Skip to main content

Driver Backup කරගමු -: Double Driver



ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද ඔයාලට. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ Computer එකේ තියෙන Drivers ටික Backup කරගන්න පුළුවන් විදිහක් ගැන. මම ඔයාලට කිලින් ලිපියක් ලිව්වා මතක ඇති Drivers හොයාගන්න අමාරුද? කියලා, හ්ම් ගොඩක් හොය ප්‍රතිචාර තිබුනා. ඉතින් ඔයාලා ඒ මෘදුකාංගය අධාරයෙන් Drives Download කරගෙන Install කරගනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවා Backup කරගැනීමටද පුළුවන්. එහෙත් එක Computer එකට Install කර කර Crack කරගෙන ඉන්න ඕනෙ මේ සුළු වැඩේ කරන්න, ඒ නිසා ටිකක් කරදර වෙන්න පුළූවන්. ඉතින් ඔයාලට මේ Double Driver කියන මෘදුකාංගය භාවිතයෙන් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම මම අද ඔයාලට දෙන්න ගන්න Double Driver Portable Version එකක්, ඒ නිසා පහසුවෙන් ඕනෑම Computer එකක මේ Soft එක Run කරලා Drivers ටික Backup කරගන්න පුළුවන්, එහෙනම් පහතින් බලමු වැඩේ කරගන්න විදිහත්.



මුලින්ම මේ Double Driver කියන Software එක Download කරගන්න, Download කරගෙන එක Extract කරන්න, මෙය ZIP File එකක් විදිහට තියෙන නිසා RAR වගේ Soft එකක් අදාරයෙන් Extract කරගන්න.
ඉහතින් Download කරගත් Double Driver එක Extract කර එහි තිබෙන Double Driver Portable.exe එක Run කරන්න, එවිට පහත ආකාරයේ Window එකක් දකින්න පුළුවන්.


මෙහි තිබෙන Backup බට්න් එක ක්ලික් කරන්න, එවිට එයට අදාලා Window එක වීවෘත වේවි.


ඉන්පසුව ඔබට ලැබෙන  Scan Current System බට්න් එක උඩ ක්ලික් කරන්න, අවිට ඔබේ Computer එකෙහි තිබෙන Drivers List එක සොයා ගනු ලබයි. 


Drivers List එක සොයා ගැනීමෙන් අනතුරුව, එහි තිබෙන Backup Now බට්න් එක ක්ලික් කරන්න, එහිදී මෙම Backup එක Save කිරීමට Path එකක් තොරාදෙන ලෙස ඉල්ලුම් කරයි.



මෙයින් ඔබට කැමති ස්ථානයකට මේ Drivers Backup කරීමට. ඒ Path එක තෝරාදෙන්න.පසුව Ok බට්න් එක ඔබන්න.


මේ විදිහට කුඩා වින්ඩෝ එකකින් Backup වීම, ඇරබේවි. ඉන්පසු Successfully Message එක දකින්න පුළුවන්, දැන් බලන්න ඔට තොරදුන් Path එකට, ඔබේ පරිගණකයේ තිබූ Drivers සියල්ල Backup තිබෙන බව දකින්න පුළුවන්, ඔබ Computer එක Format කරපු වෙලාවකදී තමයි මේ Backup එකේ අගේ තෙරෙන්නෙ, මේ Backup එක සහ Double Driver මෘදුකාංගය තිබෙන නිසා, මෙම Drives නැවත නැවත Install කරගත යුතු නැහැ. මෙම Double Driver මෘදුකාංගය Open කර Restore බට්න් එක ක්ලික් කරන්න.


ඔබට ලැබෙන Window එකෙහි තිබෙන Locate Backup බට්න් එක ක්ලික් කර, Drives තිබෙන Path එක තොරා දෙන්න.


මෙහිදී Other Location යටතේදී මෙහි Path එක තොරාදෙන්න. පසුව Ok බට්න් එක ක්ලික් කර Drives ටික Backup කරගන්න. හ්ම්..මෙය කියන්න හිතුවෙ ඉදිරි ලිපියකදී මේ ක්‍රියාවලිය වැදගත් වෙන නිසාවෙන් ඔබ සතුව Backup එකක් තිබෙනවානම් නැවත Backup කරගත යුතු නැහැ. ඔයාලට ලිපිය වැදගත්ද? බ්ලොග් එකේ ලිපි වැදගත්ද? එහෙනම් පොඩි සහයෝගයක් දීලා යන්න, Like එකක් Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා. ප්‍රශ්ණයක් තිබ්බොත් Comment එකක් දාලා යනන්, ස්තූතියි ලිපිය කියවූ ඔබ සැමට. අලුත් ලිපියකින් හමු වෙමු, සුබ දවසක් !!!





Comments

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව