Skip to main content

ලාංකීය පරිගණකයේ සිංහල පිම්ම

ආයුබෝවන්!


පරිගණකය නම් උපකරණය මෙයට වසර කිහිපයකට පෙර බොහෝදෙනාගේ ගෞරවාදයට පත්වු පුජනීය වස්තුවක් බවට පත්වී තිබුණු ආකාරය ඔබටත් අමතක නැතිව ඇති. එකල පරිගණකයක් ඉදිරියේ වාඩිවී යමක් කළ හැකි තැනැත්තාට බොහෝ ගරු සැලකිලි ලැබුණා. නමුත් අද ඒ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා අද වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවාගේ සිට පාසල් සිසුවා දක්වා බොහෝදෙනාට පරිගණකයක් භාවිත කර ගමන්ට අවශ්‍ය කාර්යයක් සිදුකරගැනීමේ දැනුමක් තිබීම ගැන අප සියලුදෙනා සතුටු විය යුතුය. එසේම ඒ කාර්යය සදහා නිසි මග හෙලි කළ සියළු දෙනාටම ස්තූතිවන්ත විය යුතුය.

පරිගණකයක් ක්‍රියාත්මක කර එයින් අපට අවශ්‍ය කාර්යයක් සිදුකරගැනීමට මෑතක් වනතුරුම බොහෝදෙනා මාළි වු කාරණයක් තිබෙනවා. එනම් ඉංග්‍රීසි භාෂා දැනුමයි. කවුරුන් කෙසේ අප රටේ කවමත් වැඩි පිරිසකට ඉංග්‍රීසිය ගැන දැණුමක් නොමැති බව අප තේරුම්ගත යුතුයි. නමුත් ඔවුන්ටත් පරිගණකයක් ඉදිරියේ වාඩි වී තමන්ට රිසි කාර්යයක් පරිගණකයෙන් ඉටුකර ගැනීමට, එසේත් නැතිනම් පරිගණකයක ක්‍රීයාකාරිත්වය පිළිබදව යම් දැනුමක් ලබාගැනීමට හරස් වූ එක් කාරණයක් වන්නේ පරිගණකයේ භාවිතවන ඉංග්‍රීසි වචන කියවා තේරුම්ගැනීමට තිබු අපහසුවයි.

ලෝකයේ පරිගණක මෘදුකාංග (මෙහෙයුම් පද්ධති) නිර්මාණය කරන ප්‍රධානතම සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමින් මෙම කාරණය පිළිබදව බොහෝදෙනා විමසා තිබෙන බවත් ඔවුන්ගෙන් එයට ලැබුණු ප්‍රතිචාර මොනවාදැයි පරිගණක ක්ෂේත්‍රයට අදාළ පොතපත කියවාබැලීමෙන් ඔබට ද තේරුම්ගත හැකිවේවි. මෙම ලිපියෙන් අප කතා කරන්නේ අඩු හෝ කිසිදු ඉංග්‍රීසි දැනුමක් නැති එහෙත් පරිගණකයක් හැසිරවීමට දැඩි ආශාවක් ඇති ඔබ නිසැකවම මවිත වන සුළු කාරණයක් සම්බන්ධ පුවතයි. මයික්‍රොසොෆ්ට් සමාගමින් නිකුත් කළ මයික්‍රොසොෆ්ට් විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල සංස්කරණයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගම එළිදක්වා තිබීමයි. විස්ටා මෙහෙයුම් පද්ධතිය තුළ ඔබට දැකගත ඇකි බොහෝ විදාන, සංවාද කොටු, මෙනු විධාන ආදී සියල්ලක්ම දඅන් දර්ශනය වන්නේ අපට හුරු පුරුදු සිංහල භාෂාවෙයි.

මෙය ඇත්තටම පුදුමයට පත්විය යුතු කාරණයක්, තවමත් අපට මෙය සිහිනයක් වුවත් එය සැබැවින්ම සිහිනයක් නොවන්නේ අප රටේ බොහෝදෙනා මෙම සංස්කරණය තම පරිගණකයේ පිහිටුවාගෙන ඇති බැවිනි. මෙය හදුන්වන්නේ භාෂාමය අතුරු මුහුණතක් හෙවත් Lnguage Interface Pack (LIP) යනුවෙනි. Lnguage Interface Pack යනුවෙන් හදුන්වන්නේ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක මෙන්ම මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි මෘදුකාංගයක දක්නට ලැබෙන අතුරු මුහුණත හෙවත් ඉන්ටර්ෆේස් එක එය භාවිත කරන්නාගේ භාෂාවෙන්ම දැන ගැනීමට ඉඩකඩ සලසාදෙන මෘදුකාංගයකි. බොහොවිට මෙහෙයුම් පද්ධතියේ ඇති ඉංග්‍රීසි භාෂාව මත පදනම් ව වුවත් මෙවන් LIP මෘදුකාංගයකින් සිදුවන්නේ එවන් මෙහෙයුම් පද්ධතියේ ඇති ඉංග්‍රීසි වචන වෙනුවට LIP එකෙහි ඇති වචන ආදේශ කරගැනීමයි.

