Skip to main content

විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු.

 ආයුබෝවන්......

තවත් ලිපියක ආරම්භයක්, ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන උත්සාහය ලෙස Low Level Format එක හදුවන්න පුළුවන්. මෙහිදී මෙහිදී දෘඩ තැටියෙහි සියලුම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝමැට් එක සිදුකල හැකි විවිද මෘදුකාංග තිබෙනවා, ඒ අතරින් විශේෂ මාදුකාංගයක් වන HDD GURU භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරගන්න ආකාරය දැන් අපි විමසමු.

ඔයාලට මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා නොමිලේ බාගන්න පුළුවන්...මෘදුකාංග බාගන්න, මෙනත කොටන්න.
මුලින්ම් කළ යුත්තේ ඉහත ලින්ක් එකෙන් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරිමයි, අනතුරුව එය දියත් කරන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි Windows එකකින් මෘදුකාංගය ආරම්භ වනු ඇත.

මෙහි ෆෝමැට් කල යුතු හාඩ් ඩ්‍රයිව් එක තොරා Continue බොත්තම ඔබන්න.


ඉන්පසු ඔබද අලුත් වින්ඩෝ එකක් විවෘත වනු ඇත. මෙහි ඔබේ හාඩ් ඩිසික් එක ගැන තොරතුරු දැකගන්න පුළුවන්.

මෙහි Low Level Format යන ටැබ් එකට ගොස් Format this device යන්න ක්ලික් කළ පසු ලැබෙන පණිවුඩයට Yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක Format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඒ පණිවිඩයයි.


දැන් ඔබට පෙනෙනවා ඇති, ඔබගේ Hard Disk එක ෆෝමට් වෙනවා, මෙයට ටික වොලාවක් ගත වෙනු ඇත.


ඉහත ඇකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ඉවත්කරන්නට තීරණය කළ දෘඩ තැටිය නැවතත් භාවිතයට ගැනීමට හැකි වූවානම් එය සතුටක්.........

ස්තූතියි!!! ඔබට

සුභ දවසක්.......

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අ…

Ubuntu සදහා Huawei Mobile Partner 22 | MegaFon Modem

අ පට නිතර අසන්නට ලැබෙන ප්‍රශ්ණයක් තමයි, Linux සදහා Mobile Partner එකක් නොමැති වීම නිසාවෙන්, Dongle ආදාරයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගන්න අපගේ සොයුරන් විසින් භාවිත කරන ලද Data ප්‍රමාණය බලාගැනීමට, SMS කිරීමේ නොහැකියාව වාගේ ප්‍රශ්ණ. ඒ වගේම Mobile Partner 16/21 Linux මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා. එය අප Install කරගතයුතුව තිබුනේ වෙනස් ක්‍රියාදාමයක් මගිණි. Mobile Partner 22 ආදාරයෙන් සැකසුනු MegaFon Modem මෙය Mobile Partner Customize Version එකක් බැවින් එහිදී ඔබට අමතර පහසුකම් රැසක් හිමිවේවි. මෙහිදී අපට අපගේ Balance එක පවා බලාගත හැකිවීම,පරිශීලන අතුරු මුහුණත වඩාත් වැදගත්. ඒ වගේම Top UP Card එකක් Dongle එක පරිගණකයට සම්බන්ධ කර ඇති විමට ඇතුල් කිරීම, අවශ්‍ය නම් වෙනස් දුරකථන Number එකකට එම Top UP Card එක ඇතුලක් කිරීම සහ අතුරු මුහුණතෙහි ආකාර තුනක් (Skin) දකින්නට පුළුවන්. 

Installing Huawei Mobile Partner 22

ඔබගේ Dongle එක Connect නොවීම නිසාවෙන් ඔබට තවමත් Internet සම්බන්ධතාවය නැති නම්, අනෙකුත් ක්‍රමයක් උපයෝගී කර ගනිමින් Mobile Partner 22 Download කරගන්න. Download කරගත් megafone.tar.gz ඔබගේ Home Direct…

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන !
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
සමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)
Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide  එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)

Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා…