතහොත්, එය ස්ථාවරම මේ සදහා වෙන් කරනු ලබයි. තරමක් කාර්යක්ෂමව වීමට පුළුවන,  එහෙත් Hard Disk එකේ ප්‍රශ්ණ මතු වෙන්නත් පුළුවන. ඒ නිසා මම මෙහි  Dynamically Allocated තොරාගෙන Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට ගමන් කරන ලදි.


මෙහිදී අපගේ Virtual Hard Disk එහෙහි ප්‍රමාණය තොරගය යුතියි. මෙය සාමාන්‍යයෙන් 8GB ඉඩක් තොරගෙන තිබෙන අතර, මේ ප්‍රමාණයට වඩා අඩු කිරීමෙන් දෝශ සහගත තැන් මතුවීමේ හැකියාව තිබෙනවා. එහෙත් ඔබේ Hard Disk එහෙති ප්‍රමාණය ඉහල අගයක් නම් වැඩි අඩයක් තොරගත හැකියි. තොරාගැනීමෙන් අනතුරුව Next බට්න් එක ක්ලික් කරන්න


මෙම Window එකෙහි Virtual Hard Disk එකෙහි විස්තර ඇතුලත් Summary එකක් දකින්න පුළුවන්, හෙමි කිසිවක් සිදුකිරීමට නොමැත. Create බට්න් එක ක්ලික් කරන්න.


එයින් අනතුරුව ඉහත පරිදි ඔබට ලැබෙන වින්ඩෝ එහෙති Virtual Machine Summary එක දකින්න පුළුවන්, මෙහිද පහල තිබෙන Create බට්න් එක ක්ලික් කරන්න.


දැන් ඔබට මෙහි මූලික Window එක දකින්න පුළුවන් වනු ඇත, ඒ වගේම අප විසින් සකස් කරනු ලැබූ Virtual Machine එකත් දකින්න පුළුවන්, ඒ වගේම මේ Virtual Machine List එකට දකුනු අත පැත්තෙන්, එයට අදාලා Setting දකින්න පුළුවන්,  Virtual Machine එකත් Power Off ලෙස සටහන්ව තිබෙනව බවත් දකින්න පුළුවන්, අප ඉහතින් විස්ථර කරගත්ත ආකාරයටම ඔබට මෙහි Virtual Machine කිහිපයක් උවත් Create කරගැනීමේ හැකියාව තිබෙනවා. අප විසින් සකස් කරගත්ත  Virtual Machine එක Start කර Operating System එකක් ධාවනය කිරීමට සදහා ඉහත රතු පාටින් ලකුනු කරන ඇති Start බට්න් එක ක්ලික් කරන්න.


මෙම වින්ඩෝ එකක් එක්ක ලැබෙන Wizard එක විවෘත වනු ඇත, මෙයින් අප ධාවනය කරන Operating System එක තොරා දිය යුතියි. මෙහි තිබෙන Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට ගමන් කරන්න.


මෙහි රතු පාටින් රවුම් කර තිබෙන බට්න් එක ක්ලික් කරන්න, එවිට ඔබට විවෘත වේවා Choose Virtual CD/DVD Disk File Window එක, මෙයින් ඔබේ පරිගණකයේ තිබෙන Operation System එක (Ubuntu) ISO එක තොරා දෙන්න, අපි විසින් ඉහතින් මේ Virtual Machine එක සකස් කරනු ලැබුනේ Ubuntu OS එක සදහාය. ඔබට අවශ්‍ය නම්, එනම් ISO එකක් නොමැති නම්, ඔබ සතුව මෙහි Bootable Disk එකක් තිබෙනවානම්, එය CD/DVD Drive එකට යොදාගෙන එයද Virtual Machine එකක් ආදාරයෙන් Run කිරීමේ හැකියාව තිබෙනවා, මම Image File එකක් විවෘත කර පෙන්වන්නම්. දැන් මෙහි තිබෙන Next බට්ක් එක උඩ ක්ලික් කරන්න.



මෙයි මා විසින් විවෘත කරගනු ලැබුවේ, මාගෙ පරිගණකයේ තිබෙන Image File එකකි, එයට අදාලා තොරතුරු මේ වින්ඩෝ එකෙන් දකින්න පුළුවන්, මෙහි තිබෙන Start බට්න් එක ක්ලික් කරන Virtual Machine එක ආරම්භ කරන්න.


මේ තිබෙන්නෙ අප විසින් Ubuntu Operating System එකට අදාලව සකස් කරගත් Virtual Machine එක. ඔබට OS කිහිපයකින් වැඩ කිරීමට අවශ්‍ය නම්. Virtual Machine කිහිපයක් සකස් කරගැනීමෙන්, ඒවාට අදාලාව වෙන වෙනම OS Run කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබට මේ ලිපිය වැදග් වෙවි කියලා හිතෙනවා, ඉතින් පැමිනෙන්න, කියන්න, දැනුම එකතු කරන්න, ඔබේ අදහස් අපිත් සමග බෙදා ගන්න. ඔබට මේ ලිපිය සහ මාගේ බ්ලොග් එක වැදගත් නම් බ්ලොක් එකට Like එකක්, Follow පාරක්, Post එකට Comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා, තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. ගිහින් ඉන්නම්, ඔබ සැමට සුබ දවසක්.







Comments

  1. macan wena Partition on karaganna puluwanda?

    ReplyDelete
  2. වෙන Partition එකක් කිව්වෙ, Virtual Partition එකක් හදාගෙන එකෙන් තමයි Image, එකක් හරි CD එකක් Run කරන්න පුළුවන්

    ReplyDelete
  3. වටිනා ලිපියක් මචං...

    ReplyDelete
  4. pulina damith ස්තූතියි මිතුර.......

    ReplyDelete
  5. @Thilna Nimantha ස්තූතියි මිතුර.......

    ReplyDelete
  6. okata wadiya VMWARE software eka speed...
    oka tika slow....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.