මෙයි අවසන් ප්‍රතිඵලය වන්නේ ඉංග්‍රීසි මෙනුවිධාන ආදී සියල්ලම එයට අදාළ භාෂාවෙන්ම දැකගත හැකිවීමයි. මෙහි දැක්වෙන්නේ විස්ටා මෙහෙයුම් පද්ධතිය තුළින් මෙතෙක් කල් අප දැක ඇති කන්ට්‍රෝල පැනලය සිංහලිකරණය වි ඇති ආකාරයයි. තවදුරටත් සදහන් කරන්නේ නම් මෙතෙක් කල් වින්ඩෝස් මිඩියා ප්ලේයරය නමින් හැදින්වූ මෘදුකාංගය දැන් හදුන්වන්නේ මාධ්‍ය ධාවකය නමින් ය. විස්ටා මෙහෙයුම් පද්ධතිය තුළ දක්නට ලැබෙන කැලන්ඩරය දැන් දක්නට ලැබේන්නේ දින දසුන නමින්.

නමුත් මෙම LIP එක සහාය දක්වන්නේ වින්ඩෝස් විස්ටා 32bit සංස්කරණයට පමණි. එසේ නොමැතිව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙයට පෙර සංස්කරණය සමගත් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියේ 64bit සංස්කරණය සමග මෙය ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටින්නේ නුදුරු අනාගතයේදීම මෙම සංස්කරණවලට ද සහාය දක්වන LIP එකක් හදුන්වාදීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.
http://download.microsoft.com/download/2/5/5/2550BBB8-650F-4A34-AC2C-9F94DB23B013/LIP_si-LK.mlc යන වෙබ් අඩවියෙන් මෙම සිංහල අතුරු මුහුණත ඔබට download කරගත හැකිය. මෙය ඉතා කුඩා ප්‍රමාණයේ ෆයිල් එකක් වන නිසා එය ඔබට තවත් පහසුවක් වනවාට සැකයක් නැහැ.

අප මෙතෙක් වෙලාවක් සාකච්ඡා කලේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සිංහලීකරණය විම ගැනයි. තවත් ඔබ මවිතවන සුළු දෙයක් තිබෙනවා. ඒ මියික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සංස්කරණය ගැනයි. නුහුරු නුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් මෘදුකාංග විවෘත කරගෙන කල්පනා කර කර සිටීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. ඒ මෙම මාදුකාංගවල මෙතෙක් කල් දක්නට ලැබුණු මෙනු, ටැබ්ස් ආදී සියල්ලක් සදහාම සිංහල ප්‍රකාශ දැකගත හැකි නිසයි.

ඉහතින්ද සදහන් කළ ආකාරයට මෙම අතුරු මුහුණත තවමත් ක්‍රියාක්මක වන්නේ වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් හා අවුට්ලුක් මෘදුකාංග සදහා පමනයි. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය වර්ඩ් 2007 මෘදුකාංගයේ අතුරුමුහුණත හා නව සිංහල අතුරුමුහුණතයි.

Home යනුවෙන් දැන් තිබෙන්නේ මුල්පිට, Insert වෙනුවට තිබෙන්නේ ඇතුළු කරන්න යනුවෙනි, Header වෙනුවට ශීර්ෂකය, Footer වෙනුවට පාදකය, Page Setup වෙනුවට තිබෙන්නේ පිටු පිරිසැකසුම යනුවෙනි. තරමක අමුත්තක් ඇනුනත් ටික දිනකන් ඔබත් මෙම නව වෙනසට හුරුවේවි.

යම් වචනයක් මතට මවුසය ගෙනැවිත් right click කළ විට ලැබෙන pop up මෙනුව සිංහලකරණය වී ඇත. වර්ඩ් මෘදුකාංගය තුළ විශේෂිත ශබ්දකොෂයක් හෙවත් ඩින්ෂනරියක් භාවිත වනබව ඔබ දන්නවා ඇති. මේ වනතුරු මෙහි සිංහල වචන තිබුණේ නැහැ නමුත් මෙම LIP එක තුලින් සිංහල වචන සහිත ශබ්ද කෝෂයක් හදුන්වාදි තිබෙනවා. මෙහි ඇත්තේ අඩු වචන ගණනක් වුවත් තව වචන ඔබට අවශ්‍ය ගණනක් ශබ්දකෝෂයට ඇතුළත් කරගත හැකියි. අවුට්ලුක් මෘදුකාංගය තුලදී තැපැල. දින දසුන, කාර්යයන්, හමුවිම වැනි වචන ඔබට දැකගත හැකියි. ඔබේ පරිගණකයේ තිබෙන්නේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය වුවත් ඔෆීස් 2007 ස්ංස්කරණය පරිගණකයේ තිබෙන්නේ නම් http://www.microsoft.com/srilanka/office2007insinhala.aspx යන වෙබ් අඩවියෙන් මෙම මුහුණත Download කරගත හැකියි.

නමුත් සිංහල යුනිකේත භාවිතය ගැන ද යම්තරමක දැනුමක් ඔබට තිබෙන්නේ නම් එය ඔබට බොහෝ වැදගත් වේවි. එයට හේතුව වන්නේ සිංහල අක්ෂර වින්‍යාසය පරීක්ෂාව සිදුවන්නේ සිංහල යුනිකෝඩ ක්‍රමයට අනුව විමයි. පරිගණක වංශ කතාවේ මෙම යෝධ පිම්ම ගැන තවමත් බොහෝදෙනා දන්නෙ නැහැ. නමුත් මේ ආරංචිය දැන්වීමත් සමගම මේ ගැන බොහෝ විචාර අන්තර්ජාලයේ මෙන්ම පුවත්පත්වලත් පළවි තිබුණා. එහෙනම් මට සමුගන්න අවසර,

ස්තූතියි!.......

සුභ දවසක්

Comments

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව