Skip to main content

කවුද කියන්නෙ Firefox වලට වඩා Chrome ස්පීඩ් කියලා,

ආයුබෝවන්!......

ඔයාලා දැන් දන්නවාග් Mozilla firefox 5.0 නිකුත් කරල තිබෙන බව, ඒත් ඔයාලා කියන්නෙ Google Chrome කාර්යක්ෂම තාවයෙන් වැඩියි Mozilla firefox වලට වඩා, පරිගණක උදව් යාලුවෙක් මීට සතියකට පමන ඉහතදී ලිපියක් සකස් කරල තිබෙනවා Mozilla firefox වල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න විදිහ, ඉතිං ඔහු එය උපුටා ගත්ත එකක් වෙන්න ඔනේ මොකද ඒක සදහන් කරලා තියෙන්නෙ ඉංග්‍රීසි වලින්,



මුලින්ම් ඔයාලා Mozilla firefox 5.0 ඔබේ පරිගණකයට Download කරගෙන install කරගන්න, Mozilla firefox 5.0 ලබා ගන්න මෙන්න මෙතනට යන්න http://www.mozilla.com/en-US/firefox/new/

පසුව firefox විවෘත කරන්න

address bar  එකේ මෙහෙම type කරන්න "about:config" දැන් enter බොත්තම ඔබන්න

බලන්න ඔයාලය පහත රූපයේ පරිදි පණිවිඩයක් ලැබෙනවද කියලා, මෙහි I'll be careful, I promise! ලෙස සටහන්ව ඇති බොත්තමක් තිබෙනවා එය ක්ලික් කරන්න

දැන් ඔයාලට පේනවනේ මේ විදිහෙ list එකක් විවෘතව තිබෙනවා

මෙහි ඕනම තැනක Right Click කරන්න, අනතුරුව ලැබෙන මෙනුවෙන් New යන්න මතට යන්න, එවිට තවත් මෙනු එකක් විවෘත වෙනවා එහි string තෝරගන්න

දැන් ඔබට පේනවා නේද කුඩා නව window එකක් විවෘත වෙනවා, එහි මේ ආකාරයෙන් type කරන්න "nglayout.initial.paint"  දැන් ඔබට ඒ ආකාරයේම තවත් window එකක් ලැබෙනවා, එහි "00" සටහන් කර Ok බොත්තම ඔබන්න

නැවතත් පෙර පරිදිම,

මෙහි ඕනම තැනක Right Click කරන්න, අනතුරුව ලැබෙන මෙනුවෙන් New යන්න මතට යන්න, එවිට තවත් මෙනු එකක් විවෘත වෙනවා එහි string තෝරගන්න

දැන් ඔබට පේනවා නේද කුඩා නව window එකක් විවෘත වෙනවා, එහි මේ ආකාරයෙන් type කරන්න "content.notify.delay"  දැන් ඔබට ඒ ආකාරයේම තවත් window එකක් ලැබෙනවා, එහි "00" සටහන් කර Ok බොත්තම ඔබන්න

දැන් පහත රූපයේ පරිදි address bar එකට පහලින් තිබෙන Filter bar එක මත "network.http" ලෙස type කරලා enter බොත්තම ඔබන්න

පහත රූපයේ පෙනෙ ආකාරයෙන් network.http.pipelining මත Double click කරන්, බන්න එවිට එහි වෙනස් කමක් සිදු වෙනවා Value එක තිබෙන්නෙ false ලෙස දැන් true ලෙස සටහන් වී තිබේදැයි බලන්න

පෙර පරිදිම,
පහත රූපයේ පෙනෙ ආකාරයෙන් network.http.proxy.pipelining මත Double click කරන්, බන්න එවිට එහි වෙනස් කමක් සිදු වෙනවා Value එක තිබෙන්නෙ false ලෙස දැන් true ලෙස සටහන් වී තිබේදැයි බලන්න

දැන් ඒ ටික කරගෙන ඉවරයිනෙ, දැන් තව පොඩි වෙනස් කම් කිහිපයක් කරන්න තියෙනවා,

දැන් Double Click කරන්න network.http.pipelining.maxrequests මෙය මත ලැබෙන window එකෙහි 30 ලෙස type කර Ok බොත්තම ඔබන්න

දන් ඔබට පෙනෙවාද? network.http.max-persistant-connections-per-proxy සහ network.http.max-persistant-connections-per-server කියල දෙක් තියෙනවා.  network.http.max-persistant-connections-per-proxy මෙහි value එක 8 කියලා සදහන් වී තිබුනත් network.http.max-persistant-connections-per-server තුල value එක 0 ලෙස සටහන්ව ඇති එහි ද value එක 8 ලෙස සදහන් කර Ok බොත්තම ඔබන්න

දැන් මෙය සොයාගන්න network.http.max-connections මෙහි Double click කර ලැබෙන Window එකෙහි 48 ලෙස සදහන් කර Ok බොත්තම ඔබන්න

දැන් ඔබ මෙහි අවසන් පියවරට පැමිණ තිබෙන්නෙ,
ඔබට මතකනෙ අපි පලමුවෙන්ම කරපු දේ, ඒ ආකාරයට මෙයි ඕනෑම නැකක Right click කරන් New යන්න ලැබෙන මෙනුවෙන් Integer මත click කරන්න, ලැබෙන Window එකෙහි "nglayout.initialpaint.delay" මෙය යොදන්න, Ok කරන්න value එක 0 ලෙස සටහන් කර නැවතත් Ok බොත්තම ඔබන්න

දැන් ඔබ සාර්ථකව මෙය සිදු කරගෙන අවසන්,

කට්ටියම කියන්නෙ firefox වලට වඩා Chrome ස්පීඩ් කියලනේ, මේ පියවරවල් අනු ගමනය කරන්නෙ නැතුව උනත් firefox ස්පීඩ් වැඩියි, ඉතින් එය කවුරුත් පිලි ගන්නෙ නෑනෙ, මේ කරල බලන්න ගිණි නරියා, ගින්දර වගේ වැඩ කරන්නෙ නැද්ද? කියලා

ස්තූතියි

සුභ දවසක්

Comments

  1. machan, wade maxxa!!! Habai copy protect nisa poddak upset!! Meke dila tiyena command lines type karanawata wada copy paste karana eka lesiine!!! Poddak eka gena hithala balanna!! Jaya wewa!!!

    ReplyDelete
  2. ඔව් යාලුවා ඔයාට ඒ විදිහට කරගන්න පුලුවන්, ස්තූතියි! ඔබට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව