Skip to main content

Facebook යහළුවන්ගෙ Birthday එකට Automatically Wish කරමු



සුබ දවසක් යාළුවනේ, අදත් ඔන්න ආවා බ්ලොග් එක පැත්තට, අපේ Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරගෙන, මට නම් ඇත්තෙන්ම වැදගත්, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා Facebook එකේ ඉන්න යාළුවන්නෙ එයාගෙ උපන්දිනේට සුබ පතන්න එපැයි, නැතිනම් බෙල්ල ගහලා යනවා, :D ඉතින් ඔබත් මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටින Account එකක හිමිකරුවෙක් නම්, ඇත්තෙන්ම ඔබට මෙය වැදගත්, අතපසුවීමකින් තොරව Birthday එකට Wish කරන්න පුළුවන්, එහෙත් මෙය බාවිත කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. හ්ම්....ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා අවුලක් නැති වෙයි, Firefox වලටත් හම්බුනොත් මේ බ්ලොග් පොස්ට් එක Update කරන්නම්..හරි.....ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක, එකෙන් මේ ප්‍රශ්ණයෙන් නිදහස් වෙන්න පුළුවන. පලමුවෙන්ම පහල තියෙන Extension එක Browser එකට Install කරගන්න.

ඉහත පිංතූරය උඩ ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න, මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා, දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අවශ්‍ය විදිහට සුබ පැතුම් හදාගන්න පුළුවන්, විනාඩි කිහිපයකට පසු එක Extension එක උඩ Right Click කරන්න, ලැබෙන Menu එකෙන් Option යන්න, පහත ආකරයේ New Tab එකකින් Extension එකේ Setting හදන්න පුළුවන්.......

මෙහි තිබෙන Wishes list එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්, ඉතින් ඔබ මෙහි තිබෙන Wishes වලට කැමති නැතිනම් ඒවා Delete කරලා හරි තියෙද්දින්ම හරි අලුත් ඒවා එකතු කරගන්න පුළුවන්, ඒ වගේම Modify කරගන්න පුළුවන්, අලුතින් එකතු කරන ඒවා සිංහලෙන් උනත් එකතු කරන්න පුළුවන්, ඔන්න මමත් එකක් එකතු කරලා ඇති....ඔබට කැමති විදිහට Add a Element බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය සුබ පැතුම එකතු කරන්න, Ok කරන්න, ඒ වගේම මේ සුබ පැතුම යවන්න අවශ්‍ය දින කාල සීමාව සකස් කරන්න පුළුවන්, Wish happy birthday to birthdays within the last  days මෙතනින් අවශ්‍ය විදිහට සකස් කර ගන්න,පහල තියෙන, Save Setting බට්න් එක ක්ලික් කරලා වෙනස් කිරීමේ Save කරන්න......

ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් දෙයක් කිව්වා, ඉතින් ඔයා කැමතිද මේ Blog එකට, කැමති නම් Like එකක්, Comment එකක්, Follow එකක් දාලා යන්න, ඔබේ ප්‍රතිචාර වැදගත්.....ස්තූතියි! ගිහින් එන්නම්!!!

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…