Skip to main content

SixthSence තාක්ෂණය

ආයුබෝවන්........

                                                   

පරිගණක උදව් ඇඩ්මින් වරුනෙ, ඔයාලට මතකද මම ඔයාලට පොරොන්දුවක් වුනා, අහ් ඉතින් මම දැන් ඒ පොරොන්දුව ඉටු කරන්න හදන්නෙ, *SixthSence* තාක්ෂණය* කියන්නෙ අපේ අසල්වැසි රට වන භාරතයෙන් උපත් තාක්ශණයකි, ඉතිත් එහෙනම් තකාවට බහිමු,

ඔබ Minority Report චිත්‍රපටය නරඹා ඇත්නම් එහි ප්‍රධාන චරිතය වන Tom Cruise සිය දෑත් අවකාශයේ එහා මෙකා කරමින් පරිගණක පද්ධතියක් හසුරුවනු දැක තිබෙනු ඇත. ඒ අනාගත තාක්ෂණය වර්තමාන ලෝකයේදී යාතාර්ථයක් වි ඇති බව ඔබ දන්නවාද? මෙම තාක්ෂණය දැනටමත් නිපදවා ඇති අතර එය අපි දුටුවාටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටී. මෙම තාක්ෂණය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ අපගේ අසල්වැසි භාරත දේශයේ විශිෂ්ඨ තරුණ පරිගණක උපාධිධාරියෙකු හා Massachusetts Institute of Technology (MIT) ආයතනයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින 30 හැවිරිදි කරුණයකු වන Pranav Mistry ටයි.

                                    
මෙම තාක්ෂණයේදී සංකීර්ණ මෙවලම් කිසිවක් යොදා නොගනී. යොදාගනු ලබන්නේ, පොකට් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් (Pocket Projector), දර්පණයක්, කැමරාවක් (Webcam) සහ දෑතේ ඇගිලි වලින් කරන චලනයන් කැමරාවෙන් නිවැරදිව ග්‍රහනය කර ගැනීමට ඇගිලි තුඩු වල ඇලවීමට රතු, කහ, කොළ හා නිල් ටේප් පටි කැබලි පමණි, මේවායින් මුලින් පැවසූ මෙවලම් තුන පෙන්ඩනයක් සේ බෙල්ලේ එල්ලා ගැනීමට හැකිවන සේ එකලස් කොට ඇති අතර කැමරාව සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය සාක්කුවේ ඇති Web enabled smart phone එකට සම්බන්ධවේ. මෙම අන්තර්ජාල පහසුකම් ඇති දුරකථනය වෙනුවට Laptop පරිගණකයක් වුවත් සම්බන්ධ කරගත හැකියි.

දෑතේ ඇගිලි වලින් සිදු කරන ලබන අංග චලනයන් (user's hand gestures) සහ ඉදිරියේ ඇති වස්තූන් පිළිබදව කැමරාව මගින් පරිගණක ගත දෘෂ්‍ය උපක්‍රමයක් (computer vision based techniques) ආධාරයෙන් ග්‍රහණය කර ගනු ලබන අතර smart phone එකට ස්ථාපනය කර ඇති විශේෂ algorithems මගින් ඇගිලි වල අලවා ඇති වර්ණවත් ටේප් පටි වල සංඥාවෙන් ලබා දුන් පණිවිඩය නිවැරදිව හදුනා ගැනීම මෙන්ම එයට ලබාදිය යුතු ප්‍රතිඵලය සැකසීම ද සිදුකරයි. ඉන්පසු smart phone මගින්ම ලබා දෙන ප්‍රතිදානය ප්‍රක්ෂේපන යන්ත්‍රය මගින් ඉදිරියේ ඇති බිත්තියක් මතට හෝ වෙන යම් ඕනෑම වස්තුවක් වෙතට ප්‍රක්ෂේපනය කරනු ලැබේ. එසේම දැනට ඔහු LED තාක්ෂණය යොදා තැනූ ප්‍රක්ෂේපන යන්ත්‍රයක් භාවිතා කරන අතර ඉදිරියේදී Laser තාක්ෂණය ඇති ප්‍රක්ෂේපන යන්ත්‍රයක් යොදා ගැනීම තුලින් ලබා දෙන ප්‍රතිදානයේ brightnees අගය තවදුරටත් වැඩි කර ගැනීමට ද බලාපොරොත්තුවේ.

01. කැමරාව
02. වර්ණවත් පටි
03. ප්‍රක්ෂේපන යන්ත්‍රය
04. ස්මාට් ෆෝන් දුරකථනය

මෙම SixthSense හි ඇති තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙමගින් පරිගණකයක් හැසිරවීම වැනි කාර්යයක් පමණක් නොව එමගින් Digital කැමරාවක්, Scanner යන්ත්‍රයකින් සිදුකෙරෙන කාර්යයක් එම උපකරණ රහිතව වුවත් සිදුකර ගැනීම හා පරිගණකයමය නොවන කාර්යයන් කිහිපයක් පවා සිදු කර ගැනීමට තරම් මෙම තාක්ෂණය දියුණු කර තිබීමයි. ඒ පිළිබදව උදාහරණ කිහිපයක් ආශ්‍රිතවම සලකා බලමු.

