Skip to main content

Flash Drive එකකින් Windows 7 install කරන ආකාරය

ආයුබෝවන්.....

කියවල බලමුද මේ මොකක්ද? කියන්නෙ කියලා...කාලෙකින් තමයි හොද ලිපියක් ඔයාලට ගේන්න පුළුවන් වුනේ..අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. Windows 7 මෙහෙයුම් පද්ධතියත් නිකුත් කලේ DVD මාධ්‍යයෙන්. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7 install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 7 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?


ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්, 4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්්‍යය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග දෙකක් ඇති අතර ඒ ආකාර දෙකටම මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.

Windows 7 USB/DVD Download Tool
ඔබ සතුව Windows 7.iso image එකක් ඇතිනම් මේ කුඩා මෘදුකාංගය යොදා ගෙන එමගින් Flash Drive එක සකසා ගත හැකිය.

මේ මෘදුකාංගය ස්ථාපනය කරගැනීම සදහා XP SP2 වලට ඉහල පරිගණකයක් හා .Net framework 2.0 සමග Microsoft Image Mastering API V2 යන අවශ්‍යතා ඔබගේ පරිගණකය සතු විය යුතුයි. මේ සියල්ලම ඔබට පහත වෙබ් ලිපිනයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෙහිදී ඔබගේ Flash Drive එක NTFS ආකාරයෙන් Format කර ගැනීම මගින් මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පහසු වේ. මෙය අත්‍යවශ්‍ය නොවන අතර මෘදුකාංගය මගින් ද Flash Drive එක Format කරන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.

ඉහත ඩවුන්ලෝඩ් කර ගත් Windows 7 USB/DVD Download Tool මෘදුකාංගය Open කරන්න. එවිට පහත ආකාරයට ඒය විවිත වන අතර මෙහිදී Browse button එක මගින් ඔබේ Windows 7.iso image එක ඇති Path එක තෝරා Next කරන්න.

ඉන්පසු මතුවන තිරයෙන් ඔබට තෝරාගැනීම් 2 ක් කළ හැකියි. මෙම .iso image එක අවශ්‍ය නම් DVD එකට Burn කරගත හැකි අතර මෙය USB Flash Drive එකකට Copy කරගැනීම සදහා USB Device යන විධානය දෙන්න.

මීලගට මෙහි ඇති List එකෙන් ඔබගේ Flash Drive එක තෝරා දෙන්න. මෙහි ඔබේ Device එක නැතිනම් Refresh කර බලන්න. අවසානයේ Begin Copying Click කරන්න.

මෙහිදී මෙම මෘදුකාංගය මගින් ඔබගේ Bootable Flash Drive එක සැකසීම සිදුකරන අතර ඒ සදහා තරමක වේලාවක් ගතවේ.

ඉහත පියවර අවසානයේ Flash Drive එක සැකසී අවසානයි. ඔබ මෙම Drive එක My Computer හරහා විවෘත කර බැලුවහොත් Windows 7 DVD එකට සමාන ආකාරයට මෙහිදී File කැකසී ඇති අයුරු දක්නට ලැබේවී. දැන් මෙම Flash Drive එක ආධාරයෙන් USB Boot සහාය දක්වන ඕනෑම පරිගණකයකට Windows 7 install කිරීමට ඔබට හැකිය.

WinToFlash
ඔබ සතුව .iso image එකක් නැතිනම් Bootable Flash Drive එකක් සාදා ගැනීම සදහා Windows 7 DVD එක භාවිතා කළ හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගත හැකිය. Wizard ආකාරයේ User interface එකක් සහිත නිසා ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකියි. ඔබටත් මෙම මෘදුකාංගය පහත වෙබ් ලිපිනයෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.



මෙහි ඇති දෙවැනි තිරයෙන් ඔබට Windows හි විවිධ සංස්කරණ සදහා Bootable Flash Drive සාදා ගැනීමට අවශ්‍ය තේරීම් කළ හැකියි. Windows 7 සදහා මෙහි දක්වා ඇති ආකාරයට තෝරා මීලග පියවරට යන්න.


ඉන්පසු මතුවන තිරයෙන් ඔබට Windows file අඩංගු DVD එක හෝ Folder එක තෝරා දිය හැකිය. මේ සදහා Windows file path යටතේ ඇති Select යන්න තෝරන්න. ඔබගේ USB Flash Drive එක තෝරා දීම සදහා USB Drive යටතේ ඇති Select යන්න තෝරන්න. සියළු සැකසීම් සුදුකළ පසු Next දෙන්න.
මෙහිදී මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා ප්‍රති වෛරස මෘදුකාංග අක්‍රීය කරන ලෙසට දන්වන අතර එය එතරම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මන්ද Microsoft ආයතනයෙන් නිෂ්පාදිත Windows 7 DVD එකකින් ලබාගත් .iso එකක වෛරසි තිබිය නොහැකි නිසා.

මීලගට ඔබට Windows 7 EULA සදහා එකඟතාවය පළ කිරීමට සිදුවන අතර ඒ සදහා මෙහි දැක්වෙන ලෙස අනුමැතිය පළකර Continue ක්ලික් කර මීලග පියවර වෙත යන්න.

දැන් ඇත්තේ Flash Drive එක සැකසීමේ කටයුත්තයි. මේ සදහා තරමක වේලාවක් ගතවන අතර සාමාන්‍යෙයන් විනාඩි 10-15 ක් අතර කාලයක් ගතවේ. මේ පියවර අවසානයේදී ඔබගේ Windows 7 Bootable Flash Drive එක සැකසී ඇති අතර පහත පරිදි ඒ බව සඳහන් පණිවුඩයක් ඔබ වෙන ලැබෙනු ඇත.
ඉහත දැක්වු ආකාර දෙකටම ඔබට Bootable Flash Drive සාදා ගත හැකි අතර එය ඉතා පහසුවෙන් Windows 7 install කර ගැනීමට හැකියි.


ලිපිය සම්පුර්ණව කියෙව්වා නේද? අමතක කරන්න එපා කමෙන්ට් එකකුත් එකතු කරන්න,

ස්තූතියි! ඔබට

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.