ඔබට විද්‍යුත් තැපැල් ලිපි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් කල යුත්තේ ඔබට ඉදිරියේ අවකාශයේ "@" සලකුන සටහන් කිරීම පමණි.
                                              
ඔබට යමක ඡායාරූප ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ පහත දැක්වෙන ලෙස දෑතේ ඇගිලි තබා ගැනීමයි. එවිට ඔබ බෙල්ලේ එල්ලා ගෙන තිබෙන කැමරාවෙන් එම ඡායාරූපය ලබා ගන්නා අතර ඔබට කැමති ස්ථානයකට ගොස් ඉදිරියේ ඇති වස්තුව මත එම ලබා ගත් ඡායාරූප පතිත කර ඒවා සංස්කරණය හෝ වෙනයම් කාර්යයකට යොදා ගත හැකිය.

ඔබට පොතක් පිළිබද පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ එහි තම ඇගින්න තැබීම පමණි. එසැනින් එම පොතේ විස්තර හා Rating යනාදිය Amazon වැනි මේ පිළිබදව ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් පරීක්ෂා කර පොතේ මුල් පිටුව මතම සටහන් වනු ඇත. එපමණක් නොව පොතේ ඇතුලත ඇති ඡායාරූපයක් වැනි දෙයක වැඩිදුරටත් තොරතුරු ඔබ එම ඡායාරූපය මත ඇගිල්ල තැබූ සැනින් ලබා ගැනීමට තරම් මෙම තාක්ෂණය දියුණුය.
                                            
පෙර පැවසූ පරිදි පරිගණක නොවන කාර්්‍යයන් ලෙස ඔබට අත් ඔරලෝසුවක් නොමැති වුවත් වෙලාව බලා ගැනීමට හැකියාව ද මෙමගින් ලබා දී ඇත. එනම් ඔබ කළ යුත්තේ මැනික් කටුව මත රවුමක් සලකුනු කිරීම පමණි. එවිට අත් ඔරලෝසුවක් එහි මැවේ.
                                           
එසේම ජංගම දුරකතනයක් යා යුතුද නැත. ඔබගේ අත්ල මතට දුරකතනයේ අංක පුවරුව දෘෂ්‍ය ලෙස ලබාගෙන අදාල අංක මත ඇගිල්ල තැබීම පමණකි කල යුත්තේ.
                                         
ඔබට යම් හෙයකින් වෙළද සැලකින් ලබා ගන්නා දෙය පරිසර හිතකාමීද, එසේ නැතහොත් එය පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න පවා එම භාණ්ඩයේ නම මත හෝ වෙනයම් පිළිගත හැකි දත්තයක් මත ඇගිල්ල තැබූ විට ලබා ගැනීමේ හැකියාව ද ඇත.
                                        
එපමණක් නොව ඔබ බලමින් සිටින පුවත්පතේ පලවී ඇති ඡායාරූපය සලකුනු කල විට එම ඡායාරූපයට අදාල වීඩියෝ දර්ශනය Youtube වෙතින් ලබාගෙන පුවත්පත මතදීම බලාගැනීමට ද හැකිවේ.
                    
මෙම පිද්ධතිය තැනීමට බොහෝ මුදල් වැයවන්නට ඇතැයි ඕනෑම කෙනෙකුට සිතීම ස්වාභාවිකය. එහෙත් ජංගම දුරකථනය හැරෙන්නට අනික් උපකරණ සමූහයට වැයවී ඇත්තේ ඩොලර් 350 ක් පමණක් බව මෙහි නිර්මාපකයා වන Pranav Mistry නොවලභා පවසන අතරම ඔහු මෙයින් සිත්සේ මුදල් ඉපයීමේ හැකියාව ඇතත්, සිය නිර්මාණය ලෝකයේ බහුතරයක් වෙතට නොමසුරුව ගෙනයාමේ අරමුණ හා තව තවත් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම පද්ධතියේ විශේෂිතම කොටස වන මෘදුකාංගය, Open Source මෘදුකාංගයක් ලෙස තබා ගැනීමට පවසා තිබීම ද අතිශයින් ප්‍රශංසනීය කාරණයකි.                                       
                             
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේ SixthSence තාක්ෂණය ගැන වීඩියෝ පට කිහිපයක් තියෙනවා මෙන්න තැන ගිහින් බලන්නකො, http://www.youtube.com/watch?v=ZfV4R4x2SK0&feature=player_embedded      

මෙන්න යාලුවනේ තවත් තැනක් තියෙනවා, ගිහින් බලන්න, http://www.youtube.com/watch?v=nZ-VjUKAsao&feature=player_embedded      

එහෙනම් මේ ටිකත් බලලම යන්නකෝ

http://www.ted.com/talks/pattie_maes_demos_the_sixth_sense.html      
http://www.ted.com/talks/pranav_mistry_the_thrilling_potential_of_sixthsense_technology.html      
http://www.youtube.com/watch?v=mUdDhWfpqxg      

ස්තූතියි! ඔබට

සුභ දවසක්

Comments

  1. 2009න් පස්සෙ ඕක ගෑන විස්තර තියෙන article වල link තියෙනවනම් කියන්ටකො.

    ReplyDelete
  2. සොයුරා, මේ පොස්ට් එක අවසානේ මම ලින්ක ටිකක් ලබා දීලි තියෙනවා නේද?

    ReplyDelete
  3. මදි නම් මේකත් බලන්න, http://www.ted.com/talks/pranav_mistry_the_thrilling_potential_of_sixthsense_technology.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව